🔴🔴 මහින්ද ඇතුළු 7ක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්නැයි අධිකරණයට පැමිණිල්ලක්

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ඊට ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිතීඥවරයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) පුද්ගලික පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

    1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (අ) වග්නිතය යටතේ මෙම පුද්ගලික පැමිණීල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අලුත්කඩේ විදිය කොළඹ 12 පදිංචි නිතීඥ සේනක පෙරේරා මහතා විසිනි.

    මෙම පෙත්සමේ විත්තිකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සනත් නිශාන්ත සහ මොරටුව නගර සභාවේ සභාපති සමන් ලාල් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන්ය.

    මෙම පෙත්සම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (13) කැදවුණු අවස්ථාවේදී මෙය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 17 වැනිදා කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    ඒ අනුව, ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 140, 144, 146, 149, 150, 154, 157, 314, 315, 316, 343, 483, 486 යන වගන්ති ප්‍රකාරව නිති විරෝධී රැස්වීමක් සිදු කිරීම හා එහි සාමාජිකත්වය දැරීම, කැරලි ගැසීමේ වරද සිදුකිරීම, රජයේ සේවකයකුට පහර දීමේ සහ බාධා කිරීමේ වරද, ජනතාව ප්‍රකෝප කිරීමෙන් කැරැල්ලක් ඇතිකිරීම, කලහයක් ඇති කිරිම, අන්තරාදායක ආයුධවලින් කැමැත්තෙන්ම තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී බිය ගැන්වීම යන වැරදි වගඋත්තරකරුවන් විසින් සිදුකර ඇතැයි පැමිණීල්ල දක්වා ඇත.

    මෙම සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කරන ලෙසත්, දණ්ඩ නිති සංග්‍රහයේ උල්ලංධනය කරන ලද වරදවල් සම්බන්ධයෙන් වන මෙම පරීක්ෂණයට අදාළව එම සැකකරුවන්ට වරෙන්තු හෝ සිතාසි නිකුත් කරන ලෙසටත් පැමිණීල්ල අධිකරණයෙන් ඉල්ලා ඇත.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    883
    1,094
    93
    271785884_464312611804839_5973587330509150098_n.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,170
    1
    2,656
    113
    දන්න විදිහටනං, ව්‍යවස්ථා වෙනස් නොකර ඕක කරන්න බෑ....,
    no there is no immunity to PM or any other person .
    There is ample evidence to arrest ex PM , MR
    If this happened in any place other than Temple Trees already the person who was in charge of the house where people got long clubs (they did not bring to Temple Trees as the crowd entering Temple Trees were shown live!
    other than ex PM , jhnston was seen aiding and abetting this illegal assembly.
    All the members of illegal assembly will be liable for all the offences committed by any person!
    So MR can be arrested and also charged but who will give evidence ? will depend on proof. We know what Duminda did to change evidence but could not change it 100% and convicted to be pardoned. So ....
    last not least , above is law but lot depend on Magistrate too.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    15,932
    3
    94,316
    113
    Gampaha

    ඒත් මම දන්න තරමින්,
    ලංකාවෙ දැනට පවතින නීතියට අනුව, ජනාධිපති කෙනෙක්ව හෝ හිටපු ජනාධිපති කෙනෙක්ව උසාවියකටවත් ගෙන්නන්න බෑ.

    ව්‍යවස්ථා සංශෝධනය කරොත් සමහරවිට පුලුවන් ඇති.
    ඒකනෙ කිසිම කෙනෙක් ඒක කරන්නෙ නැතුව පස්සට ඇද ඇද හිටියෙ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,170
    1
    2,656
    113
    ඒත් මම දන්න තරමින්,
    ලංකාවෙ දැනට පවතින නීතියට අනුව, ජනාධිපති කෙනෙක්ව හෝ හිටපු ජනාධිපති කෙනෙක්ව උසාවියකටවත් ගෙන්නන්න බෑ.

    ව්‍යවස්ථා සංශෝධනය කරොත් සමහරවිට පුලුවන් ඇති.
    ඒකනෙ කිසිම කෙනෙක් ඒක කරන්නෙ නැතුව පස්සට ඇද ඇද හිටියෙ...
    No. Immunity applies only to sitting president, not at all to retired president. Even official things he did while in office not covered in immunity!!
    read Article 35 of Constitution
    35. (1) While any person holds office as President, no proceedings shall be instituted or continued against him in any court or tribunal in respect of anything done or omitted to be done by him either in his official or private capacity.

    Apart from this this provision has no application for past wrongs before he become president, but unfortunately High Court in Gota's infamous Museum fraud case Ali Sabry made submission that this applies to past wrongs and president was acquitted from the case just one day after he was appointed even before he took oath!
    Under SL law Constitution can only be interpreted by Supreme Court not high Court. But these were not taken by our legal experts even now!!
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    4,198
    10,862
    113
    අපි ඔහොම වැරැද්දක් කරත් පොලීසියට අල්ලන්න බැරුව ඇති. කවුරු හරි උසාවි ගිහින් නියෝග ගන්න ඕන ඇති.

    වේස රටවල් වල වේස සිස්ටමි. මහ ලොකු නීතියේ සාධාරණත්වය. ආච්චිගෙ රෙද්ද 😂
     
    • Like
    Reactions: Any.key and TCB Rox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,336
    4,873
    113
    ඒත් මම දන්න තරමින්,
    ලංකාවෙ දැනට පවතින නීතියට අනුව, ජනාධිපති කෙනෙක්ව හෝ හිටපු ජනාධිපති කෙනෙක්ව උසාවියකටවත් ගෙන්නන්න බෑ.

    ව්‍යවස්ථා සංශෝධනය කරොත් සමහරවිට පුලුවන් ඇති.
    ඒකනෙ කිසිම කෙනෙක් ඒක කරන්නෙ නැතුව පස්සට ඇද ඇද හිටියෙ...
    දූරය දරපු කාලෙ කරපු දේවල් වලට විතරයි අදාල
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,170
    1
    2,656
    113
    දූරය දරපු කාලෙ කරපු දේවල් වලට විතරයි අදාල
    Not for all the things that he did while in office. Immunity applies to only during the Time of office. Not for all things he did while being President eg if president takes a bribe while in office he cannot be prosecuted but when his terms finishes (retirement/loose election) he can be taken to court like any other person.
    Read what I have quoted from Constitution.