🔴 ආන්ඩුව වැඩ පෙන්නයි. අත්පිට මුදලට මියන්මාරයෙන් හාල් මිලදී ගැනීමට යයි

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    ඉතිරි ෆයිසර් දි මියන්මාරයෙන් හාල් ගන්න යයි​


    මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.

    මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි.

    මෙම ෆයිසර් එන්නත් තොගය තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතය.

    මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15ක ආධාර දැනටමත් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය පොදු ගිණුමටද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පසුගිය සතියේ දී ලබා දුන් බව පැවසූ අන්වර් හම්දානි මහතා ඕමානය කටාර්, ඩුබායි යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද කොරියාව ඉතාලිය කැනඩාව යන රටවල ශ්‍රී ලාංකික නායක ස්වාමීන් වහන්සේලාද ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට උදව් කරමින් සිටින බව ප්‍රකාශ කළේය.

    https://www.lankadeepa.lk/news/ඉතිරි-ෆයිසර්-දි-මියන්මාරයෙන්-හාල්-ගන්න-යයි/101-614989
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    එදා වේල කන්න නැති දුප්පත් ගෙදරක තැනට වැටිල දැන්. භාණ්ඩ හුවමාරුවෙන් කරගන්න බලනවා දවසක් දෙකක්. ඊට පස්සෙ ගේ, ඉඩම උගස් තියනවා. ඒව සින්න උනාට පස්සෙ පාරට වැටෙනවා. හිඟා කනවා. හිඟා කන්න නැති උනොත් පාරෙ මැරිල යනවා.
     

    Similar threads