🔴 කුණාටුවට රට පෙර සූදානම් නොකලාට නීතිඥ මඬුල්ලක් නඩු මගට 🔴

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර තිබියදී ඊට අදාළව සාධනීය පියවර නොගැනීම සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම පිළිබඳව සලකා බැලීමට නීතිඥ මඬුල්ලක් සැරසෙන බව වාර්තා වේ.

    එමෙන් ම, මෙම ආපදාවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් නීති ආධාර ලබා දීමටත්, හදිසි නීතිය යටතේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව කටයුතු කිරීමට ද මෙම නීතිඥ කණ්ඩායම සූදානම් වෙයි.

    ෆ්‍රී ලෝයර්ස් (නිදහස් නීතිඥයො) නමින් වන මෙම නීතිඥ මඬුල්ල ඊයේ (දෙසැ. 5) කොළඹ නිපොන් හෝටලයේදී රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම නීතිඥ හමුව සංවිධානය කර ඇත.

    මෙවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා නිල බලය ඇති පුද්ගලයන් සිය වගකීම පැහැරහැරි බවට චෝදනා එල්ල වන බැවින් ඔවුන්ට එරෙහිව ගත හැකි පියවර පිළිබඳව මෙම නීතිඥයන් කරුණු අධ්‍යයනය කිරීමට නියමිත ය.

    මෙම නීතිඥ මඬුල්ලේ කැඳවුම්කරු ලෙස නීතිඥ ගුණරත්න වන්නිනායක පත් කර ඇති අතර ඊට ජනාධිපති නීතිඥයන් ඇතුළු ජ්‍යෂ්ඨ නීතිඥයන් ගණනාවක් ඇතුළත් බව සඳහන් වේ.

    මේ අතර විෂය ප්‍රවීණයන් පවසන්නේ, ආපදා තත්ත්වයකදී රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා නිල බලය ඇත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට බව ය.


    මෙවැනි ආපදා තත්ත්වයකට සූදානම් වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්ත ලද සැණින් ක්‍රියාත්මක වීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් 2023 වර්ෂයේ සිට සකස් කොට ඇති අතර මෙරටට බලපෑ හැකි සුනාමි, සුළි කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ස්වාභාවික ව්‍යසනයන්හිදී ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කර ඇත්තේ, 2005 ආපදා කළමනාකරණ පනත යටතේ සකස් කරන ලද ‘ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම’ 2023- 2030 පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇත.

    ඒ එවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රමුඛත්වය මත වසර කිහිපයක නිරීක්ෂණ සහ සමීක්ෂණයන් ඔස්සේ ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින් 2023 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා වූ කාලසීමාවේ ආපදාවකට කටයුතු කරන ආකාරය පිළිබඳ දැක්වෙන “ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම” (National Disaster Management Plan) සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ද ලබාගෙන ඊට නෛතික බලයක් ගෙන ඇත.

    එසේ ම, එය ක්‍රියාත්මක කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන “ජාතික හදිසි ආපදා ක්‍රියාකාරී මෙහෙයුම් සැලැස්ම” (National Emergency Operation Plan) මීට සමගාමීව සකස් කොට ඇත.

    මීට අමතරව 2005 ආපදා කළමනාකරණ පනතද මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට රාජ්‍ය යාන්ත්‍රණය සකස් කළ යුතු ආකාරය දක්වා ඇත.

    කෙසේ නමුත්, මෙම පනත, මෙම සැලසුම සේම, එම සැලසුම ක්‍රියාවට නංවන ජාතික මෙහෙයුම යන නෛතික කාරණා ත්‍රිත්වයම මෙහිදී නොසලකා හැර ඇති බව නිරීක්ෂණය වන බවද “මව්බිම”ට අදහස් දැක්වූ නම හෙළිදරව් කිරීමට අකැමැති විෂය ප්‍රවිණයෙක් සඳහන් කරයි.

    මෙය එක් ආයතනයකට පමණක් තනිවම සිදු කිරීමට නොහැකි නිසා මෙම යාන්ත්‍රණය තුළ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා යන තනතුරු දෙක සඳහා විශාල වගකීමක් පැවරෙන බව ද මෙම විෂය ප්‍රවීණයා සඳහන් කරයි.

    කෙසේ වෙතත්, එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.​

    කෙසේ වුවද, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගෙන් කළ විමසුමකදී ඔහු එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, මෝසම් වැසි සම්බන්ධයෙන් දැනුවත් කර ඊට අවශ්‍ය පියවර ගත් බව ය.​

     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මෙන්න මරු ත්‍රෙඩ්. Save කරලා තියාගන්න ඔනී අවුරුද්ද ගානේ උඩට අදින්න.🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    සීයාගේ කල්ලිය. ඕවා ඉතින් රටට ආදරේ නිසා කියලා හිතන්න අමාරුයි
    රටට ආදරේ නම් කුණාටුව එන්න කලින් ඒක මිනිහෙක් ගේ හරි ජීවිතයක් බේරා ගන්න බලනව එක තමා රටට ආදරෙයි කියන්නේ.

    ඔය දැන් රටට ආදරෙයි කියලා නාට්‍ය පෙන්වන අය තමා ඉස්සර රටම ගිනි තිබ්බේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    රටට ආදරේ නම් කුණාටුව එන්න කලින් ඒක මිනිහෙක් ගේ හරි ජීවිතයක් බේරා ගන්න බලනව එක තමා රටට ආදරෙයි කියන්නේ.

    ඔය දැන් රටට ආදරෙයි කියලා නාට්‍ය පෙන්වන අය තමා ඉස්සර රටම ගිනි තිබ්බේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    රටට ආදරේ නම් කුණාටුව එන්න කලින් ඒක මිනිහෙක් ගේ හරි ජීවිතයක් බේරා ගන්න බලනව එක තමා රටට ආදරෙයි කියන්නේ.

    ඔය දැන් රටට ආදරෙයි කියලා නාට්‍ය පෙන්වන අය තමා ඉස්සර රටම ගිනි තිබ්බේ
    Namal 20029
     
    • Haha
    Reactions: SDCR

    shenat

    Well-known member
  • May 13, 2007
    58,786
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ෆ්‍රී ලෝයර්ස් (නිදහස් නීතිඥයො)😹

    කැඳවුම්කරු නීතිඥ ගුණරත්න වන්නිනායක 😹

    Free කියන්නෙ රනිල්ට හිරිකොතේදි free පුක ඔෆර් කරන එක වෙන්න ඇති.

    තැන්කියු රනිල් බලකායෙ දෙවෙනි එක 🙈😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෛතික පියවර ගැනීම පිළිබඳව සලකා බැලීමට නීතිඥ මඬුල්ලක් සැරසෙන බව වාර්තා වේ.
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා 😀

    නඩු දැම්මට පස්සෙ නිව්ස් ලියපල්ලා 🤌
     
    • Haha
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,551
    113
    35
    Spain
    අන්න කාලගුනේ ලොක්කා කියනවා පොර කිව්වේ මේ කුනාටුව ගැන නෙවේ ලු 😂
    මේ ආණ්ඩුව ගැන විශ්වාසය තියන්න පුළුවන් මොළේ මොකක් හරි අඩුවක් ඇති එකෙක්ටත්, ආණ්ඩුවෙන් යැපෙන එකෙක්ටත් විතරයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    සීයාගේ කල්ලිය. ඕවා ඉතින් රටට ආදරේ නිසා කියලා හිතන්න අමාරුයි
    ඒ උනත් මේක කරනවානම් හොදයි.. අයම මේවගේ දෙයක් නොවෙන්න මොකක් හරි දෙයක්වත් මතු වෙයිනෙ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113
    මේ ආණ්ඩුව ගැන විශ්වාසය තියන්න පුළුවන් මොළේ මොකක් හරි අඩුවක් ඇති එකෙක්ටත්, ආණ්ඩුවෙන් යැපෙන එකෙක්ටත් විතරයි.
    2025 නොවැම්බර් එකව්න්ට් අටවගත්ත දේසපාලන විතරක්ම මේකෙ කරන උංගෙ කතා තමයි දැන් අපි අහන්න ඕන නේද 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: SDCR and cmtwap