ඒ අනුව covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නම් කරන ලද පුද්ගලයන්ට සහ හදිසි සේවා සඳහා පමණක් පොලීසිය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කරනු ලබයි.
අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කරනු ඇත.
සෙසු කිසිදු පාර්ශවයකට ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා නියෝග කර ඇත.
මිරිහාන පොලිසිය ඉදිරිපිටින් ජනාධිපතිවරයා අද ගමන් කරන විට ඒ ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබී ඇත.
ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් විමසා බැලීමේදී දැනගන්නට ලැබී ඇති ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීම සඳහා ලබාගැනීම සඳහා පොලිසිය ඉදිරිපිට පෝලිමේ සිටින බවයි.

hal kanna be ban
