🔴 තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    image_4dbd98b715.jpg


    "ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් "සක්විත්තෙක්"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි.

    මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

    සැකකරු උපාධිධාරියු, ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති සැකකරු දකුණු පළාතේ ප්‍රධාන ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කර ඇත.

    එම කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවී මත පොලිස් අධිකාරි අනුරපේමරත්න,ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් වීරසේකර,උප පොලිස් පරීක්ෂක තිවංක සනත් ඉදිරිසිංහ සහ පොලිස් කොස්තාපල් ( 93012) ලහිරු,පොලිස් කොස්තාපල් ජයරත්න,රණසිංහ,බණ්ඩාර සහ මහෝදා නිලධාරිනීන් මෙම මෙහෙයුමට එක් වී ඇත.

    මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන් වෙතොත් ඒ එම පුද්ගලයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාලගත විමර්ශන ඒකකය දැනුම් දී සිටින අතර ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම කොට්ඨාසය පියවර ගැනීමට සූදානම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය
     

    Sen-lu

    Well-known member
  • ඕන ගාන හොයාගෙන සල්ලි වලට citizenship එකක් අරන් පනින්නෙ නැතුව අහවල් අලයක් කන්න මෙහේ ඉන්නවද මන්ද.

    ලංකාවෙ මෝඩයොන්ට කීවට වැඩකුත් නැති එකේ. මෙහෙම හොරු හරි ගොඩ යන එකට සතුටු වෙන්න තමා තියෙන්නෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕන ගාන හොයාගෙන සල්ලි වලට citizenship එකක් අරන් පනින්නෙ නැතුව අහවල් අලයක් කන්න මෙහේ ඉන්නවද මන්ද.

    ලංකාවෙ මෝඩයොන්ට කීවට වැඩකුත් නැති එකේ. මෙහෙම හොරු හරි ගොඩ යන එකට සතුටු වෙන්න තමා තියෙන්නෙ.
    Dubai පැන්නත් මදෑ 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඕන ගාන හොයාගෙන සල්ලි වලට citizenship එකක් අරන් පනින්නෙ නැතුව අහවල් අලයක් කන්න මෙහේ ඉන්නවද මන්ද.

    ලංකාවෙ මෝඩයොන්ට කීවට වැඩකුත් නැති එකේ. මෙහෙම හොරු හරි ගොඩ යන එකට සතුටු වෙන්න තමා තියෙන්නෙ.

    පිටරටවල් වල ගියාම සුද්දො රවල බලනව, සලකන්නෙ නෑ කියපු ඒව අහපු වියළි කලාපෙ තව බයියෙක්ද කොහෙද. ලංකාව තමයි සල්ලි තියෙනව නං හොඳම රට කියල කියපු එක අහලා ඉඳලා 😹😹😹

    ඕන ගොනෙකුට බයියො ටික අන්දලා හරි රටේ බංකොළොත් බවෙන් ප්‍රයෝජන අරන් හරි සල්ලි ටිකක් ගොඩගහගන්න පුලුවන් උනාට එතනින් එහාට දෙයක් කරන්න මොලේ දෙන්න බැහැනේ. 🤣🤣
     
    • Haha
    Reactions: Sen-lu