🔴 පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් සිය ගණනක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ වාර්තා පවසයි.

    එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බවද පැවසෙයි.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.

    නමුත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන් වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.

    කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරය "නිවැරදි අවි සහ නිරවද්‍ය බුද්ධි තොරතුරු මත" සිදු කළ බවත්ය.

    ඊයේ (26) හමාස් සංවිධානය විසින් රෆා සිට ටෙල් අවීව් නගරය දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණි.

    එම ප්‍රහාරය ජනවාරි මාසයෙන් පසු එල්ල කළ පළමු දිගු දුර ප්‍රහාරය බවද සඳහන් වෙයි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ජාත්‍යන්තර අධිකරණ නියෝගය ඉවත දමා ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ප්‍රහාර

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හමාස් එවුන් කඳවුරු අස්සේ, මිනිස්සු අස්සේ ඉඳන් ගහන්නේ
    උන්ගේ එවුන් හැංගිලා ඉන්නේ මිනිස්සු වටකරන්. හරියට අර කොටි ප්‍රභාකරන් වගේ
    ඉතින් ඊට පස්සේ ගුටි කාල උන්ට බනිනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හමාස් එවුන් කඳවුරු අස්සේ, මිනිස්සු අස්සේ ඉඳන් ගහන්නේ
    උන්ගේ එවුන් හැංගිලා ඉන්නේ මිනිස්සු වටකරන්. හරියට අර කොටි ප්‍රභාකරන් වගේ
    ඉතින් ඊට පස්සේ ගුටි කාල උන්ට බනිනවා
    මිනිස්සුත් උන්ට සපෝට්.. කලින් ඊශ්‍රායලේ නිරායුධ මිනිස්සුන්ව හමාස් එවුන් මරන කොට ඔය සිවිල් වෑසියෝ කියන එවුන් කොච්චර සතුටු වුනාද
     
    • Love
    Reactions: ChoronaSottiya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    Screenshot-20240527-203634-Chrome.jpg
     
    • Angry
    Reactions: ChoronaSottiya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    මේ statement එක ගැන පොඩි පැහැදිලි කිරීමක් බලන්න කැමතියි උබ ට කරදරයක් නැත්තං.
    ඕක මම අහලා තියෙන කතාවක් මාරයා අල්ල වගේ පෙනී හිටියා කියන එක.