ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ වාර්තා පවසයි.
එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බවද පැවසෙයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.
නමුත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන් වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරය "නිවැරදි අවි සහ නිරවද්‍ය බුද්ධි තොරතුරු මත" සිදු කළ බවත්ය.
ඊයේ (26) හමාස් සංවිධානය විසින් රෆා සිට ටෙල් අවීව් නගරය දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණි.
එම ප්‍රහාරය ජනවාරි මාසයෙන් පසු එල්ල කළ පළමු දිගු දුර ප්‍රහාරය බවද සඳහන් වෙයි.