🔴"බැංකු පද්දතිය බංකොලොත් වේවි..." - සුනිල් හඳුන්නෙත්ති😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    රජය බැංකු පද්ධතිය ද බංකොලොත් කිරීමේ කටයුත්තක් සිදුකරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවතීම ජාතික ජන බලවේගයෙ ආර්ථික කවුන්සිල මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    දවස් තුනකට වඩා බැංකු පද්ධතියේ නිවාඩු දීම් නිසා ජාත්‍යන්තර ව්‍යාපාර කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙනවා. සාමාන්‍යයෙන් දින තුනකට වඩා බැංකුවලට නිවාඩු නොදීමේ මේ සම්ප්‍රදාය ආණ්ඩුව කැඩුවා. බැංකු නිවාඩුවක් නොවූ 30වැනිදා ගැසට් නිවේදනයකින් බැංකු නිවාඩුවක් කළා. මේ විදිහට බැංකු නිවාඩු දෙන්නේ ඇයි කියලා බැංකු ප්‍රධානීන් දන්නේත් නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැංකු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ආර්ථිකය බංකොලොත් කළ ආණ්ඩුව ඊට උත්තර සොයනවා වෙනුවට, ජනතාව තුළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය කර, බැංකු පද්ධතියත් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන යනවා. බැංකු පවතින්නේ විශ්වාසයත් එක්ක. තැන්පත්කරුවන්, ණය ගන්නා අය, බැංකුත් එක්ක ගනුදෙනු කළ යුතු විශ්වාසය වෙනුවට සැකයක් ඇති කරනවා නම්, ජනතාව ඊට ප්‍රතික්‍රියා දක්වන එක වළක්වන්න බැහැ. මේ දින පහ ඇතුළත පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවා තිබෙනවා. අයවැය විවාදය අතරතුරවත් සාමාන්‍යයෙන් ඉරිදා දවසේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. ප්‍රංශ සවාරියෙන් පසු ජනාධිපති එන්නේම, පාර්ලිමේන්තුව රැස්කර ණය කපා හැරීමේ ක්‍රියාවලිය අනුමත කරගන්නා බව වාර්තා වෙනවා.

    මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන මේ ගැටලුකාරී තත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්න ඕනෑ. ණය කපා හැරීමෙන් ඇතිවන තත්වයට වඩා අතුරු ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් මෙයින් ඇති විය හැකියි. ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ මහජනතාවට ඇති කරන සැකය රුපියල ශක්තිමත් කිරීම නැමති ක්‍රියාවලියේදී ආණ්ඩුව සිදුකළා. මේ මුළු ක්‍රියාවලිය විසින්ම බැංකු පද්ධතිය පිළිබඳව සහ තමන්ගේ ස්ථාවර ගිණුම්, ලැබෙන පොලිය සහ වෙනත් තැන්පතු පිළිබඳව මේ වන විටත් අවිශ්වාසයක් ඇති කර තිබෙනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කළ ප්‍රකාශයෙන් මේ තත්වය තවත් තීව්‍ර කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා කතා කරන්නේ ඒ වගකීම දරාගෙන නොවෙයි. ස්ථාවර තැන්පතුවලට කිසිවක් නොවන බවත්, පොලිය අඩු නොවෙන බවත් ඔහු කියනවා. ඔහු බැංකු නිවාඩු දීලා කරන වැඩේ රටට කියන්නේ නැහැ. මේ සැඟවීම විසින්ම බොහෝ දෙනෙකු තුළ සැකයක් මතු කරනවා. ආණ්ඩුව කරන්නේ බැංකු පද්ධතිය ශක්තිමත් කරන කටයුත්තක් නම්, අර්බුදය විසඳන්න ක්‍රියාමාර්ග තේරීමක් නම් අවංකව කියන්න බැරි ඇයි? ඔවුන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ සීල් එක මේ ක්‍රියාවලියට ගහගන්නයි. එයට විපක්ෂයත් හවුල් කර ගන්නා බව හර්ෂ ද සිල්වා ඇතුළු උගුරට හොරා බෙහෙත් කන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ විවාදයේදී ඔවුන් මඟහැර ගියා.

    මුදල් පිළිබඳ කාරක සභාවේ ප්‍රධානී හැටියට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කරන ප්‍රකාශවලින් පේන්නේ අවසානයේදී ඔවුන් ආණ්ඩුවේ එකඟතාවයට යන බවයි. ප්‍රතිපත්තිමය වශයෙන් ඒ ක්‍රියාවලියට ඔවුන් හවුල් වී තිබෙනවා. හදිසියේ අණපනත් ගේන්නේම, නිවාඩු දෙන්නේම රටට අහිතකර, ජනතාවට අහිතකර, ක්‍රියාමාර්ගවලදීයි. ණය තොගයෙන් කොටසක් කපා හැරිය හැක්කේ, පොලිය කපා හැරිය හැක්කේ ආණ්ඩුව වැඩිම ණය අරගෙන තිබෙන රාජ්‍ය බැංකු පද්ධතිය තුළින්. ඒවායේ තිබෙන්නේ විශ්‍රාමිකයන්ගේ ගිණුම් වගේම දුක් මහන්සියෙන් හම්බකරන ජනතාවගේ තැන්පතු මුදල් මිස කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ මුදල් නොවේ. පිටරට බැංකුවල, පැන්ඩෝරා ගිණුම්වල, ස්විස් ගිණුම්වල, සල්ලි දාපු අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රාජ්‍ය ව්‍යාපාර බංකොලොත් කර, ඒවා විකුණා දමා, එයින් හම්බකර ගත් කට්ටිය ඉතිහාසය පුරාම පිටරට ගිණුම්වල සල්ලි දමා තිබෙනවා. ඔවුන්ගේ ජීවිත සහ පුරවැසිභාවය තිබෙන්නේ ශ්‍රී ලංකා පොළොවේ නොවෙයි. ප්‍රශ්නය බලපාන්නේ මේ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ට. බැංකු පද්ධතිය අවදානමට ලක්කර, මූල්‍ය අස්ථාවරත්වයක් ඇති කිරීම අදට වඩා බලපාන්නේ අනාගතයේදී. අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම් වගේම රාජ්‍ය බැංකු පද්ධතියත් අස්ථාවර කිරීම ඉදිරියේදී බරපතළ ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට සිදුවෙන ප්‍රශ්නය තනි තනි ගිණුම් හිමියන්ට බලපානවාට වඩා ප්‍රබලයි. මේක රටේම ප්‍රශ්නයක්. ණය අර්බුදය ගැන අවංකව, විනිවිදභාවයකින් ජනතාවත් සමග සාකච්ඡා නොකරන ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා. පාලකයන්ගේ කාලය ඉවරවුණාම, ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ යනවා. නමුත් අවසානයේ වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්න කොට ආණ්ඩුව කීවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයත් එක්ක, ජපානයත් එක්ක, ඉන්දියාවත් එක්ක කතා කර විසඳා ගන්නා බවයි. මුලදී දේශීය ණය කපාහැරීමක් ගැන කතා කළේ නැහැ. දැන් විදේශීය ණය කපා හැරීමක් ගැන කතා නොකර, කොලේ වහලා දේශීය ණය කපා හැරිමකට සූදානම් වෙනවා.

    මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තිබෙන, දැනුමක් තිබෙන වෘත්තිකයින්ගෙන්, කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් වගේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගිණුම ගැන පමණක් නොසිතා සමස්තයක් හැටියට සිතා බලන ලෙසයි. මේ අවදානමට ලක්කිරීම ඉතා බරපතළයි. කළු සල්ලි සුදුකිරීමේ කටයුත්තක් මේ තුළ සිදුකරන්න ඉඩ තිබෙනවා. බැංකු අවදානමකට ලක්වෙන කොට, එම බැංකුත් උත්තර සොයන්න ඕනෑ. බැංකුවල හිමිකාරිත්වය ආක්‍රමණය කිරීමකට බලා ඉන්න ජාත්‍යන්තර සහ දේශීය කළු සල්ලි ජාවාරම්කරුවන්ට ඒක හොඳ අවස්ථාවක් වෙනවා. සිදුවිය හැකි තවත් භයානක දෙයක් ඒක. ආණ්ඩුව මේ කරන්න යන්නේ පාර්ලිමේන්තුවෙන් හිස් චෙක්පතකට අත්සන් ගන්නවා වගේ වැඩක්. ආණ්ඩුව කරන දේ රනිල් වික්‍රමසිංහ, නන්දලාල් වීරසිංහ, ඇතුළු සුළු පිරිසක් දන්නවා. කරන්න යන දේ මූල්‍ය පද්ධතියේ ප්‍රධානීන් හෝ ආණ්ඩුව පත්කර සිටින බැංකු අධ්‍යක්ෂවරුන් දන්නේ නැහැ.

    – Media unit-

    -LCN-
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    Ponson, will that asteroid wipe us out?

    hue hound GIF
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    jeppo kawadda positve deyak kiwwe bung im not even surprised
    පොසිටිව් දේවල් කිව්ව එවුන් කරපු දේවල් කියපන් බලන්න.. අර ඇරපු රෝහිතගේ රොකට් එකට එහෙම මොකක් උනාද දන්නේ නෑ.. 🤭
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    පොසිටිව් දේවල් කිව්ව එවුන් කරපු දේවල් කියපන් බලන්න.. අර ඇරපු රෝහිතගේ රොකට් එකට එහෙම මොකක් උනාද දන්නේ නෑ.. 🤭
    baiyek ho toiyek nemei man 🥴 eka huttekwath adala na
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    GLP and Champika also said So just to scare people and have a Run on Banks. Shame Politics! Bane of the country. JVP always want to rock the boat and that is their strength from Universities to National Politic
    SBJ is also opposing DDO without an option being put forward like NPP
     
    • Like
    Reactions: Asmodeus and monson