🔴 ලංකාවේ දූෂණ ඉහ වහා ගිහින්... - IMF

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    👉ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා ලෝකයේ අනෙක් රටවල සාමාන්‍යයෙන් වැය වෙන මුදලට වඩා තුන් ගුණයක් වැය වෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.

    දූෂණයට එරෙහි වීමට වසර 50 කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව උත්සාහ කළත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව පසුගිය 30 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ දැක්වේ.

    වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය 1975 වසරේදී ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ අවංකභාවය නිරීක්ෂණය කිරීම සඳහා නීතිමය රාමුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට හඳුනාගෙන තිබූ බවට සාක්ෂි සපයන බව එම වාර්තාවේ සඳහන් වේ.

    ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම කාලයේදී ලබා ගත් තොරතුරු මත මෙරටට තාක්ෂණික සහාය ලබා දීම සඳහා මෙම වාර්තාව සකස් වී තිබේ.රාජ්‍ය පාලනයේදී මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 16 ක්ද මෙම වාර්තාවට ඇතුළත් වී තිබේ.මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ දූෂණය කෙතරම් ඔඩුදුවා ඇත්දැයි යන්න පිළිබඳවත් ඒ සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවේ ගෙන ඇති ක්‍රියාමාර්ගත් අනාගතයේදී ගත යුතු ක්‍රියා මාර්ගත් පිළිබඳව මෙම වාර්තාවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.

    ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා ලෝකයේ අනෙක් රටවල සාමාන්‍යයෙන් වැය වෙන මුදලට වඩා තුන් ගුණයක් වැය වෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.එසේම රජය සතු ව්‍යවසායන්හීද දුෂණ ක්‍රියා සම්බන්ධ ගැටලු රැසක් මතු වී තිබෙන බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.පාලනය සහ දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටළු ජාතික සහ සමාජ යහපැවැත්ම අඩාල කර ඇති බවත් රජයේ ඉහළ නිලධාරීන් දූෂණ ක්‍රියා සිදු කරමින් විනාශකාරී ලෙස හැසිරුණත් ඔවුන්ට දඬුවම් නොලැබෙන බව මෑත කාලයේදී සාක්ෂි ලැබී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

    අල්ලස් හෝ දුෂණ විමර්ශන චෝදනා විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලබන කොමිසමට අධ්‍යක්ෂක ජනරාල් වරයෙකු සහ කොමසාරිස්වරුන් පත් කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට සහයවීමට දූෂණ විරෝධී විශේෂඥයින්ගෙන් සමන්විත ස්වාධීන උපදේශන කමිටුවක් ලබන නොවැම්බර් මස වන විට පත් කළ යුතු බව එම වාර්තාවේ ඇතුලත් වන එක් නිර්දේශයකි.දූෂණ විරෝධී පනතට අදාලව නම් කරන ලද වෙබ් අඩවියක ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් ලබන වසරේ ජූලි මස වන විට ප්‍රකාශයට පත් කිරීම තවත් එක් නිර්දේශයකි.එසේම ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා නීති ලබන වසරේ දෙසැම්බර් මස වන විට හඳුන්වා දිය යුතු බවද වාර්තාව මගින් නිර්දේශ කර ඇත. පාර්ලිමේන්තුවේ පෙර අනුමැතිය නොමැතිව අමාත්‍යවරුන් බදු සංශෝධන සිදු කිරීම වෙනස් කිරීම සඳහා නව බදු නීති හඳුන්වා දිය යුතු බවත් එමගින් අමාත්‍යවරුන්ගේ තීරණ හේතුවෙන් රජයට අදායම අහිමි වීමක් සිදු නොවන බවට වග බලාගත යුතු බවත් එම වාර්තාවේ ඇතුලත් තවත් එක් නිර්දේශයකි.

    ශ්‍රී ලංකා රජය අයවැයෙන් වෙන්කර ඇති වියදම් සීමා ඉක්මවීමත් අයවැයෙන් ඇස්තමේන්තු කර ඇති ආදායම රජයට එකතුකරගත නොහැකි වීමත් මූල්‍ය පාලනයේ ප්‍රධාන දුර්වලතාවයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම වාර්තාව පෙන්වා දී තිබේ.රජයේ විධායක අංශයට අයවැය සීමා ඉක්මවමින් වියදම් කිරීමට හැකියාව ලැබෙන විට රටේ දුෂණ ඇතිවීමේ අවදානමක් මතු වන බවද එම වාර්තාවේ දැක්වේ.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාලනයේ තිබෙන දුර්වලතාවයක් ලෙස බලධාරීන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

    දේශීය ආදායම් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු තුළ නිලධාරීන් 2000 වැඩි පිරිසක් සේවය කළත් පසුගිය වසර කිහිපය තුල දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කිසිඳු නිලධාරියෙකුට විරුද්ධව දූෂණ චෝදනාවක් ගොනු වී නොමැති නමුත් එම දෙපාර්තමේන්තු තුළ දූෂණ ක්‍රියා සිදුවන බව ඇතැම් නිලධාරීන් පිළිගෙන තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

    දූෂණ ක්‍රියා සම්බන්ධව 2019 වසරේ සිදුකළ අධ්‍යනයකදී එම අධ්‍යනයට සහභාගී කරවාගත් නියැඳියෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසකට දූෂණය පිළිබඳ සෘජු අත්දැකීම් තිබූ බව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.එසේම රජයේ නිලධාරීන් බඳවා ගැනීමේදී සහ රජයේ කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී දූෂණ ක්‍රියා බහුලව සිදුවන බව ඉන් ඉන් සියයට 85 කට වැඩි පිරිසක් ප්‍රකාශ කළ බව එම වාර්තාව පෙන්වා දෙයි.එම පිරිසෙන් සියයට 36 ක් රජයේ නිලධාරියෙකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් තවත් සියයට 35 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් එම අධ්‍යනයයේදී හෙළි වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

    https://www.lankadeepa.lk/news/ලංකාව-තුළ-දූෂණ-තවමත්-ක්%E2%80%8Dරියාත්මකයි/101-640749
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය ඉතින් IMF කාරයෝ ද්‍රොහියො වෙන්න යන්නේ