🔴 ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කියූ ඇමති හරින්ට නඩු දැමීමට සියල්ල සූදානම්..Keheliya Part 2 ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

    අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ‍එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

    එම ප‍්‍රකාශය හරහා අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබාදෙන දිවුරුම කඩ කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා මෙරට ස්වෛරීභාවය උල්ලංඝනයන කරන බවත් එම හේතු මත අමාත්‍යවරයාට එරෙහිව නුදුරු දිනයක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවද තවදුරටත් කියා සිටියේය.

    -LCN-
     
    • Like
    Reactions: eksudda