🔴 ශම්මිව එලවන ජාත්යන්තර පෙත්සමට ඔබත් සහභාගී වන්න ඉක්මනට...👉 www.universe.lk

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ක්‍රිකට් පෙත්සම

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ හා වංචා පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමේ ජනතා පෙත්සම

    • ෂම්මි සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලන බලය අවලංගු කර නව අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන තිබෙන තීරණය පහත අත්සන් තබන අප සැම අනුමත කරන්නෙමු.
    • ලෝකය හමුවේ ශ්‍රී ලංකාව හදුනාගැනීමේ සන්නාමයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පෙරමුණ ගෙන තිබුණි.​
    • පසුගිය කාල වකවානුවේ දී දිනෙන් දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආගාධයට වැටෙමින් විනාෂයට පත් වන බව ක්‍රිකට් රසිකයින් මෙන්ම විද්වතුන් ද පෙන්වා දුන් අතර එය සමාජ කතිකාවක් බවට පත් විය. ඒ සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානයට යොමු විය.​
    • එසේ වීමට වරද කොතනද යන්න තහවුරු කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි මහත්මියගේ සභාපතීත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරිණි.​
    • කුසලා සරෝජනී වාර්තාවේ නිර්දේශයන් අනුව 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරගාවලිය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ විගණනයේ ඉහලම ආයතනය වන ජාතික විගණන කාර්යාලය විසින් වොහාරික විගණනයක් සිදු කෙරිණි​
    • එම වාර්තාව හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අක්‍රමිකතා, දූෂණ, වංචා හා විෂමාචාර පිළිබදව විවිධ කරුණු රැසක් හෙළි විය.​
    • 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 32 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඔහුට පැවරී ඇති බලතල අනුව වර්තමාන ක්‍රිකට් පරිපාලනය අත්හිටුවා නව අතුරු පාලක කමිටුවක් පත් කරන ලදි.​
    • වත්මන් ක්‍රිකට් පරිපාලක මණ්ඩලයේ සභාපති ඇතුළු පරිපාලකයින් ඉවත් කිරීම සදහා 2023.11.09 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෙන ආ යෝජනාව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඒකමතිකව සම්මත වීමෙන් අමාත්‍යවරයා ගත් තීරණය නිවැරදි බව තහවුරු විය.​
    • ධනයෙන් හා බලයෙන් ඔදවැඩි සිටින දූෂිත ක්‍රිකට් පරිපාලකයින් ඉන් ඉවත් නොවී තවමත් බලයේ රැදී සිටීමට විරුද්ධව හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අවලංගු කරගැනීම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට, රටට ආදරය කරන අප සැම මෙම පෙත්සමට අත්සන් තබන්නෙමු.

    පිවිසෙන්න 👉 👉 👉 www.universe.lk
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    image.png
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මොකක්ද ඒ ?
    ඒක බන් මේවගේ petition වලට හදපු platform එකක්, ආයි අමුතුවෙන් වියදම් කරන්න ඕනේ නැහැ.
    අනික transparency අතින් හොදයි .

    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ශම්මි හොරා පන්නන්න ගහපන් පෙත්සම්.

    https://chng.it/Qyx2YfYWcD
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඒක බන් මේවගේ petition වලට හදපු platform එකක්, ආයි අමුතුවෙන් වියදම් කරන්න ඕනේ නැහැ.
    අනික transparency අතින් හොදයි .

    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ශම්මි හොරා පන්නන්න ගහපන් පෙත්සම්.

    https://chng.it/Qyx2YfYWcD
    :yes: :yes: :yes: