බ්ලූම්ෆීල්ඩ් සහ එස්එස්සී කණ්ඩායම් අතර පළමු පෙළ ක්‍රිකට් තරඟයක් පසුගිය දෙසැම්බර් 27 වනදා බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැත්විනි. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් ජෙෆ්රි වැන්ඩර්ස්ගේ පන්දුවකට ලකුණු නොලබා දැවී ගියේ ස්ලිප් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි අතට උඩ පන්දුවක් ලබාදීමෙනි. කෝපයට පත් කුසල් මෙන්ඩිස් තමා නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ දොරවල් වලට පහර දී අලාභ හානි කළේ ය.
“යකාගේ තරමට විමානේ” කිව්වාසේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය තීරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුවය. ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි අන්ත දූෂිත මාෆියාවකින් මෙයට වඩා දෙයක් රටට බලාපොරොත්තු විය හැකි ද?
“බලන් ඉඳපල්ලා, බ්ලූම්ෆීල්ඩ් එකෙක් ශ්‍රී ලංකා ගස්සන්නේ නැහැ”..
එපමණක් නොව “තොපි කුණු විකට් හදලා. මේවයේ කොහොමද බැට් කරන්න. බලන් ඉඳපල්ලා, බ්ලූම්ෆීල්ඩ් එකෙක් ශ්‍රී ලංකා ගස්සන්නේ නැහැ” යැයි කියමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකරුට මහ හඬින් තර්ජනය කළේ ය. මේ පිළිබඳව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරීත්වය තරඟ තීරකවරයාට සහ විනිසුරන්ට ලිඛිතව දැනුම් දී තිබේ. කුසල් මෙන්ඩිස් හෙවත් “බිංදුසාර” යනු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ය!!ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ මර්මස්ථානය…
වසර 1892 දී ආරම්භ කරන ලද Bloomfield Cricket and Athletic Club හෙවත් බ්ලූම්ෆීල්ඩ් යනු ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජයකි. එමෙන්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ මර්මස්ථානයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරටට හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාව පැවතියේ ඉහළ පැලැන්තිය අතරේය. නිදහසින් දශක දෙකක් පමණ යන තුරු ද පැවතියේ එම ආධිපත්‍යයයි. ක්‍රිකට් ක්‍රීඩාව පැවතියේ රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව යන පාසැල් සහ එස්.එස්.සී, එන්.සී.සී, සී.සී.සී, ක්‍රීඩා සමාජ අතරේය.ප්‍රභූ දොරින් ඇතුළු වූ බන්දුල වර්ණපුර..
හැටේ දශකයේ අග භාගයේ මේ ආධිපත්‍යයට යම් අභියෝගයක් කිරීමට ඉදිරිපත් වූයේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයයි. හැත්තෑව දශකයේ ආරම්භය වන විට සාමාන්‍ය පංතියේ දක්ෂ පාසල් ක්‍රීඩකයන් ආනන්ද, නාලන්ද, ධර්මාශෝක, මහින්ද ඇතුළු පාසැල් හරහා මතුවන්ට වූ අතර ඔවුහු ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන්නට වූහ. ප්‍රභූ පංතිය අකමැත්තෙන් වුවද මේ අතරින් කිහිපදෙනෙකුට දොර විවෘත කළේ ය. බන්දුල වර්ණපුර මේ ප්‍රභූ දොරින් ඇතුළු වූවෙකි. ඔහු සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් වසර 1980 පමණ වන විට අනුර තෙන්නකෝන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ප්‍රභූ පංතියෙන් පිටතට ගිය ප්‍රථම අවස්ථාව විය.කම්කරු සහ පහළ මධ්‍යම පංතික ක්‍රිකට්ලෝලී ජනයාගේ හදවත..
බන්දුල වර්ණපුර, අජිත් ද සිල්වා, ලලිත් කලුපෙරුම, අනුර රණසිංහ, ඇතුළු සාමාන්‍ය පංතියේ ක්‍රීඩකයෝ රාශියක් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය වටා ඒක රාශී වූහ. එම ක්‍රීඩා සමාජය කොළඹ හතේ ක්‍රීඩා සමාජයන්ට විකල්පයක් වශයෙන් බිහිවූ පොදු ජනතාවගේ ක්‍රීඩා සමාජයක් බවට පරිවර්තනය විය. කොළඹ හතේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයෝ කිසිවිටෙක සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සමඟ මුසුනොවුහ. එහෙත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට සහය දැක්වූයේ නාරාහේන්පිට, කිරුළපන, බොරැල්ල වැනි නාගරික ප්‍රදේශවල කම්කරු සහ පහළ මධ්‍යම පංතික ක්‍රිකට්ලෝලී ජනයා ය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ ක්‍රීඩා නොකරන අවස්ථාවහි මේ ප්‍රේක්ෂකයන් සමඟ මුසුවූහ. පොදු ජනයාගේ ක්‍රීඩා සමාජය ක්‍රමක්‍රමයෙන් කොළඹ හතේ කණ්ඩායම් පරාජය කරමින් ඉදිරියට පැමිණියේ ය. අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලි ගණනාවක් ඔවුහු ජයග්‍රහණය කළහ.ක්‍රීඩා පිටියක් නොමැති වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය…
එහෙත් මෙය රෝසමල් යහනා මතින් පැමිණි ගමනක් නොවෙයි. බ්ලූම්ෆීල්ඩ් සභාපති ෂර්ලි වික්‍රමසිංහ තම ක්‍රීඩා සමාජය කොළඹ හතේ ක්‍රීඩා සමාජයන්ට විකල්පයක් වශයෙන් ගොඩ නැගීමට විශාල සටනක් කැප කිරීමක් කළේ ය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එදා හරිහමන් ක්‍රීඩා පිටියක්, ක්‍රීඩාගාරයක් නොවීය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය රීඩ් මාවතට පැමිණීමට පෙර ස්ථාන දෙකක් තම ස්ථාපිතවීමට උත්සාහගත් නමුත් එය සාර්ථක නොවීය. වර්තමාන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය තිබෙන ස්ථානය ගොඩනැගීමට කම්කරු සහ පහළ මධ්‍යම පංතික ක්‍රිකට්ලෝලී ජනයා තම රුපියල් පහ, දහය ආදරෙයෙන් පරිත්‍යාග කළහ. ඒ අතර බොහෝ දෙනෙක් නාරාහේන්පිට, කිරුළපන, බොරැල්ල, වැනි ප්‍රදේශයන්හි දවස් පඩිකාරයෝ වූහ. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ස්ථාපිත වූයේ ඔවුන්ගේ ලේ සහ දහඩියෙනි.ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි කැරැල්ල…
එදා බන්දුල වර්ණපුරලා ක්‍රීඩා පිටියේ මේ පරිවර්තනය සිදු කරන විට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලන බලය තවදුරටත් හිමිවුයේ ප්‍රභූ පංතියට ය. මේ ප්‍රභූ පංතිය නියෝජනය කළ කොළඹ හතේ ක්‍රීඩා සමාජ අභිබවමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සිය ආධිපත්‍යය පතුරුවා ගැනීමත් බන්දුල වර්ණපුර ප්‍රමුඛ සාමාන්‍ය පංතියේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමත් ඔවුන්ට කටු අණින්නාක් මෙන් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ මේ අලුත් සමාජ බලවේගය ඉවත් කිරීමට ප්‍රභූ පංතියට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු බන්දුල ඇතුළු සාමාන්‍ය පංතියේ ක්‍රීඩකයන්ට පල නොකියා පලා බෙදුහ. බන්දුල ඇතුළු ක්‍රීඩයන් දාහතර දෙනා දකුණු අප්‍රිකානු සංචාරයට එක් වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ හැසිරීමට දක්වන විරෝධයක් වශයෙනි. බන්දුල සමඟ දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වූ සියළු ක්‍රීඩකයෝ සාමාන්‍ය පංතිය නියෝජනය කළහ. ඔවුන් එම සංචාරයෙන් යම් මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුව ද එයට වඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි කැරැල්ලක ලක්ෂණ එහි දැකිය හැකි විය.විනාශ කිරීමට නොහැකි වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය…
බන්දුල සමඟ දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන්ට තහනමක් පනවා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය විනාශ කිරීමට හෝ ප්‍රභූ ක්‍රිකට් ආධිපත්‍යය රැක ගැනීමට නොහැකි විය. බන්දුල වර්ණපුර, අජිත් ද සිල්වා, ලලිත් කලුපෙරුම, අනුර රණසිංහ, ගෙන් පසුව රොෂාන් මහානාම, සනත් කලුපෙරුම, කුමාර ධර්මසේන, රුවන් කල්පගේ, සනත් ජයසූරියලා බිහිවිය. බන්දුලා නැවැත්වූ තැනින් අර්ජුන රණතුංග කොඩිය අතට ගත්තේ ය. ඔහු ප්‍රභූ ක්‍රිකට් ආධිපත්‍යය බිඳ දැමුවේ ය.කන්න දුන්න අත හපාකන අසමජ්ජාතියා…
කුසල් මෙන්ඩිස් වැනි හීපාටුවන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොර ඇරුනේ මේ අරගලවල ප්‍රතිඵල ලෙසටය. එහෙත් ඔහුට ඒ ගැන වගක් නැත. ඔහුට අද සිටින තැනට ඒමට මඟ පෑදූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දේපල විනාශ කරයි. එම ක්‍රීඩාගාර ගොඩනැගුවේ දුප්පත් ක්‍රිකට්ලෝලී ජනයාගේ ධන පරිත්‍යාගයන්ගෙනි. මේ ලුම්පන් පාදඩයා අපහාස කරන්නේ එම දුප්පත් ජනතාවටය. “බලන් ඉඳපල්ලා, බ්ලූම්ෆීල්ඩ් එකෙක් ශ්‍රී ලංකා ගස්සන්නේ නැහැ” යැයි තර්ජනය කරන්නේ තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජයට ය. මොහු කන්න දුන්න අත හපාකන ජාතියේ අසමජ්ජාතියෙකි.ගාමිණී දිසානායකට, අබු ෆුවාඩ්ට කළ නොහැකිවූ දේ…
අපිට කුසල් මෙන්ඩිස් කීමට ඇත්තේ බ්ලූම්ෆීල්ඩ් විනාශ කිරීමට ඔයට වඩා “පොරවල්” දත කෑ බවයි. ගාමිණී දිසානායකට, අබු ෆුවාඩ්ට විනාශ කිරීමට නොහැකි වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කුසල් වැනි පඟර නැට්ටෙකුට කළ හැකි ඉටි ගෙඩියක් නැත. කුසල් මෙන්ඩිස් යනු බ්ලූම්ෆීල්ඩ් වැනි ක්‍රිකට් අරගල භූමියකට අඩිය තැබීමට ඉඩ දියයුතු චරිතයක් නොවෙයි.කුසල්ගේ පිස්සුවේ සීමාවක් නැත..
කුසල්ගේ බ්ලූම්ෆීල්ඩ් සිද්ධිය ඔහුගේ පළමු හෝ අවසාන විනය විරෝධී ක්‍රියාව නොවේ. වරෙක ඔහු බීමතින් රිය පදවාගෙන ගොස් අහිසංකයෙකු යට කර මරා දැම්මේ ය. තවත් විටෙක කෝවිඩ් ජෛව බුබුල බිඳිමින් ලන්ඩනයේ වීදි ගානේ සිගරට් බිබී ඇවිද්දේ ය. නයිට් ක්ලබ්වල පිස්සු නැටුවේ ය. මෑතකදී LPL තරඟයකදී චාමික කරුණාරත්නට පහරදීමට උත්සාහ කළේ ය. එහෙත් මේ කිසිම සිද්ධියකට ඔහුට හරිහමන් දඬුවමක් ලැබුණේ නැත. ඕනෑම විනය විරෝධී වැඩක් සිදුකර දඬුවම් නොලබා සිටිය හැකි බව ඔහු දැන් අත්දැකීමෙන් අවබෝධ කර ගෙන සිටියි. දඬුවම් වෙනුවට කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එක්දින නායකත්වය භාර දී තිබේ!“යකාගේ තරමට විමානේ” කිව්වාසේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය තීරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුවය. ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි අන්ත දූෂිත මාෆියාවකින් මෙයට වඩා දෙයක් රටට බලාපොරොත්තු විය හැකි ද?