තරුණ යුවළක් අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහි කිරීමේ ප්‍රතිශතය 2.1ක අගයක තිබිය යුතු නමුත් මේ වන විට එය 1.9ක් දක්වා පහළ බැස ඇතැයි ද තරුණ යුවළක් අලුත් ජනිතයෙක් බිහිනොකරන ප්‍රවණතාවක් ඇතැයි ද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පසුගිය දා පැවසීය.දැන් සිට ක්‍රියාත්මක වී දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි නොකළහොත් ඉදිරියේදී ලංකාවට විශාල ශ්‍රම හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද තවත් වසර හතර-පහකින් ආර්ථිකයේ වර්ධනයක් වුවත් මෙම ශ්‍රම හිඟයෙන් රට පීඩාවට පත්වනු ඇතැයි ද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අවධාරණය කළේ ය.
උපත් සංඛ්‍යාව වාර්ෂිකව තුන්දාහත් පන්දාහත් අතර සංඛ්‍යාවකින් පහළ වැටෙද්දී මරණ අනුපාතය වැඩි වීමෙන් ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩය මේ වනවිට බැරල් හැඩයක් ගෙන ඇතැයි වෛද්‍ය විජයමුණි මහතා කීය.
වෛද්‍ය රුවන් විජයමුණි මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින් මෙම කරුණු අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇසූ පැනයකට පිළිතුරු වශයෙනි.
එහිදී වෛද්‍ය විජයමුණි මහතා මෙසේ ද කීය.
“මීට වසර දහයකට පෙර දිනකට දරුවන් 1000ක් ඉපදුණා. එය වසරක අගය දළ වශයෙන් 3,50,000ක් ලෙස තිබුණ ත් මේ වන විට එය ලක්ෂ තුන දක්වා පහත බැස තිබෙනවා. සෑම වසරකදී ම අපේ රටේ උපත් 3,000ත් 5,000ත් අතර ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් තරුණ යුවළක් ඉදිරි අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහිකිරීමේ ප්‍රතිශතය 2.1ක තිබිය යුතු නමුත් අපේ රටේ එය 1.9ක් දක්වා බැහැලා. දෙදෙනෙක් ඒ දෙදෙනා වෙනුවෙන්වත් තව කෙනෙක් බිහි නොකරන තත්ත්වයක් දැන් තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේදී කළ දිරිගැන්වීම්වලින් එම අනුපාතය 2.0 දක්වා වැඩි වී ඇතත් නියමිත අනුපාතයට ළඟා වී නෑ.
අපේ රටේ මරණ අනුපාතය වැඩිවෙමින් තිබෙනවා. වයෝවෘද්ධ ජනගහනය වැඩි වී තිබීම මේකට හේතුවයි. ඊට ත් වඩා ලොකු ගැටලුව ජනගහන පිරමීඩය බැරල් හැඩයක් ගැනීමයි. මේ පිරමීඩයේ පහළින්ම තිබෙන්නේ වයස 1-9ත් අතර සිටින දරුවන් සංඛ්‍යාවයි. මේ වගේ පියවරෙන් පියවර වයස් කාණ්ඩවලට අයත් සංඛ්‍යා එහි තිබෙනවා. ඉහළින් ම තිබෙන්නේ 60ට වැඩි සංඛ්‍යාවයි. මේ සංඛ්‍යා පිරමීඩයක හැඩය තිබුණොත් ඒ රටේ ජනගහනය හොඳ මට්ටමක පවතින බවට සැලකෙනවා. ඒත් අපේ රටේ ජනගහන පිරමීඩයේ පහළම කොටස උපත් අඩු නිසා සිහින් වෙලා. ඒ වගේ ම වැඩි පිරිසක් සිටින්නේ වයෝවෘද්ධ අයයි. වයස 20-45ත් අතර පිරිස ශ්‍රම බළකාය ලෙස සැලකෙන අතර එය දරු උපත්වලට වඩා වැඩි අගයක තිබෙනවා.”
මධුර විතානගේ මන්ත්‍රීවරයා ද මෙසේ කීය.
“පසුගිය වකවානුව තුළ පාසල්වලට ඇතුළත් කරන දරුවන් එන්න එන්නම අඩු වී තිබෙනවා. මේ නිසා පාසල් වහන්න සිදුවෙලා තිබෙනවා. අපේ තාත්තා, සීයා මේ පාසලටයි ගියේ. අනේ පාසල වහන්න එපා කියල හුඟක් අය ඉල්ලීම් කරනවා. ඒත් නාගරික පාසල් නඩත්තු කරන්න නම් දරුවන් නැති පාසල් වසා දැමීමට සිදුවෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු දහය-එකොළහ කාලය වන විට දරුවන් ඉපදීමේ ප්‍රතිශතය කොපමණද සහ පාසල්වලට ඇතුළත් කිරීමේ අඩුව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතුවෙලා පුරෝකථනයක් මීළඟ කමිටු රැස්වීමට ලබා දෙන්නැයි මා ඉල්ලනවා.”
තවදුරටත් කරුණු දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා “අපි දැන්ම ම ක්‍රියාත්මක වෙලා දරු උපත් වැඩි කළේ නැති නම් අපිට විශාල ශ්‍රම හිඟයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉදිරි කෙටි කාලය තුළදී වැඩිම වුණොත් අවුරුදු හතරක් – පහක් අතර කාලයකදී ආර්ථිකය දියුණු වුණත් අපිට ශ්‍රම හිඟයකට මුහුණ දෙන්නට සිදුවෙනවා.” යැයි පැවසුවේ ය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ රැස්වීමේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. එන්. කෞෂල්‍ය සහ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්විණි.
https://mawbima.lk/2023/10/04/birth-rate-decreases-fast-signs-of-severe-labor-shortage/