🔴 BREAKING.. රටේ සංවර්ධනය අද 0යි..

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ඊයෙ දාපු news එකක්

    සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

    අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා පවසා සිටියේ හෙට දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වන බවයි

    සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බවද අනුරාධ සෙනෙවිරත්න මහතා පවසා තිබෙනවා