🔴 WARNING 🔴

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,116
    4,856
    113
    Loading...
    Facebook-Messenger-Video-Calls.png


    දන්නෙ අඳුනන්නෙ නැති නම්බර්ස් වලින් එන WhatsApp or any other video calls answer කරනව නම් පරිස්සමෙන් කිරියනි...

    දන්න කොල්ලෙක්ට එහෙම කෝල් එකක් ඇවිත් රෑ 11 යි ගාණට, කෙල්ලෙක්ගෙ DP එකක් තිබිලා තියෙන්නෙ. මූ නිදිමතේ සාමාන්‍ය කෝල් එකක් ආන්සර් කරන විධියට මූණට කැමරාව අල්ලගෙන call එක ආන්සර් කරලා. බලනකොට අමු හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් ඉඳලා තියෙන්නෙ අනිත් පැත්තෙ. මූ මොකුත් කතා කරන්න වත් ගිහින් නැහැ. නිදාගෙන ඉඳලා කෝල් එක ආන්සර් කරපු නිසා මඤ්ඤං වෙලා බලාගෙන ඉඳලා. ටික වෙලාවකින් කෝල් එක නිකන්ම කට් වෙලා ගිහින්. බලනකොට +91 Indian number එකක්.

    දැන් තමයි ලස්සනම ටික පටන් ගන්නෙ. ඔන්න පැය කීපයක් යනකොට Video Call එකේ screen recording එකකුත් එක්ක msg එකක් එනවලු edit කරපු Chat history screenshot එකකුත් දාළාම, 20k දුන්නෙ නැත්නම් video එක යාලුවො, පවුලෙ අය සහ දන්න අඳුනන හැමෝටම යවනවා කියලා. Msg එක English language එකෙන් එවලා තියෙන්නෙ. video එක play කරලා බැලුවහම, Video chat එකේ මූණ පේන screen එකත් edit කරල මුලින් normal විධියට selfy camera එකෙන් මූණ පේනවා, කොල්ලා කණ්නඩියක් ඉස්සරහ හෙලුවෙන් ඉඳලා කෝල් එක අරගෙන video view එක back camera එකට මාරු කරන විධියට video chat එක යනවා. දෙන්නත් එක්ක nude video chat එකක් යන විධියට හොඳටම හදලා එවලා තියෙන්නෙ. Fb account එක deactivate කරලා number එකත් block කරලා ඉඳලා. +91 ඉන්දියා වල නම්බර් එකකින් voice calls දෙකක් ඇවිත්. මූ ඒ දෙකත් ආන්සර් කරලා නැහැ. දවසක් විතර යනකොට, යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ඉඳලා, පවුලෙ අයට යාලුවන්ට පවා video එක Facebook msg එකක් විධියට යවලා. අරූ ඉතින් දැන් පොළොවෙ හැපෙනවා.

    කොල්ලගෙ Fb account එකට phone number එක link කරලා public view කරන්න පුලුවන් විධියට දාළා තිබිලා තියෙන්නෙ. දැනට CID එකට ඔක්කොම විස්තර යවලා තියෙන්නෙ. මේ වගේ දෙයක් වුණොත් චරිතෙට වෙන හානිය නම් නවත්වන්න විධියක් නැහැ. මොකද video එක ඒ තරම් realistic විදියට edit කරලා. කතාව පිළිනොගන්න අයට වැඩියෙ, රස විඳින අය වැඩි නිසා, පවුලෙ අයට නෑදෑයන්ට ඔය වගේ දෙයක් ගියොත් වන ගත වෙන්නයි වෙන්නෙ. Phone numbers public share කරලා තියෙනව නම්, පරිස්සම් වෙයල්ලා.​
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් ආවනේ බන් whatsapp එකේ call එකක් මහ රෑ ... Video call නෙමෙයි +57 පටන් ගත්ත එකකින්
     
    • Like
    Reactions: NRTG and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,116
    4,856
    113
    Loading...

    පච දාන්න එපා ඔයි 🤮

    පච කියන්න මට අමාරුවක් නැහැ පොන්ස්... මනුස්සකමට තව එකෙක් අමාරුවෙ වැටෙයි කියලයි විස්තරේ දැම්මෙ.
     
    Last edited:
    • Dislike
    Reactions: 2osama

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,116
    4,856
    113
    Loading...
    aththatama ara pathen kellek heluven idalada? eva baluvama gevanna ona ne meka free ne apitama call avilla pennava kiyanne. lanka ads karana ekata adei dan

    ඔව්. අරූ වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා. උන්ට ඕනි ටික record කරගෙන call එක කට් කරලා.