Android වල නොමිලේ YouTube ad-free පාවිච්චි කරන්න දැනට තියෙන හොඳම ක්‍රමය මේක කියලා කියන්න පුළුවන්. ඊට අමතරව background play, downloads වගේ YouTube Premium වල තියෙන සහ නැති featuresත් මේකෙන් ගන්න පුළුවන්.
පටන් ගන්න කලින්
- ඔයාට ඕන වෙනවා Android 8 හෝ ඊට අලුත් version එකක් run වෙන device එකක්.
- මේ guide එක non-root installations වලටයි.
- Stock YouTube app එක uninstall කරන්න එපා.
- ඔයා YouTube ReVanced වල pre-built version එකක් website එකකින් download කළානම්, ඒක official නෙවෙයි සහ malware තියෙන්නත් පුළුවන්.
- ReVanced official website එක https://revanced.app
- මේ හරහා YouTube එකට log වෙන්න ඔයාගේ main Google account එක පාවිච්චි නොකරනවා නම් වඩා හොඳයි.
1. APKs අරගමු
1.1) ReVanced Manager එක download කරලා install කරන්න.1.2) දැන් ඒක open කරන්න. Unknown apps install කරන්න permission ඉල්ලුවොත් දෙන්න.
1.3)
Patcher tab එකට ගිහින් Select an application tap කරන්න. YouTube යටතේ අදාළ APK එකට search එකක් open වෙන්න Suggested: vXX.XX.XX උඩ tap කරන්න.
1.4)
APKMirror.com එකෙන් දෙන, title එකේ suggested version එක සහ (nodpi) කියලා තියෙන result එක හොයාගෙන open කරලා APK එක download කරන්න, ඒත් install කරන්න එපා.
2. Patch කරමු
2.1) ReVanced Manager එක open කරලාPatcher > Select an application වලට ගිහින් Storage button එක tap කරන්න.
2.2) Download කරගත්ත YouTube APK එක තෝරාගන්න.
2.3)
Patch button එක tap කරන්න.2.4) App එක patch වෙනකොට ReVanced Manager එක open කරලා තියන්න.
3. YouTube ReVanced සහ GmsCore Install කරමු
3.1) Patch කරලා ඉවර වුනාමInstall button එක tap කරන්න.3.2) YouTube ReVanced open කලාම automatically open වෙන download page එකෙන් GmsCore download කරලා install කරන්න.
දැන් හරි!
YouTube links, YouTube ReVanced වලින් open වෙන්න හදන්නේ කොහොමද?
1) Stock YouTube app එකේ App Info වලට ගිහින්Set as default / Open by default > Open supported links, Off කරන්න.2) YouTube ReVanced app එකේ App Info open කරලා
Set as default / Open by default > Open supported links, On කරන්න.3) කලින් page එකට ඇවිත්
Supported web addresses tap කරලා ඔක්කොම On කරන්න.Download feature එක set up කරන්නේ කොහොමද?
1) YouTube ReVanced open කරලාYou > ⚙️ > Settings > Player > External downloads වල Override download action button enable කරන්න.2) NewPipe download කරලා install කරන්න.
YouTube ReVanced update කරන්නේ කොහොමද?
1) ReVanced Manager එක up-to-date තියෙන්න ඕන.සතියකට සැරයක් වගේ ReVanced Manager එක check කරන්න.
Dashboard එකේ ඔයාට බලන්න පුළුවන් patches update වෙලා තියෙන්නේ කවදාද කියලා.
2) ඒවා ඔයා install කරලා තියෙන එකට වඩා අලුත් නම්, ඔයා update කරන්න ඕන. Update කරන්න නම්, කලින් වගේ suggested YouTube APK එක download කරලා patch කරලා install කරන්න ඕන.
Last edited:

