🔴Breaking News🔴මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදෙන සමාජ ජාල 802ක් පසුපස පන්නයි..🔺️🔺️

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ ඉකුත් මස 15 දා සිට මේ දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අගතියට හේතුවන සහ නීති විරෝධී ප්‍රවර්ධනය සහිත සබැඳින් 802 ක් හඳුනා ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    සමාජ මාධ්‍ය හා සම්බන්ධයෙන් ලැබී ඇති මැතිවරණ පැමිණිලි අනුව විමර්ශනය කිරීමේදී අනාවරණය වූ මෙම සබැඳිවල නීති වීරෝධී පුවත් ,සටහන්,ප්‍රතිචාර ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගතව ඇතැයි එම කොමිෂන් සභාව කියයි.

    වෛර් ප්‍රකාශ 247 ක්, දුස් තොරතුරු 309 ක්, ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම් 13 ක්, වැරදි පුවත් 174 ක් සහ ජනාධිපතිවරණ පනතට පටහැනි 59 ක් සහිත මේ සබැඳි ඉවත් කරන ලෙස යූටියුබ්, ටින්ටොක්, මෙටා සහ ගූගල් ආයතන වෙත යොමු කළ ද මේ දක්වා ඔවුන් විසින් සබැඳී 121 ක් පමණක් ඉවත් කර සබැඳි 116 ක් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි කොමිෂන් සභාව කියයි.

    මේ අනුව තවදුරටත් පසු විපරම් පණිවුඩ ලැබීමට ඇති සබැඳි 565 ක් පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    – ජේ.ඉඳූරුවගේ
     
    • Like
    Reactions: kinkon

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    308507644_401781565454455_6281272937818033672_n.png


    ඔය ළමයිත් ගෙවල් වලට යන්න..