"Vernacular dance" (Street dance) කියන නර්ථන ශෛලිය 1920 දශකයේ මුල් භාගෙදි ඇමරිකාව තුළ බිහි වුණේ 'Jazz' කියන සංගීත ශෛලියෙ ජනප්‍රියභාවය ඉහළ යාමත් එක්කයි. අප්‍රිකානු සහ යුරෝපියානු නර්ථන ශෛලීන්වල ආභාෂය ලබාගෙන විවිධ සමාජ තලවල වගේම, විවිධ සංස්කෘතිවලට ආවේණික වුණ ලක්ෂණ ඇතුළත්ව නිර්මාණය වුණු මේ නර්ථන ශෛලිය Charleston, Boogie-woogie, Rock n roll, Tap dance,... වගේ නැටුම් අංග ගණනාවකින් ම සමන්විත වුණා. "Musical' ගණේට අයිති වෙන පරණ හොලිවුඩ් චිත්‍රපටවල මේ "Vernacular dance" ශෛලියෙ නර්ථන තියෙන ජවනිකා ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන්
"Vernacular dance" ශෛලියේ ඉතිහාසය සහ විකාශය
"Vernacular dance" සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලන "Sondre Olsen" සහ "Tanya Georgiievska" කියන මේ නර්ථන ශිල්පීන් යුවළ හැබෑ ජීවිතේදී අඹු-සැමියන් ද වෙනවා. මේ දෙන්නා අතරින් සැමියා වෙන "Sondre' නෝර්වේ ජාතිකයෙක් වෙන අතරම "Tanya" කියන බිරිඳ යුක්‍රේන ජාතිකයෙක් වෙනවා. "Vernacular dance" සම්බන්ධව පැවති නර්ථන තරගාවලි ගණනාවකින් දිනපු මේ දෙන්නා කරපු "Vernacular dance" ශෛලියෙ අපූරු නර්ථන වගයක් තමයි මේ.

මේ නර්තන ශිල්පිණියගෙ නම 'Maria'. මෙයා ඉදිරිපත් කරපු 'Charleston style" එකේ නර්ථන කීපයක් තමයි මේ.
Last edited:
