😊 ඔන්න පකිස්තානෙත් අපේ "ස" ව කොපි කරලා 😊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ


    image_0f66df4ef4.jpg


    විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ සහ කර්මාන්ත සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවී ඇතැයි නව රජය පවසා තිබේ.

    පාකිස්තානය තෙල්, ගල් අගුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීම කළේ යුක්රේනයෙනි. කෙසේ නමුත්, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ ගැටලු මතු වී ඇත.පාකිස්තානයේ බලශක්ති පිරිවැය පෙබරවාරියෙන් අවසන් වූ මාස නවය ඇතුළත ඇමෙරිකන් ඩොලර් බිලියන 15 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, අමතර නැව්ගත ගාස්තු සඳහා මුදල් ගෙවීමට පාකිස්තානයට හැකියාවක් නැතැයි ද පැවැසෙයි.

    මෙගාවොට් 3,500 ක විදුලිය ධාරිතාවක්, පාකිස්තාන විදුලිය බල පද්ධතියට එක් කරන ප්‍රධාන විදුලි අකර්මණ්‍ය වී ඇති බවත්, එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 13 වැනිදා බවත් පාකිස්තානයේ නව මුදල් ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසා තිබේ. පාකිස්තාන නව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ මිෆ්තා ස්මයිල්ය.ඉම්රාන් ඛාන් දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වී නව රජයක් පිහිටුවූයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.

    ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙපරා දැමීමට, ෂෙහ්බාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට පාකිස්තානයේ තවත් ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන ජනතා පක්ෂයේ ද සහාය ලැබුණි. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, ජනතා පක්ෂයේ සාමාජිකයන්ට ද ඇමැති ධුර ලබා දීමට ෂෙහ්බාස් ෂරීෆ් කටයුතු කළේය. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ, රටේ ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බව චෝදනා නගමිනි.


    Source: lankadeepa.lk


    High Energy Prices Lead To Power Cuts In Pakistan
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ආණ්ඩුවෙ උන් කියයි "දැක්කනෙ පකිස්ථානෙ අගමැති එලවලා වෙච්ච දේ. එහෙම උනාම සැපද" කියල අහයි.

    මෝඩ ජනයට තේරෙන එකක් නෑ පකිස්ථානෙ එලෙව්වෙ හොරෙක් කියල හංවඩු ගහපු එකෙක් නෙවෙයි කියලා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වැඩබැරි පො*&යා කලින්:

    කොවිඩ්, තිස් වසරක යුද්ධය, ගෝලීය අර්බුදේ, එන්නත්කරනය හොඳටම කලා, රුසියා යුක්රේන් යුද්ධෙ

    වැඩ බැරි පො*&යාගෙ වාග් මාලාවට අලුතෙන්ම add වෙන එක: පාකිස්ථානයෙත් විදුලිය විසන්ධි කරනවා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    දැන් ආණ්ඩුවෙ උන් කියයි "දැක්කනෙ පකිස්ථානෙ අගමැති එලවලා වෙච්ච දේ. එහෙම උනාම සැපද" කියල අහයි.

    මෝඩ ජනයට තේරෙන එකක් නෑ පකිස්ථානෙ එලෙව්වෙ හොරෙක් කියල හංවඩු ගහපු එකෙක් නෙවෙයි කියලා.
    mekama tahma matath hithune... aniwa oka kiyanawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දැන් ආණ්ඩුවෙ උන් කියයි "දැක්කනෙ පකිස්ථානෙ අගමැති එලවලා වෙච්ච දේ. එහෙම උනාම සැපද" කියල අහයි.

    මෝඩ ජනයට තේරෙන එකක් නෑ පකිස්ථානෙ එලෙව්වෙ හොරෙක් කියල හංවඩු ගහපු එකෙක් නෙවෙයි කියලා.
    බයියෝ කියන්නේ බහුතරයක්ම මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච එවුන්නේ. කොහොමත් උන්ගෙ මහ එකා කියන එක විතරයි අහන්නේ. ඇත්ත මොකක්ද? බොරුව මොකද්ද කියලා තේරුම් ගන්න තරම් තාර්කික බුද්ධියක් නෑ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    mekama tahma matath hithune... aniwa oka kiyanawa

    පකිස්ථානෙ වෙච්ච එක ටිකක් හරි සමාන කරන්න පුළුවන් නාකි මයිනෙකුයි, උගේ පවුලයි පල්ලි වලට බෝම්බ ගහලා කුමන්ත්‍රණ කරලා බලේ ගත්ත එකට. වෙනස එතනත් හොඳ උන් නෙවෙයි හිටියෙ, හැබැයි මයිනො තරං විනාසකාරී නැති එවුන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දාරබයියෝ දැන් කියායි මෙක ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියලා.
     
    • Haha
    Reactions: Stimulus mind

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ආණ්ඩුවෙ උන් කියයි "දැක්කනෙ පකිස්ථානෙ අගමැති එලවලා වෙච්ච දේ. එහෙම උනාම සැපද" කියල අහයි.

    මෝඩ ජනයට තේරෙන එකක් නෑ පකිස්ථානෙ එලෙව්වෙ හොරෙක් කියල හංවඩු ගහපු එකෙක් නෙවෙයි කියලා.

    හොරෙක් නොවන එකෙක් ඉඳලත් රටක් බංකොලොත් වෙනව කියන එක ඊටත් වඩා අවුල් සහගත මැසේජ් එකක් නෙවෙයිද?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොරෙක් නොවන එකෙක් ඉඳලත් රටක් බංකොලොත් වෙනව කියන එක ඊටත් වඩා අවුල් සහගත මැසේජ් එකක් නෙවෙයිද?

    චීනේ ගෑවුන තැන හොරකමක් තමා.ඉම්රාන් ඛාන් බුදු වෙලා නෑනේ.උන්ගෙ රටෙත් චීන්නු තමා රිංගන් ඉන්නේ ඵක ඵක ප්‍රොජෙක්ට් කරන්න..

    Pakistan’s first modern metro opens in Lahore in US$1.86 billion project built with
    Chinese backing

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    හොරෙක් නොවන එකෙක් ඉඳලත් රටක් බංකොලොත් වෙනව කියන එක ඊටත් වඩා අවුල් සහගත මැසේජ් එකක් නෙවෙයිද?

    පකිස්ථානෙ බංකොලොත්ද නැද්ද කියන්න මං දන්නෙ නෑ. ඒ නිසා වැඩිදුර කියන්න දන්නෙ නෑ.

    හැබැයි උබ අහන එකට උත්තරේ ඔව්. ඒක පකිස්ථානෙට අදාලද කියල දන්නෙ නෑ. ස්ටඩි කරල නෑ. අහල තියෙන්නෙ ඉම්රාන් ඛාන් හොරෙක් නෙවෙයි කියලා. ඒක වැඩිපුර හොයලා නෑ.

    ඒත් එක්කම ලංකාවෙ වත්, වෙන රටක වත් හොරු කාලා දාපු තැනක් හොරු නොවෙන පිරිසක් ආවට හෙට ඉඳන් වත්, ලබන සතියෙ, ලබන මාසෙ ඉඳල වත් සුරපුරයක් වෙන්නෙත් නෑ කරන්නත් බෑ. අවුරුදු 20 කින් හරි එහෙම කරන්නත් අද ඒක නොකරත් බෑ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවෙත් ජනාධිපති වෙනස් උනා කියලා නම් වෙනස්ක් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Stimulus mind