"AVATAR 2" ෆිල්ම් එකේ හිටපු ජේක් සුලීගෙ පුතෙක් වුණු "Lo'ak" ගෙ හොදම යාළුවා වෙච්ච 'Payakan' කියන තල්මහව (Tulkun) මතක ඇතිනෙ කට්ටියට.ජේක් සුලීගෙ පවුලෙ අයයි, අනික් Naʼvi ගෝත්‍රෙ අයයි, මිනිස්සුනුයි අතරෙ තිබ්බ මුහුදෙ වුණු ලොකු සටනෙදි මෙයා ලොකු සේවයක් කරනවා Naʼvi අය වෙනුවෙන්.
ඒහා සමානම විදිහට තල්මහෙක් මනුස්සෙක්ගෙ ජීවිතයක් බේරගත්ත අපූරු කතාවක් තමයි පල්ලෙහා වීඩියෝ එකේ තියෙන්නෙ. "Nan Hauser" කියන තල්මස් විද්යාඥවරියගෙ ජිවිතේ තමයි මේ තල්මහා බේරල දීලා තියෙන්නෙ. ඒ මෝරෙකුගෙන් එල්ලවෙන්න ගිය මාරාන්තික ප්‍රාහාරෙකින්. සමහර විට ජේම්ස් කැමරන් 'Payakan' කියන තල්මහගෙ චරිතෙට මේ සිද්ධියෙන් ආභාෂය ගන්නත් ඇති.

Saved by a Whale



ඔය ඒ තල්මස්සු විශේෂෙට පොදුවෙ කියන නම.