ගුවන් යානයක ඉදලා පැනලා ඉහළ ආකාසයේ කරන 'Skydiving' ක්රීඩාවෙ ස්වරූපයට සමාන අත්දැකීමක් ලබා දෙන ගෘහස්ථව ඉදිකරපු සිරස් "Wind tunnel" එකක ඉදන් කරන විශේෂ ක්රිඩාවක් තමයි "Indoor skydiving" කියලා කියන්නෙ. 'Skydiving' වලට සාපේක්ෂව ගත්තම "Indoor skydiving" වල තියෙන විනෝදජනක බව නිසාත්, ආරක්ෂාකාරී බව නිසාත් වර්තමානෙ ලෝකෙ හුගක් දෙනෙක් අතරෙ වේගයෙන් ජනප්රිය වේගෙන යන ක්රීඩාවක් විදිහටයි මේක හදුන්වන්නෙ. මේ ජනප්රිය බව නිසාම වාර්ෂිකව "Indoor skydiving" ලෝක ශූරතා තරගාවලියක් පවා පැවැත්වීම සිදු කරනවා. මේ ඉන්නෙ මේ "Indoor skydiving" ක්රීඩාවෙ 'Freestyle' ඉසව්වෙ වර්තමාන ලෝක ශූරිය වෙන පෝලන්ත ජාතික "Maja Kuczyńska" යි. වෘත්තීය මට්ටමේ 'Skydiver' කෙනෙක් වුණු මෙයාගෙ පියාගෙ මගපෙන්වීම නිසා කුඩා කාලයේ ඉදලම 'Skydiving' ක්රීඩාවට යොමු වුණු "Maja Kuczyńska" ගුවන් යානයක ඉදලා තමන්ගෙ පළවෙනි 'skydiving' පිම්ම පැනලා තියෙන්නෙ වයස අවුරුදු 10 ක් වෙද්දියි. වයස අවුරුදු 15 ක් වෙද්දි තමයි මෙයා "Indoor skydiving" වලට යොමුවෙලා තියෙන්නෙ. දැන් මෙයාට වයස අවුරුදු 25 ක් වෙනවා.
Youtube වල මෙයාගෙ shorts වගයක් suggest වෙලා තිබිලා දැකලා තමයි ත්රෙඩ් එක දැම්මෙ. 
