ඕක මිනිස්සුන්ව අන්දන්න පුළුවන් අතීශයින්ම ගොන්ම ගොන් පරනම පරන ක්රමයක් බන්. යකෝ ඉස්සර මිනි පිට්ටනි කීයක් ගොඩ කරල ලස්සනට අර ගාඩ්න් මේ ගාඩ්න් කියල හදල විකුණපු ඉඩම් වල ගෙවල් හදාගෙනද අද මිනිස්සු ඉන්නෙ කියල දන්නවද උඹලා? එහෙම බැලුවොත් මේ ගෙවල් යට ගණන් කරන්න බැරි තරමට මිනී වළදාල ඇති. ඉස්සර නිකන්ම කැලේට ගිහින් දානවා මෘත ශරීර. පස්සෙ සත්තු කයි කියල, සත්තු ඇදගෙන ආයෙ එයි කියල යද්දි බෙර ගහල සද්ද කරල වෙඩි බෙහෙත් වගේ දේවල් ගහල සත්තුන්ව එලවල තමයි කැලේට ගිහින් දාල එන්නෙ. අම්මෝ ඉස්සර කැලෑ වල නේන්නම් මේ ලස්සනට තට්ටු පිට තට්ටු ගෙවල් ගහල නෙට්ෆ්ලික්ස් එකේ සීරීස් එකක් බලල සින්ගල් මෝල්ට් එකක් ගහල සැපේ ජීවත් වෙන්නෙ.
අනික එක තැනකින් වහ බීල හරි එල්ලිල හරි ලෙඩ දුකින් හරි ස්වභාවෙන්ම අත අරින්නෙම, කූඩැල්ල වගේ තව තැනකට ප්රතිසන්ධියක් හදාගෙනම තමයි. නිරයෙ ඉන්න ආත්ම වලට පින් දෙන්න කියන්නෙ, ශුධිකාගිනි ස්ථානයේ ඉන්න ආත්ම වලට යාඥා කරන්න කියන්නෙ, ගාසා වගේ තැන් වල, නැත්තන් අඩු වයසෙන් ගොඩාක්ම 19න් 29න් 49න් වගේ යන්න ආව අයට දීගු කාලීන පින් ඇති ජීවිතයකට පාර හදාගන්නයි. පින් එද්දියි අවබෝද කරගන්න මනස දියුණු කරගන්න ලැබෙන්නෙ.
මනස දියුණු නොවුනම තමයි, ප්රශ්න විසඳන්න යක්කු ගැන කියන්න වෙන්නෙ. නැත්තන් ධම්මය තේරුම් ගන්න, අවබෝද කරගන්න ප්රඥාව වඩාගන්නවා.