ආදර කතාවක අවසානයක් (ලු)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    සත්ය කතාවක්.

    මගෙ අයියා හා අක්කා (අයියාගෙ girl friend) ගැන අපි අත් විඳපු සිදුවීමක්.

    අයියා යාලු වෙලා හිටපු ගෑනු ලමයෙක් හිටියා ඒ අක්කාත් අපේ ගමේම අක්කා කෙනෙක්. අපේ ගෙදර ඉඳන් 500m වගේ තිබ්බෙ. අපේ අයියායි එයාගෙයි wedding එකට මාසයක් තියලා 2019 මාර්තු මාසෙ අක්කා එයාව dressing කරන්න බුක් කරපු සැලුන් එකේ වැඩකට අයියා එක්ක ගිහින් එද්දි හදිස්සියෙ accident එකකින් නැතිවුනා. ඒ ගැන නම් news වල හිටන් ගියා. කොහොම හරි ඒකෙන් පස්සෙ ගමේ අමුතු අමුතු කතා පැතිරුනා අයියා බදින්න හිටපු අක්කා ගැන. අක්කා නැති වුනාට පස්සෙ ගමේ කීප දෙනෙක් අක්කාව දැකලා තිබ්බා.

    හොඳම දේ තමයි අක්කාගෙ මල ගෙවල් දවස් වල අයියාගෙ ඔෆිස් එකේ යාලුවො වගයක් රෑ මල ගෙදර ඇවිල්ලා, දෙන්නෙක් තනියම බයික් එකක එද්දි හන්දියෙ හිටපු ගෑනු ලමයෙක්ගෙන් පාර අහලා. එයාලා පස්සෙ මලගෙදර ඇවිල්ලා මල ගෙදර අක්කාගෙ ගහලා තිබ්බ බැනර් එකක් දැකලා පුදුම විදිහට බය වුනා. ඇහුවාම කිව්වෙ අක්කගෙ ෆොටෝ එක පැත්තට ඇඟිල්ල දික්කරලා "මෙන්න මෙයා තමයි අපිට හංදියෙදි හම්බෙලා පාර කිව්වෙ" කියලා.

    පහුවදා අපේ අයියාට ආරංචි වෙලා තිබ්බා ඒ ඔෆිස් එකේ අයියාගෙ යාලුවාට එදා රෑම සහලෝලා උණ ගැනිලා කියලා.

    පස්සෙ දවසක ගමේ අංකල් කෙනෙක් අක්කලාගෙ ගෙවල් ලඟින් යනකොට කවුදෝ මන්දා අඬන සද්දයක් ඇහිලා තියෙනවා. එයා ටිකක් ඔලුව දාලා බලද්දි අක්කලාගෙ ගෙදර දොරලඟ බිම වාඩි වෙලා ගෑනු ලමයෙක් අඬනවාලු. ඒ මාමා කිව්ව විදිහට ඒ අර අකාගෙ හැඩහුරුවලු එයාටත් තිබ්බේ.

    පස්සෙ දවසක පාන්දර කිරි අම්මා දානෙක්ට යන ගමන් හිටපු ආච්චි කෙනෙක් නැතිවුන අක්කාව දැකලා තියෙනවා. ඒ ආච්චි අක්කාව දැකලා තියෙන්නෙ අක්කගෙ ගෙවල් ගාව තියෙන හන්දියෙමයි.

    ඔහොම ටික ටික කාලෙ ගෙවිලා ගිහින් කොවිඩ් ඇවිල්ලා කොවිඩ් දෙවෙනි රැල්ල ආවා. කොහොම හරි ඒකාලෙ අපේ අයියාට හොඳටම උණ ගැනිලා තිබ්බෙ. පස්සෙ por එහෙම කරාට පස්සෙ අයියාට කොවිඩ් කියලා දැනගත්තා. පස්සේ ග්රාමසේවක phi ලා එකතුවෙලා අයියාව hospital ගෙනියන්න එනවා කියලා ලෑස්ති වෙලා ඉන්න කිව්වා අයියාට.

    අයියා යාලුවෙලා හිටපු අක්කා අයියාට දුන්න ලස්සන මල් පැලයක් තිබ්බා. ඒක නිකන් අර forget me not මල් වගේ ලානිල් පාට පොකුරු පොකුරු හැදෙන මල් පඳුරක්. ඇත්තටම ඒ මල්වල නම නම් මම දන්නෑ. කොහොම හරි එදා අයියා ඒ මල් දිහා බලාගෙන පැය ගානක් හිටියා. ඒ මල් වලට වතුර දැම්මා. පස්සෙ අයියා ඒ මල් පොකුරකුත් කඩා ගෙන සාක්කුවෙ දාගත්තා. සමහර විට එදා අපේ අයියට ඉවෙන් හරි දැනෙන්න ඇති ආයෙ කවදාවත්ම ඒ මල් දකින්න වෙන්නෑ කියලා.

    අයියාට එදා හිතෙන්න ඇති ආයෙ ඒ මල් බලන්න අයියා ජීවත් වෙන එකක් නෑ කියලා. මොකද ඒ මල් පැලේ එක්ක අයියගෙයි අක්කාගෙයි ආදරේ ගැන ලොකු සම්බන්දයක් තිබුනා. පස්සෙ අයියාව hospital අරන් ගියා.hospital ගිහින් දවස් තුනකට පස්සෙ අයියාව icu දැම්මා, ඊටත් දවස් පහකට පස්සෙ අයියා නැතිවුනා. අයියා නැතිවෙන කොට අක්කා නැතිවෙලා අවුරුදු එකහාමාරක් වගේ. අයියාගෙ මූන කාටවත් අන්තිම වතාවට බලාගන්න බැරිවුනා.

    අයියා නැතිවෙලා දවස් දෙක තුනකට පස්සෙ අමුතු දේවල් සිදුවුනා. අර මං කිව්ව මල් පැලේලඟ අයියා ඉන්නවා අපේ අම්මා දැකලා තිබ්බා. ඕක අපේ සීයාත් දැක්කා කියලා තාත්තා එක්ක කියලා තිබ්බා. පස්සෙ කීප දෙනෙක්ම අයියා ඒ මල් පැලේ ලඟ ඉන්නවා දැකලා තිබ්බා. ඔහොම කාලයක් මල් පැලේ මැරෙන්න ගත්තා අපි කොච්චර පෝර දැම්මාත් වතුර දැම්මාත් හරි යන්නෑ. ඒ වගේම අයියාත් එතන ඉන්නවා නිතර පේන්න ගත්තා පස්සෙ බැරිම තැන අම්මා ඒ මල්පැලේ පෝච්චියෙන් ගලවලා අයියාගෙ අලු වලලලා තියන තැනින් හිටවලා ආවා. එතන එහා පැත්තෙ තමයි අක්කාගෙත් සොහොන තියෙන්නෙ. පස්සෙ වෙසක් එකට අපි අක්කාගෙයි අයියාගෙයි සොහොන් සුද්දකරන්න ආවම දැක්කා ඒ පැලේ එතන හොඳට පැලවෙලා තියෙනවා

    Original Post
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    mokada hadisiye holman group wala karanne?
    එළකිරි බූත කොටුව balanna හිතුනා ඊයේ ඉඳන්. පොඩ්ඩක් හොල්මන් scenes ආයේ බලන්න ඕනේ කියලා හිතුවා ඒ ගමන් ම
     
    • Like
    Reactions: supun_sg

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,106
    2,341
    113
    මේ මගේ දෙවෙනි affair එක .මාස දෙකයි තවම.මට 25 යි. boy ට 28 යි. මගේ boy මට නිතරම room යන්න කතා කරනවා.වෙන විදියකින් meet වෙන්න එයා කැමති නැහැ එච්චර . එයාගේ sexual feelings ටිකක් වැඩියි.ඒත් මන් ඒවා එපා කියලා නැහැ .මට ගෙදරින් එලියට යන්නත් අවසර ලැබෙන්නෙ නැහැ එච්චර . මට ගෙදරට බොරු කියලා එයා එක්ක එහම යන්න බැහැ . ඒක කීවම එයා කියන්නේ දැන් පොඩි නැහැ නේ කියලා.එයාගේ කලින් affair එක අවුරුදු 5ක්. ඒකෙදි එයාට kiss එකක්වත් හරියට ලැබුනේ නැහැ ලු. අනේ මම බැහැ කිව්වම එයා හරියට කතා කරන්නෙත් නැහැ . මට කිසිම් විදියකින් එයා කියන එකට හා කියන්න බැහැ .මට මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ 🥺
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කෙම්මුර අඩවියේ විනාඩි5කට කලින් මේ කතාව කියෙව්වේ. පට්ට බොරු මං හිතන්නෙ
     
    • Wow
    Reactions: sahan50

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    මෙක මගේ අත්දැකීමක් මිනිස් හොල්මන් නම් නෙමෙ. මන් සමහර දාට ගෙදර එන්නෙ රෑ වෙලා එහෙම ඇවිත් ගෙදර අය ඇහැරවන්නෙ නැතිව ගෙ පිටිපස්සට ගිහින් පම්ප් එකක් එහෙම දාල ඇතුලට යන්නෙ ඔහොම දවස් වලට අපේ බල්ලා. ඇවිත් මගේ අවට කැරකෙනවා මන් එනව දැක්කොත් තමයි. මන් කොලබ කාලයක් වැඩ කරලා ආයෙත් ගාලු ඇවිත් ටික දවසකින් ඔහොම රෑ ජාමෙ ගෙදරට ඇවිත් අර වගේම පිටිපස්ස පැත්තට ගිහින් පම්ප් එකක් දැම්මා. එතකොට බල්ල ඇවිත් මගෙ අකකුල් දෙකෙ දැවටෙන ගානවට ඉන්නවා මට දැනුනා ඌ හුස්ම ගන්න සද්දෙත් එක්ක. ඔහොම මන් පම්ප් එක දාල මූනත් හොදන් කාමරේට ඇවිත් ඇලට් එකක් දානකොට තමයි මතක් උනෙ බල්ල ඊට සති දෙක තුනකට උඩදි කෑමක් විසවෙලා වගේ ලෙඩ වෙලා මැරුන කියල. :eek::eek::eek:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    කෙම්මුර අඩවියේ විනාඩි5කට කලින් මේ කතාව කියෙව්වේ. පට්ට බොරු මං හිතන්නෙ
    අනේ මන්දා බං. තමන්ගේ අයවම එහෙම බොරුවට මරල කතාවක් ලියලා දායි ද?
     
    • Like
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අනේ මන්දා බං. තමන්ගේ අයවම එහෙම බොරුවට මරල කතාවක් ලියලා දායි ද?
    ඕකුන්ගෙ කතා හැමදාම සෙට් වෙන්නෙ මේ වගේ වෙලා වල් වලටමයි. බලන්න බොරුනම්. අනික නම් ගම් නැතිවනේ දාන්නෙ
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    මෙක මගේ අත්දැකීමක් මිනිස් හොල්මන් නම් නෙමෙ. මන් සමහර දාට ගෙදර එන්නෙ රෑ වෙලා එහෙම ඇවිත් ගෙදර අය ඇහැරවන්නෙ නැතිව ගෙ පිටිපස්සට ගිහින් පම්ප් එකක් එහෙම දාල ඇතුලට යන්නෙ ඔහොම දවස් වලට අපේ බල්ලා. ඇවිත් මගේ අවට කැරකෙනවා මන් එනව දැක්කොත් තමයි. මන් කොලබ කාලයක් වැඩ කරලා ආයෙත් ගාලු ඇවිත් ටික දවසකින් ඔහොම රෑ ජාමෙ ගෙදරට ඇවිත් අර වගේම පිටිපස්ස පැත්තට ගිහින් පම්ප් එකක් දැම්මා. එතකොට බල්ල ඇවිත් මගෙ අකකුල් දෙකෙ දැවටෙන ගානවට ඉන්නවා මට දැනුනා ඌ හුස්ම ගන්න සද්දෙත් එක්ක. ඔහොම මන් පම්ප් එක දාල මූනත් හොදන් කාමරේට ඇවිත් ඇලට් එකක් දානකොට තමයි මතක් උනෙ බල්ල ඊට සති දෙක තුනකට උඩදි කෑමක් විසවෙලා වගේ ලෙඩ වෙලා මැරුන කියල. :eek::eek::eek:
    අපේ මහ ගෙදර උනා පොඩි සිද්ධියක්. ඒ හිටපු ගැහැණු සතෙක් (female dog) නැති උනා cancer එකක් ඇවිත්. ටික දවසක් යනකල් ගෙදර දොර පහුරු ගහපු සද්දේ තිබ්බ. ඒ සතා ඉන්න කාලේ කුස්සියේ දොර පහුරු ගානවා බඩගිනි ඇති වෙලා ආවහම. එහෙම තමයි කෑම ඉල්ලන්නේ ඒ සතා

    ඕකුන්ගෙ කතා හැමදාම සෙට් වෙන්නෙ මේ වගේ වෙලා වල් වලටමයි. බලන්න බොරුනම්. අනික නම් ගම් නැතිවනේ දාන්නෙ
    Ow anonymous danne
    ------ Post added on Dec 23, 2024 at 10:38 PM

    meeke inna sinhalayo wala katha liyana hatiyata, lankave un mehema katha liyana eka pudumayak newe
    ඇත්ත සිද්ධි නැතුවාම නොවේ
    ------ Post added on Dec 23, 2024 at 10:38 PM
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    අපේ මහ ගෙදර උනා පොඩි සිද්ධියක්. ඒ හිටපු ගැහැණු සතෙක් (female dog) නැති උනා cancer එකක් ඇවිත්. ටික දවසක් යනකල් ගෙදර දොර පහුරු ගහපු සද්දේ තිබ්බ. ඒ සතා ඉන්න කාලේ කුස්සියේ දොර පහුරු ගානවා බඩගිනි ඇති වෙලා ආවහම. එහෙම තමයි කෑම ඉල්ලන්නේ ඒ සතා
    oya sadda ahena scenenm hitha bn, ape amma samahara velavata api katha kala vage ahenawa kiyanawa, api gedara nathi velavatath. Godak busy vela gedara hitinnema nathi kaala valata thamai. Oowanm saamanya dewal
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    oya sadda ahena scenenm hitha bn, ape amma samahara velavata api katha kala vage ahenawa kiyanawa, api gedara nathi velavatath. Godak busy vela gedara hitinnema nathi kaala valata thamai. Oowanm saamanya dewal
    ඔව් ගොඩක් වෙලාවට මනස සම්බන්ධ සිදුවීම් වගේ.

    අපි නොදන්න දේවල් ගොඩක් තියෙන්න උනත් පුළුවන්
     
    • Like
    Reactions: Elamaz