මේ වීඩියෝ එකේ කතා නායිකාව වෙන්නෙ "Sophia Malthus" කියන නවසීලන්ත ජාතික ගෑණු ළමයා. 2016 අවුරුද්දෙ, ඒ කියන්නෙ මෙයාට අවුරුදු 19 දි සිද්ධවුණු "Horse riding accident" එකකින් සුෂුම්නාවට හානි වෙච්ච නිසා තමයි මෙයා මෙහෙම ආබාධිත තත්ත්වෙට (Quadriplegic) පත්වෙන්න හේතුවෙලා තියෙන්නෙ. මේ වීඩියෝ 2 ක නම් පිළිවෙලින් 2018 යි, 2020 අවුරුද්දෙයි පළ කරලා තියෙන්නෙ. දැන් මෙයා "Auckland University of Technology" එකේ නීති ශිෂ්‍යාවක් විදිහට "Health, criminal සහ family law සම්බන්ධව උපාධිය හදාරමින් තමයි ඉන්නෙ. ආබාධිත තත්ත්වෙ තියාගෙන 'modelling' පවා කරපු කෙනෙක්. මෙයාට අමතරව මෙයා වගේ හදිසි අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත් වුණු අය වගේම විවිධ දුර්ලභ ගනයෙ ලෙඩරෝගවලින් පීඩා විදින අය ඒ බාධක මැඩ ගෙන ජීවත් වෙන ගමන් තමන්ගෙ අරමුණු ඉටුකරගන්න දරණ උත්සාහය ගැන පෙන්නන වාර්තා වැඩසටහන් ගොඩක් "Attitude' කියන මේ "Youtube channel" එකේ පළ කරලා තියෙනවා. නිකන් ඉන්න වෙලාවට පුළුවන් නම් බලන්න. අහම්බෙන් අද තමයි මටත් මේ චැනල් එක 'Suggest' වුණේ. සමහරවිට අත පය හතර හරියට තියෙන අපිටත් මොනවාහරි දෙයක් ජීවිතේට ගන්න පුළුවන් වෙයි මේවගෙන්.


"Attitude" යූ ටියුබ් චැනලය
මෙයා වගේම මේ වගේ ජීවිතේ අභියෝගවලට මුහුණ දෙන අය කීපදෙනෙක් වීඩියෝ කීපයක්
Last edited: