😟🌎🔥 වාර්තාගත ඉතිහාසය තුළ පෘථිවිය මත වාර්තා වූ උෂ්ණාධිකම මාසය බවට මේ වසරේ ජූලි මාසය පත්වේ 🔥🌎😟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    wp11057571.jpg


    සැකසුම: Stimulus mind


    ඇමරිකා එකසත් ජනපදය විසින් සිදුකරන උෂ්ණත්ව දත්ත වාර්තා කිරීම නිල වශයෙන් ආරම්භ කරපු 1849 වසරේ ඉදලා මේතාක් ගෝලීය වශයෙන් ගත්තම සාගර සහ ගොඩබිම් ප්‍රදේශයන් තුළ වාර්ථා වුණු ඉහළම උෂ්ණත්වයන් වාර්තා කරපු මාසය බවට මේ වසරේ ජූලි මාසය පත් වෙලා තියන බව ඇමරිකා එකසත් ජනපදයේ නාසා ආයතනයත්, ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය ආයතනයත් (National Oceanic and Atmospheric Administration - NOAA) එළිදක්වපු කරපු වාර්තාවකට අනුව මේ වෙනකොට හෙළි කරලා තියෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිවිපාක වර්තමානෙ අපටත් හොදින් අත්විදින්න අවස්ථාව ලැබිලා තියෙන මේ මොහොතෙ අනාගතයේදී මනුෂ්‍යයාට මුහුණ පාන්න වෙන්න දැවැන්තම ස්වභාවික ව්‍යයසනය මේ ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක සිදුවෙන අසාමාන්‍ය ආකාරයේ කාලගුණ - දේශගුණ විපර්යාසයන් වේවි කියන එක තමයි මගේ නම් මතය වෙලා තියෙන්නෙ. 🙁😞


     
    Last edited: