😠😷🤒 ලංකාවෙ කට්ටිය හොදටම කරන හැටි 🤒😷😠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image_7922e4d19c.gif


    රට පුරා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත්වීමෙන් පසු බොහෝ දෙනා කොරෝනා අවදානම ද නොතකමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.

    එසේ විවිධ ස්ථානවල සංචාරය කරන පිරිස් මෙන්ම එම ස්ථානවල යම් යම් දේ අලෙවි කරන වෙළෙඳුන් ද නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ නියමිත දුර සීමා පවත්වා නොගනිමින් කටයුතු කිරීම නිසා යළිත් කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශද අනතුරු අඟවා තිබේ.

    සති අන්තයේදී අතර කොළඹ ගාලුමුවදොර පිටියට ද අද (7) දිනයේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටියේ නිසි ලෙස මුහුණ ආවරණ පැළඳ සිටියේ නැත.

    ඔවුන් අතර ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් පවා සිටිනු දක්නට ලැබිණි.


    image_ddbaeddb3c.gif


    image_ddedf4881b.gif


    image_8b3d2048db.gif


    image_fe1e3cddbb.gif


    image_eb2f7cb2dd.gif


    image_4d4087677c.gif





    Source: lankadeepa.lk

    (ඩයනා උදයංගනී)
    ඡායාරූප -- ජයමාල් චන්ද්‍රසිරි






    සෑරුත් හොදටම කරපු එකේ අපි විතරක් නොකර පුලුවන් ද කියලා හිතිලා ඇති. :angry: :angry: :dull:


    Meanwhile Corona :cool:

    4l8mrsbklqt31.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,039
    113
    34
    Kalutara
    විශ්‍රාමිකයින්ගේ සංගමේත් පාරට බහිනවා කිව්වා නේද. මේ කොරෝනා කාලේ පාරට බස්සලා අන්තිමේ කියන්න එපා කිව්වේ කොරෝනා බෝ කරගත්තා කියලා., ආණ්ඩුවට නම් පුදුම අමාරුවක් තියෙනවා කොහෙන් හරි කොරෝනා බෝකරවන්න.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඊයේ වැඩ වගයකට කොටුවේ ගියා , වැඩිහරියක් මිනිස්සු mask හරියට දාන්නේ නැ , එක්කෝ දාන්නෙම නැ . මෝඩ හැත්ත
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    "ප්‍රසිද්ධ ස්ථානයක නිසිපරිදි මුව ආවරණයක් නොපැළඳ සිටීම" කියලා 1000/= දඩයක් ගැහුවනම් හරි , වැඩේ තවත් කාර්යක්ෂම කරන්න දඩ මුදලින් 25% ක් දඩය ගසන නිලධාරියට කොමිස් මුදලක් ලෙස ආණ්ඩුවෙන් ලබාදුන්නා නම් , මේ වැරැද්ද කරන අය හොයාගන්නවත් නැති වෙනවා

    අපේ ඉන්නේ කටින් බතල හිටවන දේශපාලුවෝ නේ ඕව කරන්නේ නෑනේ

    තවත් ඕන නම් මාධ්‍ය කාරයෝ ටිකක් එක්ක හිහින් 10 දෙනෙක්ට දඩ ගහලා 1000කට විතර දඩ ගහනවා වගේ වීඩියෝ කරලා හැමදාම නිවුස් වලට පෙන්නුවා නම් මිනිස්සු බයටම මාස්ක් දානවා , අපේ මාධ්‍ය කාරයෝ ඔය වගේ වැඩ වලට මාර දක්ෂයිනේ
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දියුණු බටහිර රටවල ඉන්න එළකිරියේ උන් දන්නවා ඇති ඒ රටවල පිට තැන්වලදී කොහොමත් මාස්ක් දාන්නේ නැහැ. සෙනග පිරිලා. ලංකාවේ අඩුම ගානේ ටික දෙනෙක් හරි එළියේ දානවා.

    ලංකාවෙයි තව රටවල් කිපෙකයි තමයි පිටදිත් මාස්ක් දාන නීති තියෙන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    පොලීසියේ ගෝතයෝ දන්නේ නැද්ද පොදු තැන් වල මුව ආවරණ නැතිව හිටියෝත් දඩ ගහන්න පුලුවන් බව. අනේ මන්දා හරක් මාතියාගේ පොලෝසිය.
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,039
    113
    34
    Kalutara
    "ප්‍රසිද්ධ ස්ථානයක නිසිපරිදි මුව ආවරණයක් නොපැළඳ සිටීම" කියලා 1000/= දඩයක් ගැහුවනම් හරි , වැඩේ තවත් කාර්යක්ෂම කරන්න දඩ මුදලින් 25% ක් දඩය ගසන නිලධාරියට කොමිස් මුදලක් ලෙස ආණ්ඩුවෙන් ලබාදුන්නා නම් , මේ වැරැද්ද කරන අය හොයාගන්නවත් නැති වෙනවා

    අපේ ඉන්නේ කටින් බතල හිටවන දේශපාලුවෝ නේ ඕව කරන්නේ නෑනේ

    තවත් ඕන නම් මාධ්‍ය කාරයෝ ටිකක් එක්ක හිහින් 10 දෙනෙක්ට දඩ ගහලා 1000කට විතර දඩ ගහනවා වගේ වීඩියෝ කරලා හැමදාම නිවුස් වලට පෙන්නුවා නම් මිනිස්සු බයටම මාස්ක් දානවා , අපේ මාධ්‍ය කාරයෝ ඔය වගේ වැඩ වලට මාර දක්ෂයිනේ
    සවේ, මේ දරුවව කොවිඩ් මර්ධන කමිටුවට ගන්න.