😡🔥💵 මැති සබේ විදුලිය-ජලය වෙනුවෙන් කෝටි 8 ක් ගිහින් 💵🔥😡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    Parliament-SL-2.jpg


    පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සහ ජලය සැපයීම සඳහා 2020 වර්ෂයේදී පමණක් රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන්සිය විසි තුනක (74,625,323.28) මුදලක් වැයවී ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි.

    විදුලිය සහ ජලය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වැය වන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී බව එහි නිලධාරීහු පවසති.

    මැතිසබය රැස්වන අවස්ථාවන්හිදී වායු සමීකරණ පද්ධති සහ විදුලි සැපයුම පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව පවසන එම නිලධාරීහු පවතින ආර්ථික තත්වය හමුවේ ජලය සහ විදුලිය වෙනුවෙන් වූ වැය බර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවද පෙන්වා දෙති.

    පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහාද වාර්ෂිකව ලොකු විදුලිය පිරිවැයක් දැරීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.


    Source: lankadeepa.lk


    burning-cash.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    ඕකුන්ට AC එක ගලෝල චීනෙන් මේවා ටිකක් ගෙනත් දෙන්න ඕනේ
    View attachment 158048
    ඕක ගහන්නත් එකෙක්ට එකා ගානෙ ආවතේවකාරයොත් ගනියි. ඒ පාර උන්ටත් පඩි ගෙවන්න බැරියැ. :lol:
     
    • Haha
    Reactions: Lahiru120

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුරල පච හලන්නෙ ඔවගෙන් නඩත්තු වෙවී තමයි, ඔකුන් දැන් අවුරුදු20-30 ඕකෙම ලැගන් උන්නට රටට කරපු ලබ්බක් නැනෙ , අඩුම ගානෙ ඔකුන් හදවපු කක්කුස්සියක්වත් තියෙනවද
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අනුරල පච හලන්නෙ ඔවගෙන් නඩත්තු වෙවී තමයි, ඔකුන් දැන් අවුරුදු20-30 ඕකෙම ලැගන් උන්නට රටට කරපු ලබ්බක් නැනෙ , අඩුම ගානෙ ඔකුන් හදවපු කක්කුස්සියක්වත් තියෙනවද
    ගවයෝ රැලක් එකතු වෙන්න මෙච්චර වියදම් කරන්න ඕනෙද? පඩයක් ගියත් ගියත් ජෙප්පෝ පලි 🤭
     
    • Like
    Reactions: Stimulus mind