😷 ඔමික්‍රෝන් නිසා ඉන්දියාවත් අසීරු අඩියක 😷

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    HEALTH-CORONAVIRUS-PERU-16_1641530661129_1641531387834.JPG


    ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව මේවනවිට අර්බුදකාරීත්වයකට මුහුණ පාමින් සිටිනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ප්‍රාන්තවලින් දෛනිකව වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි.

    ඒ අනුව මාස 07 කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 47, 814 ක්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් ඉන්දියාවෙන් ලක්ෂයකට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ දෙවන දිනය ඊයේ දිනයයි.

    මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඊයේ දිනයේදී එම ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයින් 41,000 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

    ඒ අනුව ඉදිරියේදී රෝහල් තුළ ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම වැඩිවුවහොත් හෝ කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් ඇඳන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවුවහොත් ප්‍රාන්තය අගුලු දැමීම පිළිබඳ සලකා බලන බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.


    Source: nethnews.lk



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    කොහොමද ඔමික්‍රෝන් රැල්ලකුත් ඇවිල්ල lockdown වැටුනොත් ?
    ලංකාව හාන්සි .. :yes:
    ලොක්ඩවුන් නම් කරන එකක් නම් නෑ ආයේ වෙන මොන මගුලක් ආවත්.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තුන්වෙනි එන්නත විදගන්ඩයි තියෙන්නෙ70% ආරක්ශාවක් ඇතිවෙනව එතකොට..
    අර ලන්කාවේ හදපු එවා ඔක්කොම රට යැව්වා ද බම්
    අපිට එක්ක් වත් දුන්නේ නෑ නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    කොහොමද ඔමික්‍රෝන් රැල්ලකුත් ඇවිල්ල lockdown වැටුනොත් ?
    ලංකාව හාන්සි .. :yes:
    EKA KARAWANNA THAMA MAHAUNTA ONA..........
    EKANE POKURU HADENNA WADE KARAWANNE...........
     
    • Like
    Reactions: Stimulus mind