😷 කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා 😷

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    b9882ed7-9e7b-caf8-c6e4-9cec0f125baa


    ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    එහි උසස් සෞඛ්‍ය නිලධාරියෙකු පැවසුවේ ඉකුත් 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇති බවයි.

    මෙසේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වන රෝගීන් ගෙන් 30 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් අනෙක් පිරිස් ඔවුන්ගේ නිවෙස් ද වසා දමා සෞඛ්‍ය නිලධාරීන්ට මගහැර ගොස් ඇතැයි සෞඛ්‍ය නිළධාරින් පවසයි.

    මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තනයේ යෙදුණු පිරිසක් විවාහ මංගල උත්සවය පසු වී දින කීපයකින් කොරෝනා ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී ඇතැයි හදුනාගෙන තිබිණි.

    විවාහ මංගල සාදයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බවත් අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මා ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බව ද කාටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල උසස් නිලධාරියකු පැවැසීය.


    Source: lankadeepa.lk
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වෙඩින්ග්ස් කියල පිස්සු කෙලින දෙන එක නම් මහ විකාරයක්. ගැලපෙන විදියේ සීමාවක් කරා නම් වටිනවා. නිකන් අපරාදේ කොරෝණා බෝකර ගන්නවා.