🚑 අවතැන් ජනයාට බෙදන පිසූ ආහාර වල තිබිය හැකි අවදානම

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    දිට්වා සුළි කුණාටුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව බෝම්රිය කනිටු විද්‍යාල සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා සිටි ළමුන් 15 දෙනෙකු ඇතුළු 29 කු හදිසියේ රෝගී වී ඊයේ (2) රාත්‍රි රෝහල් ගත කළ බව නවගමුව පොලිසිය කියයි.

    එම රෝගීන් අතර වයෝවෘද්ධ පුද්ගලයන් දෙදෙනකුද වන බව පොලිසිය සඳහන් කරයි.

    එම සුරක්ෂිත මධ්‍යස්ථානයේ පුද්ගලයින් 396 ක් පමණ රඳවා සිටින අතර ඊයේ (2) දිවා ආහාරය ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් සම්බන්ධ වී හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයින් විසින් එම සුරක්ෂිත මධ්‍යස්ථාන භාරව සිටින ග්‍රාම නිලධාරිනිය වෙත ආහාර පාර්සල් ලබා දී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

    එම ආහාර ලබා ගැනීමෙන් අනතුරුව උදර ආබාධයක් සෑදී රාත්‍රීයේදී එකි පිරිස නවගමුව රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

    ඒ සම්බන්ධව කඩුවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කර ස්ථානයට කැදවූ අතර ඔවුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    හම්බෝ ඔය කෑම පාර්සල් දෙන ඵකත් සෑහෙන්න භයානක වැඩක් නේ..කාට හරි වහ වුනත් දාල දෙන්න පුළුවන් කාලකන්නි සෙට් ඵකක් දේශපාලන වාසි ගන්න...දැන් ගංවතුර බැහැල තියෙන ඵකේ ඵයාලටම උයාගන්න කියලා බඩු දුන්නනම් හරි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කැරී ආණ්ඩුව බත් පැකට් එකත් කවුරු හරි දෙනකම් බලාගෙන ඉන්නවා 🤮
     
    • Like
    Reactions: max_pain

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,706
    113
    ගග අද්දර
    Joke නෙවෙයි සිගරට් ටිකක් එව්වොත් අවුල්ද?
    Ewapan. Eka nam man gannawa

    ඊයේ අවිස්සාවේල්ල නගර සභාවෙන් දුන්න රෑ කෑම එකත් පිළුණු වෙලා තිබ්බේ.
    අන්තිමට කඩෙන් කෑම එකක් ගෙනත් කැවා.
    ------ Post added on Dec 3, 2025 at 1:33 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,716
    113
    Ewapan. Eka nam man gannawa

    ඊයේ අවිස්සාවේල්ල නගර සභාවෙන් දුන්න රෑ කෑම එකත් පිළුණු වෙලා තිබ්බේ.
    අන්තිමට කඩෙන් කෑම එකක් ගෙනත් කැවා.
    ------ Post added on Dec 3, 2025 at 1:33 PM
    උබෙ පැත්තත් යටවෙලාද උබ කොහෙද
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ewapan. Eka nam man gannawa

    ඊයේ අවිස්සාවේල්ල නගර සභාවෙන් දුන්න රෑ කෑම එකත් පිළුණු වෙලා තිබ්බේ.
    අන්තිමට කඩෙන් කෑම එකක් ගෙනත් කැවා.
    ------ Post added on Dec 3, 2025 at 1:33 PM

    Mokak kiwwa ....?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    දිට්වා සුළි කුණාටුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව බෝම්රිය කනිටු විද්‍යාල සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා සිටි ළමුන් 15 දෙනෙකු ඇතුළු 29 කු හදිසියේ රෝගී වී ඊයේ (2) රාත්‍රි රෝහල් ගත කළ බව නවගමුව පොලිසිය කියයි.

    එම රෝගීන් අතර වයෝවෘද්ධ පුද්ගලයන් දෙදෙනකුද වන බව පොලිසිය සඳහන් කරයි.

    එම සුරක්ෂිත මධ්‍යස්ථානයේ පුද්ගලයින් 396 ක් පමණ රඳවා සිටින අතර ඊයේ (2) දිවා ආහාරය ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් සම්බන්ධ වී හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයින් විසින් එම සුරක්ෂිත මධ්‍යස්ථාන භාරව සිටින ග්‍රාම නිලධාරිනිය වෙත ආහාර පාර්සල් ලබා දී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

    එම ආහාර ලබා ගැනීමෙන් අනතුරුව උදර ආබාධයක් සෑදී රාත්‍රීයේදී එකි පිරිස නවගමුව රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

    ඒ සම්බන්ධව කඩුවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කර ස්ථානයට කැදවූ අතර ඔවුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
    හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයින්

    bala maalu genat dunnada danne na..
     
    • Haha
    Reactions: asbestos