🚨 මහා ප්‍රහාරයකට සූදානම් වන 3ක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Attack.jpg.webp



    කිසියම් දැවැන්ත ප්‍රහාරයක් සඳහා අවි ආයුධ ගබඩා කරගෙන සිටි දෙමළ ජාතික සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මහජන සහාය පතයි.

    ඉකුත් ජූලි මස 21 වැනිදා කිරිබත්ගොඩදි ත්‍රිරෝද රථයකින් යමින් සිටි තරුණයකු ටී- 56 අවියක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය විය. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත වවුනියාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අත්බෝම්බ තොගයක් ද පොලිසිය සොයාගෙන තිබිණි.

    එම අත්බෝම්බ කොළඹට රැගෙන ඒමට සූදානම් කර තිබූ බවද පසුව හෙළි විය. එම අත්බෝම්බ ගබඩා කරගෙන සිටි සැකකරුවන් තිදෙනා පිළිබඳ සියලු තොරතුරු ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් මේ වනවිට හෙළි කරගෙන ඇත.

    අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් පිළිබඳ විස්තර මෙසේය.

    ශිවරුපා සුජීපන් ගාන්ධි නගර්, සේයකුලම් පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

    27 හැවිරිදි ඉලන්කෝ සෙට්චින්නන් මැණික්හාමි සෙට්ටිකුලම් පදිංචිකරුවෙකි.

    මහේන්දිරන් යෝගරාජා 27 හැවිරිදි වියේ පසුවන අරාලි බටහිර වඩුකොට්ටෙහි පදිංචිකරුවෙකි.

    මොවුන් පිළිබඳ තොරතුරු මෙතෙක් ත්‍රස්තවිමර්ශන ඒකකයේ 0718591966 හෝ 0718596150 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    හේමන්ත රන්දුණු(Divaina)

    https://www.divaina.lk/main-news/23950
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උතුරේ ඉතුරු හමුදා කඳවුරු ටික අයින් කරලා අනිත් පාරවල් ටිකත් ඇරලා දෙමු බන් එතකොට උන්ට තවත් ලේසියි🙏🙏🙏
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    උන් දන්නෙත් නෑ උන්ට සල්ලි වියදන් කරලා සේරම දෙන්නේ මයිනා කියලා 😂
     
    • Haha
    Reactions: redux

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    මේ වගේ උන් ඉන්න ඕනේ, රහස් පොලිසියට බුද්ධි අංශ වලටත් වැඩක් තියෙන්න ඕනේ . ඇක්ශන් එකක් නැත්තම් ලල් එකක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ වගේ උන් ඉන්න ඕනේ, රහස් පොලිසියට බුද්ධි අංශ වලටත් වැඩක් තියෙන්න ඕනේ . ඇක්ශන් එකක් නැත්තම් ලල් එකක් නෑ.
    උඹේ ගෙදරත් බෝම්බයක් පුපුරුවා නම් තමා ලල් එක තියෙන්නේ😬
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    උඹේ ගෙදරත් බෝම්බයක් පුපුරුවා නම් තමා ලල් එක තියෙන්නේ😬
    ගෙදරට එන්න එපැයි ඉස්සලම ඌ බොම්බයක් තියනන්න. වැට පැන්න ගමන් සොරි ඩොට් කොම්
     

    Similar threads