අපි කාටත් හොඳින්ම හුරුපුරුදු ප්‍රකාශයක් සහ ක්‍රිකට් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන් අප දකින "මගේ මතේ ඒක බෑ" එහෙමත් නැත්තම් MMEB කියන # Tag එක නොදැකපු කෙනෙක් නැතුව ඇති
මේක එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදි ක්‍රිකට් ක්‍රීඩාව හරහා මෙරටට ඉමහත් ගෞරවයක් අත්කර දුන් ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් මහතා විසින් කල ප්‍රකාශයක කුඩා කොටසක්. මේ ප්‍රකාශය කිරීමෙන් පසුව මෙරට සමාජ මාධ්‍ය තුල මේ කියන ප්‍රකාශය යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හට අපහාස කිරීමි සහ මඬ ගැසීම් මෑත කාලයේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ සඳහා තමාගේ නම සහ ප්‍රකාය වගේම තම රූපයද යොදා ගැනීම හරහා තමන් උපයාගත් කීර්තිනාමයට ඇතිවන කැළල සම්බන්ධව යුක්තිය ඉල්ලා මුත්තයියා මුරලිදරන් මහතා විසින් සමාජ මාධ්‍ය තුල ඔහුගේ නාමය සහ රූපය යොදාගන ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ කණ්ඩායමට අපහාසාත්මක පළකිරීීම් කරන පිරිස් වලට එරෙහිව අද දිනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කිරීමට කටයුතු කල බව වාර්තා වෙනව. මීට අමතරව එවැනි පලකිරීම් කරනුලබන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙතද පැමිණිල්ලක් කිරීමට මුරලිදරන් මහතා කටයුතු කල බව සඳහන් වෙනව.
(