🚨 ලංකාවේ ලුණුවල ප්ලාස්ටික්! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,921
    10,276
    113
    මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලුණුවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගතව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ගයනි කපුකොටුව සහ රූපිකා රාජකරුණා සඳහන්කරන පරිදි වෙළෙඳපොළේ වෙළෙඳ නාමවලින් අලෙවි කිරීමට තිබෙන සාම්පල 33 ක් මෙම පර්යේෂණයේදී පරීක්ෂා කර ඇත.එම සාම්පලවලින් 24 ක් කැට ලුණු වේ.මෙම සියලුම ලුණු සාම්පල ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් දූෂිත බව අනාවරණය වී තිබේ.

    පුත්තලම සහ හම්බන්තොට ලුණු ලේවායෙන් ලබාගත් ලුණු සාම්පලවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අලිමංකඩ ලුණු ලේවායෙන් ලබාගත් ලුණු සාම්පලවලට වඩා වැඩි අගයක පැවැති බවද පර්යේෂණයේදී තහවුරුවී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

    වෙළෙඳපොළේ ලුණු සාම්පල කිලෝග්‍රෑම් එකක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 17.0 -122.5 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතව පැවැති බවත්, වෙළෙඳපොළේ ලුණු සාම්පලවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය පිරිපහදු නොකළ ලුණු වලට සාපේක්ෂව අඩු අගයක පැවැති බවත් පර්යේෂණයේ සඳහන් වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය දිනක ලුණු පාරිභෝජනය ග්‍රෑම් 5ක් වුවත්, මෙරට එක් පුද්ගලයෙකු දිනකට ලුණු ග්‍රෑම් 8.3ක් පාරිභෝජනය කරන්නේය. මෙහිදී වසරකට මෙරට පුද්ගලයෙකුට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 158 ක් ශරීරගතවන බව අනාවරණය වේ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    1709528459443.png


    bobawooyo-dog-confused.gif
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පලස්ටික් නැතිවෙද බං මුහුද විනාස කරනවනේ ලංකාවෙ උනුයි පිටින් එන උනුයි දෙගොල්ලම
    මේක ඇත්ත. පල්ස්ටික් අපද්‍රවය කෙලින්ම අපේ උනුත් පොන්නයෝ මුහුදට දාන්නේ. දැන්නම් ගන්න දෙයක් නැ.
     
    • Sad
    Reactions: gamerlk

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Research walin kohimath micro plastic api use karana hama wathurema tynw kyla oppu karala ne tynne. Lunu wala itin kohomath athi ne muhudu wathura hinda. Aparade wena research ekak krnna thibbe.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕකට නම් පුතේ කොරන්න දෙයක් නෑ... ඔය වගේ ඕනි නැති පරීක්ෂණ නොකර ඉන්න තමයි තියෙන්නේ...