🛑ආහාර හිගයක්.. කෘෂිකර්ම ලේකම්..

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ආහාර හිගයක්.. අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරනවා..- කෘෂිකර්ම ලේකම්..

    අද වන විට රට තුළ ඇති අර්බුද හේතුවෙන් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

    කිසියම් ලෙසකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත් ආහාර හුවමාරු ක්‍රමවේදයකට යා යුතු බවත් එනම් අප සතුව බඩඉරිඟු අතිරික්තකයක් ඇති නම් වෙනත් රටකින් ඊට සරිලන වෙනත් ආහාර ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පැවසීය.

    ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

    අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය සීමා කර කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යව පමණක් ආනයනයට අවධානය යොමු කිරීම උචිත බවත් ඒ මහතා පෙන්වා දේ.

    කෙසේ වෙතත් ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතක හෝ උවමනාවක් නැති බවත ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.



    https://lankacnews.com/ආහාර-හිගයක්-අත්‍යවශ්‍යම/


    ලංකාවේ බඩඉරිඟු අතිරික්තකයක් ඇතිවී තිබෙන ආකාරය 👇

     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මරු ටෝක මූ දෙන්නේ. තරුණයෝ බඩගින්නෙ ඉඳලා අනිත් අයට කෑම දෙන්න...බඩ ගින්න ඉවසන්න පුළුවන් සීමාවක් තියනවා.
    ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරන් අරන් මුන් සැප විදින්න ලැස්තියය. කාලකන්නි මුන්ගේ කෑම එක කැප කරා නම් හරි
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

    You might have highlighted this part :)
     
    • Like
    Reactions: Oli_Vili

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    269779315_231303509126102_6736637089882636460_n.jpg
     

    Similar threads