🛑🛑🛑 Breaking : ක්ලබ් වසන්තට වෙඩි තැබූ කුලී ඝාතකයන් රට පැනලා! Respect Ranil..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    Club-wasantha12-2-696x497.jpg

    අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර, ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු සිව්දෙනකුට බරපතළ තුවාල සිදු කළ පාතාල ලෝකයේ කුලී ඝාතකයන් දෙදෙනා රටින් පලා යන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි.

    මොවුන් දකුණු මුහුදු තීරය ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවකින් රටින් පලා යන්නට ඇති බවට සැක පහළ කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කීපදෙනෙක්ම දිවයිනට පැවැසූහ.

    මෙම කුලී ඝාතකයන් පලා ගිය බවට තොරතුරු ලැබුණු ස්ථාන කීපයක්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්‍ෂාවට ලක්කළ ද ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට හැකිවී නැත.

    මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී විමර්ශනවලට සම්බන්ධ උසස් නිලධාරියෙක් මෙසේ කියා සිටියේය.

    මේ වගේ සැලසුම්සහගත ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළාම ඒකට සම්බන්ධ ප්‍රධානම සැකකරුවන් රටින් පනින්න ලෑස්ති කරගෙන තමයි ප්‍රහාරය එල්ල කරන්නේ.

    ඒ නිසා ප්‍රහාරයෙන් පස්සෙ පැය 24ක් ගතවෙන්න ඉස්සර ඝාතකයො දෙන්න රටින් පනින්න ඇති කියල විශ්වාස කරනවා. ඒත් මේ දෙන්න පැන්න කියලා නිවැරදිම තොරතුරු, සාක්‍ෂි අපට ලැබිලා නැහැ.

    මෙම ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා ආරක්‍ෂක අංශයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවට සැකකරන බවත්, ඔවුන් ප්‍රහාරය එල්ල කළ ආකාරයෙන් එය තහවුරු වන බවත් විමර්ශන නිලධාරීහු පවසති.

    ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් 10කට ආසන්න පිරිසක් විමර්ශන පවත්වාගෙන යයි.

    ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අයුරින් සහාය වූ පුද්ගලයන් 07දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

    එහෙත් මෙම ප්‍රහාරයේ කුලී ඝාතකයන් දෙදෙනා හෝ එය සැලසුම් කළ පුද්ගලයන් කිසිවකුත් මේ වනතුරු අත්අඩංගුවට ගෙන නොමැත.

    කංජිපානි ඉම්රාන්, ලොකු පැටී, උනාකූරුවේ ශාන්ත, රොටඹෙ අමිල ඇතුළු පාතාල ප්‍රබලයන් පිරිසක් මෙම ප්‍රහාරය මෙහෙයවූ බවට ආරක්‍ෂක අංශ විශ්වාස කරයි.

    හේමන්ත රන්දුණු

    https://divaina.lk/ක්ලබ්-වසන්තට-වෙඩි-තැබූ-කු/

    450674427_1001638624737050_5424599392389444263_n.jpg
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මෙම ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා ආරක්‍ෂක අංශයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවට සැකකරන බවත්, ඔවුන් ප්‍රහාරය එල්ල කළ ආකාරයෙන් එය තහවුරු වන බවත් විමර්ශන නිලධාරීහු පවසති.

    https://divaina.lk/ක්ලබ්-වසන්තට-වෙඩි-තැබූ-කු/

    උන් ඉන්න ඇත්තෙ සනිපාරක්ෂක අංශයෙ වෙන්න ඇති. තුවක්කු අල්ලගෙන ඉන්නෙ දොදොල් පිත්ත වගේ. අනික එකෙක්ව මරන්න හතරවටේ වනනවා.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    උන් ඉන්න ඇත්තෙ සනිපාරක්ෂක අංශයෙ වෙන්න ඇති. තුවක්කු අල්ලගෙන ඉන්නෙ දොදොල් පිත්ත වගේ. අනික එකෙක්ව මරන්න හතරවටේ වනනවා.
    :yes: :yes: :yes:
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    Un dennata මුහුදු maragayen rata yanna ona nane. Un denna kauda kiyala wistara danne nane ban. Airport eken paninna puluwanne. Detail nane system eken red flag keranna. 😂😂😂 monaada ban me news??

    Onna personal case ekakta kauru hari maruwanam uge neighborhood kenek, yaluwek, cousin kenekge wistara aragena system dala
    Flag kerehaki. Eth me case eka nikan ekak nemai kauda kale? Ai kale kiyalawath danne nane. Ehema nisa munta muhuden yanna ona kamak naa. Kelinma airport ekenma giyahaki.
     
    • Like