මන්නාරම උතුරු මුහුදු ප්රදේශයේ සහ යපනය ඩෙල්ෆ් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා තුනක් සමඟ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව පැවසීය.
උතුරුමැද සහ උතුරු නාවික විධානය මෙන්ම වෙරලාරක්ෂක නිලධාරීන් මඟින් සිදුකරන ලද සෝදිසියකදී මෙලෙස ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබීය.
මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රාවක් සමගින් ධීවරයින් සිව් දෙනෙකු උතුරුමැද නාවික විධානය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඩෙල්ෆ් මුහුදු තීරයේදී ඉන්දීය යාත්රා දෙකක් සමගින් ධීවරයින් 06 දෙනෙකු උතුරු නාවික විධානය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා සහ ධීවරයින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය සහ යාපනය මයිලිඩ්ඩි ධීවර පරික්ෂක කාර්යාලයන් වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
මේ අතර 2025 ජනවාරී සිට පෙබරවාරී මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා 13 ක් සහ ඉන්දීය ධීවරයින් 99 ක් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංක
-LCN-
මේ රට හදන්න දැනට ඉතුරු වෙලා ඉන්නේ ගමේ රනිල් ගෙවත් ලපයා විතරයි.. අපිට දැනට වෙන විකල්ප නෑ.. මේ ආන්ඩුව එලවලා හොරුන්ට රට බාරදෙන්න එපා.. එහෙම උනොත් තත්වය තව දරුණු වෙයි.. එලකිරි ගූපි මඩ ප්රචාර වලට රැවටෙන්න එපා..