එක තැන හිටගෙන හිටියම විළුඹයි යටි පතුලුයි රිදෙනවා.. අවුරුදු 10ක් වාත කන්ඨක = පතුල් පටල ප්‍රදාහයට = Plantar fasciitis වලට බෙහෙත් කලත් ගුණයක් නෑ..මේ සිද්දිය නිසා පහුගිය අවුරුදු දහයේ මට නැතිවිච්ච දේවල් බොහොමයි.. බටහිර ඩොක්කු කියනවා පර්‍රක්ෂණ කලාම කිසිම ලෙඩක් නෑ කියලා.. මම යටිපතුල ටිකක් flat foot එකකට සමානයි.. ඒත් හොඳටම flat නෑ.. මීට වඩා පැතලි පතුල් තියන තරබාරු අය මම දැකලා තියනවා..ඒගොල්ලන්ට වේදනාවක් එන්නේ නෑ..මේක ඌෂ්ණයට වෙන දෙයක්ද ? මගේ යටිපතුල්/ විලුඹ පැලෙන්නේ නෑ.. පැලුනනම් ඌෂ්ණය යනවා.. අඳුන බලන කපුවෝ ගොඩක් කියලා තියනවා මගේ ඇඟ ඇතුලේ ලොකු සැරක් තියනවා කියලා..






