🛰️✨🌟 හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "NGC 2660" නම් වූ විවෘත්ත තාරකා පොකුරෙහි අසිරිය 🌟✨🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,131
    113
    RA4JgvX.jpg


    දැල්වෙමින් පවතින ගිනිකෙළි සමූහයක ස්වරූපයක් ගත් "හබල් දුරේක්ෂය" (NASA/ESA Hubble Space Telescope) මගින් හසුකරගත් මෙම දිදුළන තාරකාවන් සමූහය, "NGC 2660" නම් වූ විවෘත්ත තාරකා පොකුරට (open star cluster) අයත් තාරකාවන් වේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8617 ක් ඈතින්, "Vela' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන මෙම "NGC 2660" විවෘත්ත තාරකා පොකුරට තාරකාවන් සිය ගණනක් අයත් වන අතර ඒවා ගුරුත්වාකර්ෂණ බලය මගින් එකට බැද තබමින් තාරකා පොකුර තුළ රදවා ගැනීම සිදු කොට ඇත.

    විවෘත්ත තාරකා පොකුරුවල බිහිවීමටත් පෙර විශ්වයෙහි මූලාරම්භක සමයේදීම බිහිවූ ඝනත්වය හා රදවා තබාගෙන ඇති තාරකාවන් ප්‍රමාණය අතින් ඉතා ඉහළ අගයක් ගන්නා ගෝලාකාර තාරකා පොකුරු (globular clusters) මෙන් නොව විවෘත්ත තාරකා පොකුරු, වයසින් හා අඩංගු වන තාරකාවන් ප්‍රමාණයෙන් ඊට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනී. විවෘත්ත තාරකා පොකුරු (open star cluster) තුළ පිහිටි තාරකාවන් එකිනෙකට මදක් ඈතින් පිහිටා ඇති බැවින් එක් එක් තාරකාවන්ගේ පවතින වෙනස් වූ ගති ලක්ෂණයන් පහසුවෙන් හදුනාගැනීමට තාරකා විද්‍යාඥයන් හට මෙහිදී වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබී ඇත. මෙම ඡායාරූපයෙහි දැක්වෙන තාරකාවන්ගේ ආලෝකයේ පවතින "උල් හැඩැති විවර්තනය" (diffraction spikes) වූ ස්වරූපයට, මෙම තාරකාවන්ගෙන් එල්ල වූ දීප්තිමත් ආලෝකය හබල් දුරේක්ෂයේ වූ ද්විතියික දර්පණය (secondary mirror) මත පතිත වීමේදී සිදුවූ ආලෝක පරාවර්තනය හේතු වී ඇත.

    ඡායාරූපයෙහි වූ කැපීපෙනෙන ආකාරයෙන් දිස්වන "උල් හැඩැති විවර්තනයෙහි" (diffraction spikes) ප්‍රමාණය අනෙක් තාරකාවන්ට වඩා ඉහළ අගයක් ගන්නා රතු පැහැයට හුරු තැඹිලි පැහැයකින් දිස්වන දීප්තිමත් ආකාශ වස්තුව "NGC 2660" විවෘත්ත තාරකා පොකුරට අයත් තාරකාවක් නොවන බවත් මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය. නාසා ආයතනය මගින් දියත් කර තිබෙන විවෘත්ත තාරකා පොකුරු තුළ පිහිටි "සුදු වාමන තාරකාවන්" (white dwarf stars) පිළිබදව සෙවීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකරන නිරීක්ශනයන් අතරතුරදී හබල් දුරේක්ෂය විසින් මෙම "NGC 2660" විවෘත්ත තාරකා පොකුර ඡායාරූප ගත කොට තිබේ.


    Image Credit: NASA, ESA, and T. von Hippel (Embry-Riddle Aeronautical University); Processing: Gladys Kober (NASA/Catholic University of America)

    hubble_ngc2660.jpg





     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    අලෝක වර්ෂ 8000ක් 😮 යකෝ ඔච්චර දුරට පේන්නේ කොහොමද බං
    Because of the apparent size... The resolution of the Hubble is around 0.1 arc seconds. Lets, say the Galaxy STIM1234 (which BTW is just got named after our well known astronomer @Stimulus mind) and has a width of 10 light years and lies 1000 light years away. That's exactly 0.01 radians.
    Now take Pluto - It's 2400kms wide and at it's nearest 4.28 Billion kms away. (currently >5 Billlion kms away) - this calculates to 0.00000055 radians.
    Note the difference. That's why the Galaxy is much clearer than Pluto. (y)
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,131
    113
    Because of the apparent size... The resolution of the Hubble is around 0.1 arc seconds. Lets, say the Galaxy STIM1234 (which BTW is just got named after our well known astronomer @Stimulus mind) and has a width of 10 light years and lies 1000 light years away. That's exactly 0.01 radians.
    Now take Pluto - It's 2400kms wide and at it's nearest 4.28 Billion kms away. (currently >5 Billlion kms away) - this calculates to 0.00000055 radians.
    Note the difference. That's why the Galaxy is much clearer than Pluto. (y)
    🥲🥰(y)

    hurting-im-so-emotional.gif
     
    • Haha
    Reactions: imhotep

    Similar threads