🛰️🌕❄️ සෙනසුරු ග්‍රහයාට අයත් අසාමාන්‍ය චන්ද්‍රයා: 'Iapetus' ❄️🌕🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,987
    113
    XIEOueT.jpg


    දිනය: 2023 පෙබරවාරි 26

    ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගයක් වන 'walnut' බීජයකට සමාන ස්වරූපයක් ගත්, පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන අපූරු ආකාශ වස්තුව වන්නේ සෙනසුරු ග්‍රහයාට අයත් උපග්‍රහයෙකු වන 'Iapetus' නම් චන්ද්‍රයා ය. මෙම ඡායාරූපයෙහි දිස්වන 'Iapetus' චන්ද්‍රයාගේ සමකය හරහා ගොස් ඇති අසාමාන්‍ය ආකාරයේ රේඛාව හේතුවෙන් මෙම චන්ද්‍රයාගේ ස්වරූපය 'walnut' බීජයකට සමාන කිරීමට හේතු වී ඇති අතර මෙම අසාමාන්‍ය රේඛාව නිර්මාණය වූ ආකාරය තාරකා විද්‍යාඥයන් අතර මතභේදයට තුඩු දී ඇති කරුණක් බවට පත්ව තිබේ.

    මෙම රේඛාව නිර්මාණය වූ ආකාරය පැහැදිලි කරන එක උපකල්පනයකට අනුව මෙම සමක රේඛාව, 'Iapetus'චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ වූ අයිස් ස්ථරයන් ක්‍රමයෙන් වර්ධනය වී පෘෂ්ඨය මතට පැමිණීමත් සමග කාලයාගේ ඇවෑමෙන් එම අයිස් ස්ථරයන් උස් කඳු වැටි ආකාරයෙන් සමක ආශ්‍රිත ප්‍රදේශයන් හරහා නිර්මාණය වීම සිදුව ඇති බවත්, එය මිට වසර මිලියන 100 කට පමණ පෙර සිදුවූවක් බවත් දක්වා ඇත. සාපේක්ෂව අඩු ඝනත්වයකින් යුක්ත වූ, සම්පූර්ණයෙන්ම පාහේ අයිස්වලින් වැසී පවතින මෙම 'Iapetus' චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් හරි අඩක් දීප්තිමත්ව දිස් වුවද, ඉතිරි අඩ සම්පූණයෙන්ම පාහේ අන්ධකාරයේ ගිලී පවතින හෙයින් පෘථිවියේ සිට පෘථිවියේ සිට නිරීක්ශනය කිරීම ඉතා අපහසු කාර්යයකි.

    'Iapetus'චන්ද්‍රයා පිළිබදව සිදුකළ තාරකා විද්‍යාත්මක ගවේෂණයන්හීදී සොයාගත් කරුණු අනුව මෙම අසාමාන්‍ය අන්ධකාරය, මෑතකදී මෙම චන්ද්‍රයාගේ ආවාටයන්ගෙන් පිරි පෘෂ්ඨය මත නිර්මාණය වූ අඳුරු වැස්මක ස්වරූපය ගත් පෘෂ්ඨීය ආවරණයක් හේතු වී ඇති බවට තාරකා විද්‍යාඥයන් විසින් විශ්වාසය පළ කොට තිබේ. ඡායාරූපයේ මධ්‍යයයට වන්නටව දිස්වන විශාල ආවාටයෙහි විෂ්කම්භය කිලෝමීටර 400 ක් පමණ වන අතර එම ආවාට පතුලෙහි නිර්මාණය වූ සානු හා ගැඹුරු බෑවුම්වලින් යුක්ත වූ උස්බිම් ද ඒ වටා ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි කුඩා ප්‍රමාණයේ ආවාටයන් කීපයක් ද මෙහිදී දැකගත හැකිය. සෙනසුරු ග්‍රහයා සහ එහි චන්ද්‍රයන් පිළිබදව ගවේෂණය සදහා නාසා ආයතනයේ "Cassini–Huygens" මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කළ "Cassini' අභ්‍යවකාශ යානය (Cassini spacecraft), 2004 වර්ෂයේදී 'Iapetus'චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් ගත් අවස්ථාවේදී මෙම අපූරු ඡායාරූපය ලබාගෙන තිබේ.


    Image Credit: NASA, ESA, JPL, SSI, Cassini Imaging Team

    iapetus_cassini_960.jpg





    Iapetus - IN DEPTH (NASA)

    Iapetus (moon)









    Cassini–Huygens (Space research mission)







     

    Similar threads