🛰️🌟⭐ "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු මියයමින් පවතින තාරකාවක අවශේෂ ව්‍යුහය: "Ring Nebula" (Planetary nebula) ⭐🌟🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    9JKh5NK.jpg



    "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මීට පෙර ඡායාරූපගත කළ "Ring Nebula" නම් ග්‍රහමය නිහාරිකාවේ (Planetary nebula) නවතම ඡායාරූපයක් පසුගිය අගෝස්තු 21 වැනිදා එළිදක්වන්නට නාසා ආයතනය සහ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් කටයුතු කරන ලදී. මියයමින් පවතින තාරකාවන් (සුදු වාමන තාරකාවන් බවට පත්වෙමින් පවතින) විසින් නිකුත් කරන ලබන කොස්මික් වායූන් සහ දූවිලි මගින් සැදුම්ලත්ව නිර්මාණය වූ අවශේෂ ව්‍යුහයන් මෙලෙස ග්‍රහමය නිහාරිකාවන් යනුවෙන් හදුන්වනු ලබයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2283 ක් ඈතින්, 'Lyra' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන මෙම "Ring Nebula"හි වයස අවුරුදු 7005 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. අරය ආලෝක වර්ෂ 1.3 ක් පමණ වන "Ring Nebula" නම් මෙම ග්‍රහමය නිහාරිකාව, Messier 57, M57 සහ NGC 6720 යන වර්ගීකරණ නාමයන්ගෙන් ද හැදින්වීම සිදු කරයි.


    Image Credits: ESA/Webb, NASA, CSA, M. Barlow (UCL), N. Cox (ACRI-ST), R. Wesson (Cardiff University)​


    "Near-Infrared Camera (NIRCam)" යන අධෝරක්ත කැමරාව මහින් ලබාගත් "Ring nebula"හි ඡායාරූපය

    STScI-01H82GANSY85GHFY3Y2FN9R65P.png




    "Mid-InfraRed Instrument (MIRI)" යන අධෝරක්ත කැමරාව මහින් ලබාගත් "Ring nebula"හි ඡායාරූපය

    STScI-01H82PR4XP26ES26E7DZERSRC4.png


    "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Ring Nebula"හි නවතම ඡායාරූපය මගින් මීට පෙර ලබාගත් ඡායාරූපය මගින් පෙන්නුම් නොකළ, මෙම ග්‍රහහමය නිහාරිකාවේ පවතින සූත්‍රිකාමය ව්‍යුහය (filament structure) මෙන්ම කේන්ද්‍රීයව "Ring Nebula"හි බාහිර කලාපයන් දක්වා විහිදී ගිය චාපාකාර (arcs) හැඩයක් ගනු ලබන ප්‍රදේශ 10 ක් ද හදුනා ගැනීමට හැකිව ඇත. මියයමින් පවතින තාරකාව මගින් ඉවතට නිකුත් කරමින් පවතින එම තාරකාවේ බාහිර ස්ථරයන් මගින් මෙම චාපාකාර ව්‍යුහයන් නිර්මාණය කර ඇති බවත් එය සෑම වසර 280 ක සිදුවන ක්‍රියාවලියක් බවත් මෙම ඡායාරූපය එළිදැක්වීමේ කටයුත්තට එක්වූ වේල්සයේ පිහිටි කාර්ඩිෆ් සරසවියේ (Cardiff University)සේවය කරන තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය "Roger Wesson" විසින් වැඩිදුරටත් සිදුකළ පැහැදිලි කිරීමේදී ප්‍රකාශ කළේය.


    ඡායාරූපයන් ද්විත්වය එකිනෙක සැසදීමේදී

    F4Ecdy8aoAA14E7



    මීට පෙර "ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් ලබාගත් "Ring nebula"හි පළමු ඡායාරූපය

    F2ov3yRWgAM8zQx




    2013 වර්ෂයේදී හබල් දුරේක්ෂය මගින් "Ring nebula" හසුකරගත් අයුරු

    F4E7vsyWoAAig9y


    මේ අතර මෙම "Ring Nebula" වට අයත් කලාපයේ පවතින "polycyclic aromatic hydrocarbons" (PAH) නමින් හදුන්වන කාබන් දරණ අණු විශේෂය මගින් නිකුත් කෙරෙන පටු විමෝචන කලාපයන් ද (narrow band of emission) මෙහිදී හසුකර ගැනීමට හැකිව ඇතැයි ඔහු මෙහිදී ප්‍රකාශ කරන ලදී. විද්‍යත් චුම්භක වර්ණාවලියේ අධෝරක්ත කලාපයට අයත්ව විශ්වයෙහි විවිධ පෙදෙස් වෙතින් නිකුත් වන ආලෝකයන් හසුකර ගැනීමට "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near-Infrared Camera (NIRCam)" සහ "Mid-InfraRed Instrument (MIRI)" යන අධෝරක්ත කැමරා උපාංගයන් දක්වන හැකියාව සහ සංවේදිතාවය හේතුවෙන් විශ්වයේ පවතින මෙවැනි අපූර්ව වස්තූන් ගවේෂණය කිරීමට මිනිස් වර්ගයාට මහගු අවස්ථාවක් හිමි කර දී ඇත.






    ✍️✨🌌 ලිපිය සැකසුම: @Stimulus mind 🌌 ✨✍️

     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    TFS bro ❤️
    අර Question mark (?) එකක් වගේ තියෙන Galaxies ටික ගැන අදහසක් තියෙනවද? ඒ දෙක එකට connect වෙලා වගේ නේද පේන්නෙ?

    Link එක වැඩ නෑ
    ------ Post added on Sep 7, 2023 at 9:55 PM
     
    Last edited:

    Similar threads