අප වෙසෙන ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way Galaxy) අසලින් වන්නට පිහිටා ඇති වාමන මන්දාකිණියක් (dwarf galaxy) වන "Small Magellanic Cloud" හි පිහිටා තිබෙන 'E0102' (1E 0102.2-7219) නම් වූ දැවැන්ත තාරකාවක ආයු කාලය අවසන් කරමින් හටගන්නා සුපර්නෝවා පිපිරීමකට පසු ඉතිරිවන දැවැන්ත අවශේෂයන් ව්‍යුහයන් නැතහොත් "supernova remnant" එකක් පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. 'Chandra'අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් සකස් කළ පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපිත මෙම 'E0102' නම් වූ සුපර්නෝවා අවශේෂයන්, පෘ ථිවියේ සිට ආලෝක වර්ෂ 190 000 ක් ඈතින්, 'Tucana' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ.

