🛰️🌟 ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු විශ්වයේ අසිරිය - "NGC 604" (star-forming region) ✨🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    FNRkfpd.jpg


    ඇමරිකාවේ නාසා ආයතනයට හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) අයත් "James Webb" අභ්‍යාකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් පහත දැක්වෙන නවතම අධෝරක්ත කිරණ ඡායාරූපයන් මගින් නිරූපණය වනුයේ "Triangulum Galaxy" නම් වූ සර්පිල මන්දාකිණිය (spiral galaxy) තුළ පිහිටා තිබෙන "NGC 604" නම් වූ නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයයි (star-forming region). පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.73 ක් පමණ ඈතින්, "Triangulum' නම් උතුරු තාරකා රාශියට (northern constellation) අයත්ව පිහිටා ඇති මෙම "Triangulum Galaxy"හි විෂ්කම්භය ආලෝක වර්ෂ 60 000 ක පමණ අගයක් ගනු ලබයි. මන්දාකිණි 30 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන "Local Group of Galaxies" නමින් හදුන්වන ආලෝක වර්ෂ මිලියන 5 ක අරයකින් යුතු කලාපයට අයත්ව පිහිටා ඇති මෙම "Triangulum' මන්දාකිණිය (Triangulum Galaxy), එම කලාපය තුළ පිහිටා ඇති තෙවැනි විශාලතම මන්දාකිණිය ලෙස ද සලකනු ලබයි. "Triangulum' සර්පිල මන්දාකිණිය තුළ පිහිටා ඇති මෙම "NGC 604" නම් වූ නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශය නිරූපණය කෙරෙන මෙම ඡායාරූපයන් "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි ඇති "Mid-Infrared Instrument (MIRI)" සහ "Near Infrared Camera (NIRCam) යන අධෝරක්ත කැමරා උපකරණයන් උපයෝගී කරගනිමින් ලබාගත් දත්ත ඇසුරෙන් සකස් කර ඇත.


    "NGC 604"හි "Near Infrared Camera (NIRCam)" ඡායාරූපය

    ජේම්ස් වෙබ්'හි "Near Infrared Camera (NIRCam)" මගින් ලබාගත් මෙම ආසන්න-අධෝරක්ත කිරණ ඡායාරූපය මගින් "NGC 604" තුළ වූ බුබුළු ආකාරයේ ව්‍යුහයන්ගෙන් විමෝචනය වන දීප්තිමත් රතු පැහැයක් ගත් වායු ප්‍රවාහයන් දැකගත හැකිය. වායු සහ දූවිලිවලින් නිර්මිත සූත්‍රිකාමය ව්‍යුහයන් තුළ සැගවී තිබූ උණුසුම්, යොවුන් තාරකාවන් එම තාරකාවන්ගෙන් නිකුත් වන ප්‍රබල තාරකා සුළංවල බලපෑම හේතුවෙන් එම සූතිකාවන්ගෙන් මිදී නිරාවරණය වී ඇති අයුරු මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. එම තාරකාවන් වටා එක්රැස් වී ඇති වායූන් පාරජම්බුල කිරණ මගින් අයනීකරණයට ලක් කරන අතර එහිදී අයනීකරණයට ලක්වන හයිඩ්‍රජන් මෙම ඡායාරූපයේ තැනින් තැන දිස්වන සුදු හා නිල් පැහැයෙන් යුක්ත වූ ප්‍රදේශයන් මගින් නිරූපණය වේ. මෙහි දීප්තිමත් තැඹිලි පැහැයෙන් දැක්වෙන ප්‍රදේශයන් මගින් "polycyclic aromatic hydrocarbons" (PAH) නමින් හදුන්වන කාබන් දරණ අණු විශේෂය පවතින ප්‍රදේශයන් නිරූපණය වේ. මෙම අණු විශේෂය, විශ්වයේ පවතින තාරකා සහ ග්‍රහලෝක බිහි කිරීමේදී ප්‍රමුඛතම කාර්යයභාරයක් ඉටු කරන අණු විශේෂයක් ලෙස සලකන නමුත් මෙම අණු විශේෂයෙහි ප්‍රභවය සිදුවූ ආකාරය තාරකා විද්‍යාඥයන්ට මෙතෙක් හෙළි කර ගැනීමට නොහැකි වී තිබේ.

    Image credits: NASA, ESA, CSA, STScI​

    STScI-01HQNVFG4DPEVRZC18XTF2QBCG.png


    STScI-01HQP7AKSQM7ZJ039C1M5908K2.png


    මෙම ඡායාරූපයන් මගින් "NGC 604" තුළ පිහිටා තිබෙන තාරකා වර්ගීකරණයේ "O කාණ්ඩයට" (O-type stars) අයත් දීප්තිමත්, විශාල, උණුසුම් හා නිල් පැහැයට හුරු සුදු පැහැයෙන් යුක්ත වූ තාරකාවන් සහ "B කාණ්ඩයට" (B-type stars) අයත් දීප්තිමත්, විශාල, උණුසුම් හා නිල් - සුදු පැහැයෙන් යුක්ත වූ තාරකාවන් 200 කට ආසන්න ප්‍රමාණයන් නිරූපණය කෙරේ. තවමත් තම පරිණාමීය ක්‍රියාවලියේ මුල් අවධියේ පසුවන මෙම තාරකාවන් බොහෝමයකගේ ස්කන්ධයන් අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 100 ගුණයක් දක්වා වන ස්කන්ධයන්ගෙන් යුක්ත වේ යැ'යි ගණන් බලා තිබේ. මෙවැනි ආකාරයේ තාරකාවන් සංයුතියකින් සැදුම්ලත් ප්‍රදේශයන් විශ්වය තුළ හමුවන්නේ කලාතුරකින් වන අතර මීට සමාන ආකාරයේ ප්‍රදේශයක් අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය තුළ ද මෙතෙක් සොයාගැනීමට හැකිවී නොමැත. මේ අතර "NGC 604" නම් වූ මෙම නව තාරකාවන් උපැද්දවීම් සිදුකරන ප්‍රදේශයේ වයස අවුරුදු මිලියන 3.5 ක් පමණ වන අතර විෂ්කම්භය ආලෝක වර්ෂ 1300 ක පමණ අගයක් ගනු ලබයි.


    "NGC 604"හි "Mid-Infrared Instrument (MIRI)" ඡායාරූපය

    Image credits: NASA, ESA, CSA, STScI​

    STScI-01HQP6MM57YXT09YC7TP10CQJJ.png







    ✍️✨🌌 ලිපිය සැකසුම: @Stimulus mind 🌌 ✨✍️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    View attachment 226101

    අර උඩ පොටෝ වල උතුර දකුණ ඇඳලා තියෙන්නේ අපේ ලෝකේ උතුර දකුණද
    අහසේ දිශානතිය අනුව මේ image එක අපිට පේන විදිහ තමයී ඒ උතුරු, නැගෙනහිර දිශාවලට තියෙන ඊතළවලින් පෙන්නන්නේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,920
    11,450
    113
    අහසේ දිශානතිය අනුව මේ image එක අපිට පේන විදිහ තමයී ඒ උතුරු, නැගෙනහිර දිශාවලට තියෙන ඊතළවලින් පෙන්නන්නේ.
    මහත්මයා බර වචන නැතුව සරලව කිවොත් ඔය කිවේ මන් උඩ බැලුවොත් ඔය පෙන්නලා තියෙන ගැජට් එක බලන්ඩ මන් බලන්ඩ ඕනේ දිශාව තමා ඕකේ ලියලා තියෙන්නේ කියලද :eek:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    මහත්මයා බර වචන නැතුව සරලව කිවොත් ඔය කිවේ මන් උඩ බැලුවොත් ඔය පෙන්නලා තියෙන ගැජට් එක බලන්ඩ මන් බලන්ඩ ඕනේ දිශාව තමා ඕකේ ලියලා තියෙන්නේ කියලද :eek:
    ඔව්, එහෙම තමයි මහත්තයෝ. :yes:
     

    Similar threads