![]()
2006 රිලීස් වුණු "Casino Royale" ෆිල්ම් එකේ ඉදලා "No time to die" චිත්‍රපටිය වෙනකම්ම ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපෑවෙ ඩැනියෙල් ක්‍රේග් කියලා කවුරුත් දන්නවනෙ. ඒත් ඩැනියෙල් ක්‍රේග්ට කලින් "Casino Royale" ෆිල්ම් එකේදි ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපාන්න තවත් නළුවො 4 දෙනෙකුත් තෝරගන්න කරපු තිර පරීක්ෂණවලට එහෙමත් නැත්නම් "Screen test" (Audition) වලට සහභාගි කරගත්තා. යම් නළුවෙක් හරි නිළියක් හරි ෆිල්ම් එකේ රගපාන්න තෝරගත්ත චරිතෙට හොදටම ගැළපෙනව ද කියලා චිත්‍රපටියෙ අධ්‍යක්ෂවරයයි, Casting director ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන පූර්ව පරික්ෂණයක් "Screen test" එකක් විදිහට සරලව ම හදුන්වන්න පුළුවන්. ඩැනියෙල් ක්‍රේග් ඇරෙන්න "Casino Royale" ෆිල්ම් එකේදි ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපාන්න Henry Cavill, Anthony Starr (The Boys සිරීස් එකේ Homelander ව දන්නවනෙ), Sam Worthington, Rupert Friend කියන නළුවො 4 දෙනා තමයි මේ විදිහට තිර පරීක්ෂණවලට සහභාගි වුණේ. මේ කරපු screen test වල footages මීට සති 2 කට විතර ඉස්සෙල්ලා පළවෙනි වතාවට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ වීඩියෝ ටිකයි.
Henry Cavill![]()
Anthony Starr![]()
![]()
Sam Worthington![]()
Rupert Friend ![]()
අන්තිමට මේ තියෙන්නෙ ඩැනියෙල් ක්‍රේග්ගෙ 'Audition' එක.
"Die another day" තමයි මාත් පළවෙනියටම බලපු බොන්ඩ් ෆිල්ම් එක. ඒ වුණාට ෆිල්ම් එකේ බලන්න වුණේ "Opening hovercraft chase" එක විතරයි. පොඩි කාලෙ දුරින් නෑදෑ වෙන කට්ටියකගෙ ගෙදර ගිය වෙලාවක ඒගොල්ලො ඔය ෆිල්ම් එක බල බල හිටියා. එතකොට තමයි නිකන් බලන්න සෙට් වුණේ. ඒ කාලෙ නම් මේක ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් ද තියා ජේම්ස් බොන්ඩ් කියලා කැරැක්ටර් එකක් තියෙනව ද කියලවත් හරියට තේරුමක් තිබ්බෙ නෑ.(⌐■_■)
මටනන් James Bond කිව්ව ගමන් තාම ඉස්සෙල්ලම ඔළුවට එන්නෙ (゚ヮ゚)
Sean Connery.
My least favourite Bond තමයි Roger Moore ㄟ( ▔, ▔ )ㄏ
ඉස්සෙල්ලම බලපු Bond movie එක තමයි Die Another Day (2002)
පළවෙනියටම බොන්ඩ් ෆිල්ම් එකකට කියලා සම්පූර්ණෙන් ඉවර වෙනකම් කියලා බැලුවෙ "Roger Moore" ගෙ "Live and let die" ෆිල්ම් එක.
ඉස්සර ITN එකේ ඉරිදා 1 ට ඉන්ග්ලිෂ් ෆිල්ම්ස් පෙන්න්නවා. ඒ පෙන්නපු වෙලාවක තමයි බැලුවෙ. "George Lazenby" ගැන මොකද හිතන්නෙ?

හරියටම කියලා නෑ තාම. මේ ටිකේ නළුවා තෝරන ස්ක්‍රීන් ටෙස්ට් කරනවා. මේ පොරව තමයි දැනට ස්ක්‍රීන් ටෙස්ට් කරලා තියෙනවා කියලා කියන්නෙ. ඉස්සරහට තවත් නළුවන්ව ස්ක්‍රීන් ටෙස්ට් කරලා ගැළපෙනවා කියලා හිතෙන කෙනෙක්ව තෝර ගනීවි.dan kawud aaluth kena