පෘථිවියේ ජීවත්වෙන සත්ත්ව වර්ග, විශේෂයන් සියල්ලක්ම අතරින් ගත්තොත් 'නිකට' එහෙමත් නැත්නම් 'chin' කියන මුහුණේ යටි කොටසට අයත් පැහැදිලි ආකාරයෙන් වර්ධනය වුණු අස්ථිමය ව්‍යුහය පිහිටලා තියෙන්නෙ මනුෂ්‍යයයන්ට පමණයි. මේ 'නිකට' කියන කොටස මනුෂ්‍යයන්ටම පමණක් සුවිශේෂ වෙන්න මුල් වුණු හේතුව හෝ නිකටෙන් සිද්ධවෙන සැබෑ කාර්යය මොකක්ද කියන එක පිළිබදව නිවැරදි පිළිතුරක් සොයාගන්න විද්‍යාඥයන්ටවත් මෙතෙක් හැකිවෙලා නැහැ. මේ විදිහට නූතන විද්‍යාවෙ ලොකු මතභේදයකට තුඩු දීලා තියෙන මේ මනුෂ්‍යයයන්ට පමණක් සුවිශේෂ වූ අපූරු ශරීර කොටස පිළිබදව තමයි මේ වීඩියෝ එකෙන් කරුණු ගෙන එන්නෙ.
ඒ අතරෙ science, films වගේ ෆීල්ඩ්ස්වලට සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයනවා ඉඩ ලැබෙන වෙලාවට.
