දැන් කඨින කියලා දෙයක් කෙරෙන්නෙම නැති තරම්. විනට පිඨකේ කඨිනඛන්දකයේ ඔය කඨින ගැන ලොකු විස්තරයක් තියනවා.
ඒකේ සරලම කාරණාවක් තමයි. ආකාසතෝ ඕතින්න සදිසමේව වට්ටති කියන්නෙ. ඒ කියන්නෙ කටිනය ලැබීම අහසින් වැටුනා වගේ වෙන්න ඕනි කියන එක. ඒකෙන් කියන්නෙ. චීවරය වස් වසපු හාමුදුරුවන්ගෙ අතට ලැබෙනකල්ම ඒ ගැන හාමුදුරුවන්ගෙ දැනුවත් වීමක් තියෙන්න බෑ කියන එක.
අනික කඨිනය කියන එක ලොකුවට වර්ණනා කරන්න දෙයකුත් නෙමේ. ඔය වස් වසන හාමුදුරුවන්ට සිවුරක් අනුමත කරලා තියෙන්නෙ. ඈත වස් සමාදන් වෙන හාමුදුරුවන්ට වස් ඉවර උනාම බුදු හාමුදුරුවො බලන්න යන්න පුලුවන් වෙන්න සිවුරක් ලබාගන්න පහසු වෙන්න.
වස් සමදන් වෙන හාමුදුරු කෙනෙක්ට වස් පවාරණය කලායින් පස්සෙ පලිබෝද දෙකක් සම්පූර්ණ වෙනකල් සමහර සිල්පද වලින් පහසුවක් ලැබෙනවා. ඒ ලැබෙන්නෙ සිවුරක් ලබාගන්න පහසු වෙන්න.