🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

    මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන තියෙන්නේ 1987දී.
    හිතන්න! වසර 40කට ආසන්න කාලයේදී කිසිම අලුත් ප්‍රතිජීවකයක් සොයාගෙන නැහැ!!

    දැනට අපි භාවිතා කරන ප්‍රතිජීවක ශීඝ්‍රයෙන් ප්‍රතිරෝධී (resistant) වෙමින් යන්නේ. ඒ කියන්නේ antibioticsවලට ඔරොත්තු දෙන විදිහට බැක්ටීරියා හැඩගැහිලා.

    ඒකට ප්‍රධාන හේතු මිනිස් ක්‍රියාකාරකම් තමයි. පොඩි හෙම්බිරිසාවටත් one-shot කියලා දඩ antibiotics දෙන එකෙත්, සතියකට දෙන බෙහෙත් දවසක් දෙකක් බීලා නවත්තන එකෙත්, දොස්තර කෙනෙකුගේ අනුමැතිය නැතුව හිතුණු හිතුණු විදිහට ෆාමසියේ අයියගෙන් antibiotics ඉල්ල ගන්න එකෙත් ප්‍රතිවිපාක තව අවුරුදු 10-15ක් යද්දි බලාගන්න පුළුවන්.

    බටහිර රටවල් මේ අනතුර අදුනගෙන පිළියම් යොදන්න පටන් අරන් දැන් ගොඩක් කල්. ඒ රටවල antibiotics කියන්නේ රත්තරන් වගේ. උණකට හෙම්බිරිසාවකට නම් දෙන්නෙම නෑ. Antibiotic එකක් ගන්න hospital ඇඩ්මිට් වෙන්නවත් ඕන. ඒකට අපේ රටවල්. තුන්වේලට බත් කනවා වගේ antibiotics ගන්නේ 🙂

    මේවා නියාමනය කරන්න රාජ්‍ය මැදිහත්වීම සහිත දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අවුරුදු ගාණක් දැනටමත් පරක්කුයි. පුරවැසියන් විදියට අපිටත් වගකීමක් තියනවා. පොඩි හෙම්බිරිසාවටත් antibiotic හොයන්නෙපා 🙏 නැත්තම් තව ටික කාලෙකින් කඩදාසියකට ඇගිල්ල හීරුණත් මැරෙන්න වෙන තත්ත්වයක් එන්න පුළුවන් 🙌

    වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ..

    #AntibioticResistance #healthtips #awareness #drterash

    Koththamalli
    Samahan
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    මේක සිරා
    වට් ද ෆක් වෙලා ඉන්නේ
    මට ලංකාවෙදි පීනස තිබ්බෙ නෑ
    දැන් මේ මගුල් සීතල නිසා නහට එල්ලන් ඉන්නේ උදේට
    යකෝ ෆාමසියකින් පෙත්තක් ගන්නත් ඩොක්ට ඇපෘ කරපු ඩොක් එකක් ඉල්ලනවා
    පෙන් කිලස් (පැනඩොල් ටයිප්), විටමින් ඔක්කෝම නම් සුපර්මාකට් වල තියේ
    ඒ හැර වෙන කිසිම දෙයක් ගන්න බෑ
    ඩොකෙක් ගාවට ගියත් ඌ බෙහෙත් දෙන්නෙත් නෑ. ඇගෙන්ම ඩිවලප් කරන රෙද්දක් කරනවා. ඒ බයිලේ අහන්නත් ඇපොයින්මන්ට් දාලා සතියක් විතර බලන් ඉඳලා තමයි සෙට් වෙන්නේ
    ඉමජන්සි කේස් වලට විතරයි මුන් සෙනිකව ඇටෙන්ඩ් වෙන්නේ
    උණ හෙම්බිරිස්සාව පඩේකට ගණන් ගන්න නෑ මුන්
    අපි හැදිලා තියෙන සිස්ටම් එක්ක පුදුම දුකක් මුල් ටිකේ වින්දේ නම්

    මොක කිව්වත් ලංකාවේ වගේ පෙත්තක් ගහලා වන් ෂොට් ගේම පිනිස් කරන සීන් එකට නම් මම අදටත් කැමති
    Online prescriptions ganinko.
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Online prescriptions ganinko.
    බෑ මචං
    අයි ඩි එකට ඩොක්ට ඇපොයින්මන්ට් එක වදින්නේ
    ඒකම තමයි ෆාමසියට ලින්ක් වෙන්නේ
    ෆාමසි ද බැංකුද, බස්කාඩ් ද, ලයිබ්‍රිද, බිල් පේමන්ට් ද, ස්කෝල, ලයිසන් එක, සෙල්ෆ් සර්විස් ෂොප් ඇතුලට යන්න හැම මගුලම දුවන්නේ අයිඩි එකෙන්
    ජොලියට වත් රිංගලා යන්න පුළුවන් තැනක් තාමට සෙට් උනේ නෑ

    ඩොකා අයිඩි එකට අදාලව බෙහෙත සිස්ටම් එකට දැම්මම මට තියෙන්නේ ෆාමසියේ එකාට අයිඩි එක දෙන්න
    ඒ හැර මැනුවල් prescriptions, වෙන රටක ඩොකෙක් ලියපු එවා වැලීඩ් නෑ බන්.
     
    • Like
    Reactions: lilman and NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    බෑ මචං
    අයි ඩි එකට ඩොක්ට ඇපොයින්මන්ට් එක වදින්නේ
    ඒකම තමයි ෆාමසියට ලින්ක් වෙන්නේ
    ෆාමසි ද බැංකුද, බස්කාඩ් ද, ලයිබ්‍රිද, බිල් පේමන්ට් ද, ස්කෝල, ලයිසන් එක, සෙල්ෆ් සර්විස් ෂොප් ඇතුලට යන්න හැම මගුලම දුවන්නේ අයිඩි එකෙන්
    ජොලියට වත් රිංගලා යන්න පුළුවන් තැනක් තාමට සෙට් උනේ නෑ

    ඩොකා අයිඩි එකට අදාලව බෙහෙත සිස්ටම් එකට දැම්මම මට තියෙන්නේ ෆාමසියේ එකාට අයිඩි එක දෙන්න
    ඒ හැර මැනුවල් prescriptions, වෙන රටක ඩොකෙක් ලියපු එවා වැලීඩ් නෑ බන්.
    koheda inne?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මේක සිරා
    වට් ද ෆක් වෙලා ඉන්නේ
    මට ලංකාවෙදි පීනස තිබ්බෙ නෑ
    දැන් මේ මගුල් සීතල නිසා නහට එල්ලන් ඉන්නේ උදේට
    යකෝ ෆාමසියකින් පෙත්තක් ගන්නත් ඩොක්ට ඇපෘ කරපු ඩොක් එකක් ඉල්ලනවා
    පෙන් කිලස් (පැනඩොල් ටයිප්), විටමින් ඔක්කෝම නම් සුපර්මාකට් වල තියේ
    ඒ හැර වෙන කිසිම දෙයක් ගන්න බෑ
    ඩොකෙක් ගාවට ගියත් ඌ බෙහෙත් දෙන්නෙත් නෑ. ඇගෙන්ම ඩිවලප් කරන රෙද්දක් කරනවා. ඒ බයිලේ අහන්නත් ඇපොයින්මන්ට් දාලා සතියක් විතර බලන් ඉඳලා තමයි සෙට් වෙන්නේ
    ඉමජන්සි කේස් වලට විතරයි මුන් සෙනිකව ඇටෙන්ඩ් වෙන්නේ
    උණ හෙම්බිරිස්සාව පඩේකට ගණන් ගන්න නෑ මුන්
    අපි හැදිලා තියෙන සිස්ටම් එක්ක පුදුම දුකක් මුල් ටිකේ වින්දේ නම්

    මොක කිව්වත් ලංකාවේ වගේ පෙත්තක් ගහලා වන් ෂොට් ගේම පිනිස් කරන සීන් එකට නම් මම අදටත් කැමති
    රට කොහෙද ලංකාවද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    වන් ෂොට් කියලා නම් හදාගෙන මිනිස්සුන්ට ඕවා දෙන ඩොකා ලා තමා ඕවට වග කියන්න ඕන..අනික ෆාමසි වල වැඩ කරන ගොබ්බයො..ඕකුන් තමා prescription නැතුව නිදි පෙතිත් දෙන්නේ ඕන ජරා වැඩක් කරන්න වැඩියෙන් ගෙව්වට පස්සේ...
     
    • Like
    Reactions: lilman

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ගොඩක් ළමයින්ට antibiotic දෙන එක අඩුකරලා තියෙන්නේ, bacteria infection වගේ නම් විතරයි දෙන්නේ

    View attachment 252466



    https://www.who.int/publications/m/...-combating-antimicrobial-resistance-2023-2028
    ඔව් මගේ පොඩි එකාට දැන් අවු 3 යි... ඩොකා එයාට ඇන්ටි බයෝටික් දෙන්නේම නෑ... එහෙම හරි ටික ටික වෙනස් වෙන එක හොදයි...
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    kohenda machan karagaththe? Accuracy kohomada? Mageth watch eke hatiyata VO2 max low
    Athlos lab එකෙන් බම්, අපේ ජිම් එකේ athletics කරන පොඩි උන් සෙට් එකක් (12 දෙනෙක් විතර) package එකක් දාලා උන්ගේ testing ටික කරගත්තා ගිය මාසේ john tarbet එකට කලින් කියලා මමත් ගියා උන් එක්ක driver විදියට, මට සම්පූර්ණ package එක ඕනි නැති නිසා මම රුපියල් 2000ක් ගෙවලා VO2 max එක කරගත්තා ආසාවට,

    තත්වය සෝචානීයයි බම්, උදේට 5mile run එකක් එහෙමත් දානවා daily ඒත් පට්ට අවුල් test එක බම්. කොහොමත් දැන් 30 පැනපු නාකියෙක් නේ කියලා හිත හදාගත්තා ඉතින් 😐
     
    • Like
    Reactions: Daminduwa

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ කතාව ඇත්ත. ප්‍රතිජීවක ගන්න ඕනේ අවශ්‍ය වෙලාවට විතරයි.

    තව දෙයක්.
    virus උණක් , කැස්සක් හැදුනෝත් දවස් 7-10 බලන්න කියන්නේ. එත් virus උණක් සමහරවෙලාවට බැක්ටීරියා අසාදනයකට යන්න පුළුවන්. මේක අපි තීරණය කරන්න කොහොමද කියන එක ගැටළුවක්.

    Copilet deyiyo !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    If someone has a fever caused by a virus, most cases resolve on their own within a few days to a week. However, you should see a doctor sooner if any of the following apply:

    For Adults:​

    • The fever lasts more than 3 days without improvement.
    • The fever is 104°F (40°C) or higher.
    • You experience severe symptomslike:
      • Trouble breathing
      • Chest pain
      • Severe headache
      • Stiff neck
      • Rash
      • Persistent vomiting or diarrhea
      • Confusion or difficulty waking up
        2
        1

    For Children:​

    • Fever lasts more than 2-3 days.
    • Temperature is 103°F (39.4°C) or higher in children over 1 year.
    • Any fever in infants under 3 months (100.4°F or higher) requires immediate medical attention
      2
      .

    General Rule:​

    If a viral fever persists beyond 7–10 days, or symptoms worsen instead of improving, it's important to consult a healthcare provider. Waiting 2–3 weeks is generally too long unless symptoms are clearly improving.

    It can be difficult to tell whether a viral infection has turned into a bacterial infection, but there are some key signs and symptoms that may suggest a secondary bacterial infection has developed:

    🔍 Signs That a Viral Infection May Have Become Bacterial:​

    1. Symptoms improve, then worsen again
      • This is a classic pattern: you start to feel better after a few days, then suddenly get worse with new or more intense symptoms.
    2. Fever that returns or persists beyond 3–5 days
      • Viral fevers usually resolve within a few days. A persistent or returning fevermay indicate a bacterial infection
        1
        .
    3. Localized pain
      • Bacterial infections often cause pain in a specific area, such as:
        • Sinuses (sinus infection)
        • Ears (ear infection)
        • Chest (pneumonia)
        • Throat (strep throat)
    4. Thick, discolored mucus
      • Green or yellow mucus alonedoesn’t confirm a bacterial infection, but if it’s accompanied by worsening symptoms, it may be a sign
        2
        .
    5. Swollen lymph nodes or white patches in the throat
      • These can be signs of bacterial infections like strep throat.
    6. Shortness of breath, chest pain, or confusion
      • These are more serious symptoms and should prompt immediate medical attention.

    🧪 How to Know for Sure:​

    • Only a healthcare providercan confirm a bacterial infection through:
      • Physical examination
      • Lab tests (e.g., throat swab, blood test, urine test)
      • Imaging (e.g., chest X-ray for pneumonia)

    🩺 When to See a Doctor:​

    • If symptoms last more than 10 days without improvement
    • If symptoms worsen after initial improvement
    • If you experience high fever, severe pain, or difficulty breathing
    ------ Post added on Jun 20, 2025 at 9:34 PM
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    ලංකාවේ ගොඩක් දොස්තරලට බෙහෙත් ගැන අවබෝදයක් නැහැ බං. ඇත්ත ඒකයි GP කෙනෙක් ගාවට ගිහිං Alprazolam ලියාගන්න පුළුවන් කිසි ගේමක් නැහැ. දොස්තරලා බෙහෙත් Interact වෙන විදිහ ගැන දන්නෙ නැහැ. සමහර දොස්තරලා හිතං ඉන්නෙ Benzodiazepines කියන්නෙ නිදි පෙති කියලා. සම්පුර්න වැරදි අදහසක්.

    Psychiatristලා පවා බලන්නෙ එන ලෙඩාව උපරිම ස්ට්‍රොන්ග් එක දීලා අල්ලලා තියාගන්න. සමහරු ඒවාගෙ Withdrawals/ Side Effects ගැන දන්නෙ නැහැ. Ritalin/ Benzo මම ලියාගෙන තියෙනවා 1st විසිට් වලින්. ඒ වගේ බෙහෙත් දෙන්න කලින් ගොඩක් දේවල් කරන්න ඕනෙ හොයලා බලන්න ඕනෙ.
    පාමසි වල වැඩ කරන එවුන් ඔක්කොටොම හපන්. එක පාරක් Epilepsy තියන පොරකට බෙහෙත් ගේන්න ගියා. Clonazepam Dosage එක දැකලා මගෙන් අහනවා ඇයි මෙච්චර නිදි පෙති බොන්නෙ කියල. Seizure Med එකක් කියලවත් දන්නෙ නැහැ පාමසිස්ට්.
    Citicoline බොන්නෙ මොනවටද?