Koththamalliඅනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන්
මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන තියෙන්නේ 1987දී.
හිතන්න! වසර 40කට ආසන්න කාලයේදී කිසිම අලුත් ප්‍රතිජීවකයක් සොයාගෙන නැහැ!!
දැනට අපි භාවිතා කරන ප්‍රතිජීවක ශීඝ්‍රයෙන් ප්‍රතිරෝධී (resistant) වෙමින් යන්නේ. ඒ කියන්නේ antibioticsවලට ඔරොත්තු දෙන විදිහට බැක්ටීරියා හැඩගැහිලා.
ඒකට ප්‍රධාන හේතු මිනිස් ක්‍රියාකාරකම් තමයි. පොඩි හෙම්බිරිසාවටත් one-shot කියලා දඩ antibiotics දෙන එකෙත්, සතියකට දෙන බෙහෙත් දවසක් දෙකක් බීලා නවත්තන එකෙත්, දොස්තර කෙනෙකුගේ අනුමැතිය නැතුව හිතුණු හිතුණු විදිහට ෆාමසියේ අයියගෙන් antibiotics ඉල්ල ගන්න එකෙත් ප්‍රතිවිපාක තව අවුරුදු 10-15ක් යද්දි බලාගන්න පුළුවන්.
බටහිර රටවල් මේ අනතුර අදුනගෙන පිළියම් යොදන්න පටන් අරන් දැන් ගොඩක් කල්. ඒ රටවල antibiotics කියන්නේ රත්තරන් වගේ. උණකට හෙම්බිරිසාවකට නම් දෙන්නෙම නෑ. Antibiotic එකක් ගන්න hospital ඇඩ්මිට් වෙන්නවත් ඕන. ඒකට අපේ රටවල්. තුන්වේලට බත් කනවා වගේ antibiotics ගන්නේ
මේවා නියාමනය කරන්න රාජ්‍ය මැදිහත්වීම සහිත දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අවුරුදු ගාණක් දැනටමත් පරක්කුයි. පුරවැසියන් විදියට අපිටත් වගකීමක් තියනවා. පොඩි හෙම්බිරිසාවටත් antibiotic හොයන්නෙපානැත්තම් තව ටික කාලෙකින් කඩදාසියකට ඇගිල්ල හීරුණත් මැරෙන්න වෙන තත්ත්වයක් එන්න පුළුවන්
වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ..
#AntibioticResistance #healthtips #awareness #drterash
![]()
Samahan
ඔය කොහේ හරි රටක නමක් හිතාගනින් බන්.