මටත් හිතෙන්නෙ මේක තමා වඩාත් නිවැරදිම පිළිතුර.
Edited
ෆීල්ඩ් තියරි, පැතිරුනු බව සහ ඒකත්වය කියන්නෙ මොනවද? ඒවා විද්‍යාවට දායක වුනේ කොහොමද. ගුගුල් කලාට පැහැදිලි අදහසක් ගන්න බැරිවුනා.
ඔය දෙකේ සම්බන්දයක් නම් මන් හිතන්නෑ කවුරුත් විස්තරාත්මකව කතා කරල ඇති කියල මොකද එහෙම ලොකු සම්බන්දයක් නෑ කතා කරන්න. කල්චරල් කාරනයක සමාන බව ඇරුනම.
ෆීල්ඩ් තියරි ක්ෂේත්‍ර න්‍යාය කියන්නෙ සම්භාව්‍ය භෞතිකයෙ එක්දාස් අටසිය ගණන් වල ආපු උනන්දුවක්. කලින් වෙන වෙනම ලියපු බල නියම, චලිත සමීකරණ වගේ ඒව එක ෆ්‍රේම්වර්ක් එකකින් පැනනඟින විදිහට පිළිවෙල කරන්න තිබ්බ උවමනාවක් ආව. මෙහෙම දෙයක් කරන්න පුලුවන්, ඒකට ක්ෂේත්‍ර ගැලපෙනව කියල හිතෙන්නෙ ෆැරඩේ, මැක්ස්වෙල්ගෙ කාලෙ මොකද ඇඟට දැනෙන (intuitive) ක්ෂේත්‍ර අපිට හම්බවෙන්නෙ විද්‍යුත් චුම්බකත්වය ගැන කතාකරද්දි නිසා. පස්සෙ හැමිල්ටන් නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙ ගතික නියම ඔක්කොම එක අදිශ ක්ෂේත්‍රයකින් ලියන්න ක්‍රමයක් සූත්‍රගත කලා. පස්සෙ මැක්ස්වෙල් සමීකරණත් ඔය ක්‍රමෙන්ම ජනනය පුලුවන් උනා. ජනනය වෙනව කියන්නෙ යම් විශේෂ අදිශ ශ්‍රිතයක් අනුකලනය කලාම ඔක්කොම ක්ෂේත්‍ර සමීකරණ එනව. මේකෙ අදහස මොකක් හෝ හේතුවක් නිසා පදාර්ථ ක්ෂේත්‍ර එක්ක ක්‍රියාකරන විදිහ සහ ඒ නිසා හැසිරීම තීරණය වෙන විදිහ (dynamics සහ kinematics) ක්ෂේත්‍රයකින් කතා කරන්න පුලුවන් වෙන එක.
පස්සෙ ක්වොන්ටම් යාන්ත්‍රිකය හැදුන කාලෙ ඒකත් අර මුලින්ම නිව්ටන් සමීකරණ තිබ්බ කාලෙ වගේ තමා—ඒව ක්ෂේත්‍ර න්‍යායන් විදිහට ලියන්න පුලුවන් වෙනකල් ඒ ගැන ලොකු තෘප්තියක් තිබ්බෙ නෑ. පස්සෙ සිද්ද උන වැඩි දියුනුවීම් ගණනාවක් නිසා ක්වොන්ටම් භෞතිකයත් අද ක්ෂේත්‍ර න්‍යායක් වෙලා තියෙනව (QFT). ගුරුත්වය හැර මූලික බල ටික එක ක්ෂේත්‍රයකිනුත් මූලික පදාර්ථ ටික තව ක්ෂේත්‍රයකිනුත් පැනනඟිනව කියල කෙලින්ම ක්ෂේත්‍ර වලින් කතාකරනව-- ගේජ් ක්ෂේත්‍රයක් අවකලනය කරපුවම ෆෝටෝනයක් එනව, ෆර්මියොන් ක්ෂේත්‍රයකට තව ගණිතමය ඔපරේෂන් එකක් කරපුවම ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනව අරව මේව. අවකාශය පුරා පැතිරිලා තියෙන නමුත් වෙන වෙනම තියෙන මේ සියලුම ක්ෂේත්‍ර එකිනෙකා එක්ක අන්තර්ක්‍රියා කරන විදිහ, ඒ ක්ෂේත්‍ර වෙන වෙනම පදාර්ථ ප්‍රාතූර්භූත කරනය ගැන කතාකරන එකට තමා අද වෙද්දි මොඩර්න් ෆිසික්ස් කියන්නෙ. අලුත් සිද්ධාන්තයක් හැදුනත් ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියන්න බැරිනම් ඒක එලිගන්ට් සිද්ධාන්තයක් විදිහට ගැනෙන්නෙත් නෑ.
මම කලින් කිව්ව වගේ ඒබ්‍රහමික දෙවියා ගැන තියෙන සම්බන්දෙ ඉතාම සුපර්ෆිෂල්. එහෙම විශේෂ දායකත්වයක් උනා කියල මන් හිතන්නෙ නෑ නමුත් ක්ෂේත්‍ර වලම එල්බ ගැනීම, හැමදේම එක තැනකට ගොනුකරල හවුස්කීප් කර්න්න තිබ්බ උවමනාව ඒ සමාජයට අන්තර්ඥාණයෙන්ම එන දෙයක් වගේ පේනව.
මේව මතුපිට සමානකම්. ඇත්තටම ඔය වගේම සමානකම් වේදික දර්ශනයෙත් තියෙනව ඒකෙත් සින්ගියුලර් ප්‍රභවයක් ගැන කියන නිසා. ඒ නිසායි වෘත්තයේ ජ්‍යාමිතියට ගැලපෙන නිසායි වෙන්න ඕනෙ CERN එකේ ශිව දෙවියන්ගෙ නටරාජා ප්‍රතිමාවක් තියල තියෙනව. මොකද විද්‍යාඥයො කියන්නෙ සංස්කෘතික මිනිස්සු. ඕඔඅන්හයිමර් ට භගවත් ගීතාව ස්ථානෝචිතව මතක් වෙනව. ඒ තම තමන්ගෙ පසුබිම.