කොච්චර අඩුද කියනවා නම් හොස්පිටල් වල බෙහෙත් නෑ දැන්
ඊයේ ජනාධිපති අනුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන මරු කතාවක් කිව්වා.
වැල් වටාරම් නැතිව ඔහු සරලවම කිව්වේ 'වෙනත් රටවල ක්‍රියාත්මක රෙෆරල් ක්‍රමය ලංකාවටත් හඳුන්වා දෙනවා' කියලා.
ඉස්සර ෆේස්බුක් එකේ 'අනේ මේ රටේ අපිට දොස්තර හම්බ වෙන්න දවස් ගානක් ගියා, ඔයාලා නම් ලකී' කියලා හෑලි ලියන පිටරට උදවිය ඒක අහලා සෑහෙන සතුටෙන් පිනා ගිහින් තිබුණා.
ඔවුන්ට නැති, ලංකාවේ මිනිස්සුන්ට තියෙන තවත් ආතල් එකක් අනුරලා කුඩු කරන නිසා වෙන්න ඇති.
කොහොමවුනත් ඒවා අනුරලා සහ අනුරලාට ඡන්දෙ දීපු මිනිස්සු බේර ගනීවි.
නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතලම අර්බුධය ඒක නෙවෙයි.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බෙහෙත් නැහැ.
බෙහෙත් නෑ කියන්නේ, ප්‍රමිතියෙන් උසස් බෙහෙත් වර්ග බොහෝමයක් ලංකාවේ නැහැ.
ඒකට ප්‍රධානම හේතුව ඖෂධ නියාමන අධිකාරිය විසින් පනවා තිබෙන පාලන මිල.
එම නිසා බොහෝ ප්‍රමිතියෙන් උසස් යුරෝපා, ඇමෙරිකානු බෙහෙත් ශ්‍රී ලංකාවට ගෙනෙන්න බැහැ.
ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ දැන් තියෙන්නේ පාලන මිලට ගේන්න පුලුවන් ප්‍රමිතියේ බෙහෙත්.
මේක ඉතාම අසාධාරණ, තක්කඩි කොමියුනිස්ට් වැඩක්.
රජය බෙහෙත් වලට පාලන මිලක් දානවා නම්, සෑම ප්‍රමිතියකම සෑම බෙහෙතක්ම රජයේ රෝහල් වල තිබිය යුතුයි.
එහෙම නම් මිනිස්සුන්ට ගැටළුවක් නැතිව රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න පුලුවන්.
හැබැයි රජයේ රෝහල් වල ප්‍රමිතිගත බෙහෙත් තියා අත්‍යවශ්‍ය ඖෂධ හෝ නැහැ.
එහෙම නම්, මිල දරන්න පුලුවන් මනුස්සයෙකුට ඒ මිලෙන් බෙහෙත මිලට ලබා ගැනීමේ විකල්පය විවෘතව තිබිය යුතුයි.
නමුත් ආනන්ද විජේවික්‍රම සහ ඖෂධ නියාමන අධිකාරිය ඒ විකල්පයත් මිනිස්සුන්ට නැති කරලා.
දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයෙන් ප්‍රමිතිගත බෙහෙත් ගෙන එන්නේ නැහැ.
එතන තවත් ගැටළුවක් තියෙනවා.
බෙහෙත් කර්මාන්තය කියන්නේ දවසින් දවස දියුණු වෙන, අප්ඩේට් වෙන තැනක්.
ලෝකයේ බොහෝ රෝග වලට අලුත් බෙහෙර්හ් හොයාගන්නේ ඇමෙරිකාවේ සහ යුරෝපා කලාපයේ.
ඒ බෙහෙත් දැන් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ.
ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
ලෝකයේ අලුත් බෙහෙත් , අලුත් තාක්ෂණය මීට කාලෙකට කළින් ශ්‍රී ලංකාවට ඉතාම ඉක්මණින් ආවා.
පුද්ගලික අංශය ඒ වැඩේට මුල් වුණා.
විශේෂයෙන්ම මෑත කාලයේ අතුරු ආබාධ අවම, ඉතා දියුණු බර අඩු කරන ආදී ඖෂධ ෆයිසර් ආදී සමාගම් වලින් නිපදවලා තියෙනවා.
ඒවා ඇමෙරිකාවේ, යුරෝපයේ වගේම ආසියාවෙත් භාවිතා වෙනවා.
නමුත් මේ පාලන මිල නිසා ඒ ඖෂධ ශ්‍රී ලංකාවට එන්නේ නැහැ.
මේක තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇත්ත ගැටළුව.
මෙහෙම තියෙද්දී මිනිස්සුන්ට රජයේ රෝහල් වලත් ඇක්සස් නැති කරාම මරු!
------
Post added on Sep 7, 2026 at 8:00 PM
මුන් step 3 k දාන්නද මන්දා යන්නේ. Consultant හම්බෙදිද් ලෙඩා මැරිලා
------
Post added on Sep 7, 2026 at 8:01 PM