🫴 ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක... දිනකට රු. බිලියන 6.5ක් ණය ගනී...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    රට මේ වන විට දැඩි ණය අර්බුදයකට පත්ව සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි.

    ඔහු පවසන්නේ පසුගිය මාස විසි හයක කාලයකදී ලබාගන්නා ලද දේශීය ණය ප‍්‍රමාණය සැලකීමේදී දෛනිකව රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ජනතාව ණයකරුවන් කර ඇති බවයි.

    මෙම තත්ත්වය මත නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදු කළ යුතු බවද හෙතෙම කියා සිටියි.

    “සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ.

    ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ.

    මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ.”

    LCN
     
    Last edited:
    • Like
    Reactions: wawula

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    දැන්වත් අමාරුවෙන් හරි මේක ගොඩදාන්න ඉඩදීලා නාකි වහන්තරා දෙකයි, අනන්තර කයිෆ මානසික රෝගියයි පැත්තකට වෙලා ඉන්නව නං හරි.

    2.50 එවුන් නං කොහොමත් ගනන් ගන්නෙ නෑ 🫢
     

    gama22

    Well-known member
  • Your paragraph text(2).jpg
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම තව තැනක මේකටම පැහැදිළි කළා ඔය කියන්නේ මොකක්ද කියල. ආණ්ඩුවක් බිල් ගෙවන්න කරන්ට් අකවුන්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ, රුපියල් බිලියන ගානක් එහෙම තියන් පාවිච්චි කරන එක ප්‍රායෝගික නැහැ, ඔහොම වෙලාවට කරන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන එක. රටේ පඩි ගෙවන්න, පැන්ෂන් ගෙවන්න, දුප්පත් මිනිසුන්ගේ දීමනා ගෙවන්නේ ඔය සල්ලි වලින්, සහෝදරතුමාට ඔය වියදම් අඩු කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි.
     

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    323
    733
    93
    කැම්පේන් එකට දුන්න සල්ලි තව ඉතුරුයි වගේ :lol: