1වන ලෝක සංග්‍රාමයේ අවසන් සමයේ අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    1වන ලෝක සංග්‍රාමයේ අවසන් සමයේ අවි

    M154Lm5.jpg

    ගුවන් යානා,මැෂින් තුවක්කු,ගුවන් නැව්,සබ්මැරීන යනු 1914 වන විට යුරෝපය සතුව තිබූ හොඳම අවි විය.නමුත් ඒ කිසිවක් පළමු ලෝක යුද්ධය වන තෙක් මහා පරිමාණයෙන් භාවිතා නොකලේය.ඉන් බොහොමයක් දියුණු කරන ලදුව දෙවන ලෝක යුද්ධයේ මහත් විනාශයක් කිරීමට භාවිතා කරන ලදි.




    මැෂින් තුවක්කු

    1M4quHe.jpg
    MP-18 මැෂින් තුවක්කුව​

    අගල්වල සටන් සඳහා විශේෂයෙන් නිපදවූ ජර්මන් බර්ග්මන් MP-18 යනු ඉතිහාසය තුල පළමුවරට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කල අර්ධ-මැෂින් තුවක්කුවකි.ඊට මි.මී.9 පිස්තෝල උණ්ඩ 500ක් මිනිත්තුවක් තුල නිකුත් කිරීමේ හැකියාව තිබිණි.අඩි දෙක හමාරක් දිග ,රාත්තල් නවයක් බර මෙම අවිය සමීප සටන් සඳහා වඩාත් සුදුසු විය.1918 වසරේදී මෙවැනි අවි 10,000ක් පමණ නිෂ්පාදනය කර තිබේ.මෙම අවියේ මාරාන්තික බව පළමුවරට දිස්වූයේ ලූඩෙන්ඩෝර්ෆ් සටනේදීය(Spring Offensive 1918.03.21 - 1918.07.18).





    උපාය මාර්ගික බෝම්බ හෙළන යානා

    Em0PCx3.jpg
    Gotha G.V​

    B-24 ලිබරේටර්, B-29 සුපර්ෆෝර්ට්‍රෙස් සහ දැවැන්ත ඇව්‍රෝ ලැන්කෙස්ටර් යනු දෙවන ලෝක යුද සමයේ භාවිතා කල කැපීපෙනෙන බෝම්බ හෙළන යානාය.ගුවන් යානා තාක්ෂණය එතරම් දියුණු නොවූ දෙවන ලෝක යුද සමයේදී ජර්මනිය භාවිතා කල ගෝතා ජී.වී. යානය දිගු දුර මෙහෙයුම් සඳහා යොදාගත් පළමු බෝම්බ හෙළන යානය විය.එම යානා යොදාගෙන ජර්මනිය විසින් දෙවන ලෝක යුද්ධයේ අවසන් වසරේදී දකුණුදිග එංගලන්තයට බෝම්බ හෙළන ලදි.සංග්‍රාමයේ අවසන් සති කිහිපය තුල බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවටත් Handley Page V/1500 නම් බෝම්බ හෙළන යානා ලැබිණි.ඒවා යොදාගෙන ජර්මනියේ බර්ලින් නගරයට බෝම්බ හෙළීමට සැලසුම් සකස් කර තිබිණි.එහිදී මෙම යානා යොදාගෙන ටොන් 10 ක පමණ බෝම්බ ජර්මන් අගනුවරට හෙළන්නට සූදානමින් සිටියද ඊට දිනකට පෙර යුද්ධය අවසන් විය.





    සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ

    fV0PmEm.jpg
    Mark IX​

    සෙබලුන් ප්‍රවාහනය කරන නූතන රථ ලෙස බ්‍රිතාන්‍ය වොරියර්,ඇමෙරිකානු බ්‍රෑඩ්ලි සහ රුසියානු බීටීආර්-80 යන රථ අතිශය ජනප්‍රියය.මේවා හි ආදිතමයා වන්නේ බ්‍රිතාන්‍ය මාර්ක්-9 නම් රථයයි.පළමු ලෝක යුද සමයේ බහුලවම දක්නට ලැබුණු අගල් තරණය කරමින් ඉදිරි පෙරමුණට සෙබලුන් ගෙන යා හැකි අයුරින් මෙම රථය නිර්මාණය කර තිබිණි.මෙය බ්‍රිතාන්‍ය මාර්ක්-5 යුද ටැංකියේ දිගැටි සංස්කරණයක් වූ අතර දිගින් අඩි 30 සහ බරින් ටොන් 27ක් විය.ඊට යොදා තිබූ පටබැඳි නාමය වූයේ "ඌරා"යන්නයි.මෙහි සෙබලුන් 30ක් රැගෙන යාමට පුලුවනි.පැයට කි.මී.7ක පමණ වේගයකින් ධාවනය වූ Mark IX රථයේ ඉදිරිපස මැෂින් තුවක්කුවක් තිබිණි.එහි දෙපස තිබූ සිදුරුවලින් සිය රයිෆල් එළියට දමා වෙඩි තැබීමට ඇතුලත සිටි සෙබලුන්ට හැකියාව තිබිණි.Mark IX රථ 34 නිපදවූ නමුත් ඒ කිසිවක් පළමු ලෝක සංග්‍රාම භූමිය තුල දක්නට නොලැබුණි.





    සෝනාර්

    lClDBkC.jpg
    ජර්මන් සබ්මැරීනයක්​

    මිත්‍ර පාර්ශ්වික රටවල සිටි රොබර්ට් විලියම් බොයිලේ(නිව්ෆවුන්ඩ්ලන්තය),පෝල් ලැන්ගෙවින්(ප්‍රංශය),අර්න්ස්ට් රදර්ෆර්ඩ්(නවසීලන්තය)ආදී පර්යේෂකයන්ගේ උත්සාහයෙන් 1917 වසරේදී ලොව ප්‍රථම හමුදා සෝනාර් තාක්ෂණය බිහිවිය.එය පසුව ASDIC යන කේත නාමයෙන් හඳුන්වන ලදි.මෙය සබ්මැරීනවලට දිය යටදී සිය ඉලක්කය සොයා යෑමට උපකාරී විය.





    ගුවන් යානා ප්‍රවාහන නෞකා

    4UHIQ8u.jpg
    HMS Argus​

    යුද නෞකා පළමු ලෝක යුද්ධයේ මුහුදේ සිය ආධිපත්‍ය දරන විට එහි දෙවැනි තැන ගත්තේ ගුවන් යානා ප්‍රවාහන නෞකාය.1914 වසරට පෙර ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා,මුහුදේ සිට ගුවන් යානා දියත් කිරීම සම්බන්ධව පර්යේෂණවල නියැලී සිටියහ.රටවල් දෙකෙහිම නිර්මාණකරුවන් මෙහිදී cruisers සහ battleships නෞකාවලට ගුවන් යානා ගොඩබෑමට හැකි වේදිකා සවිකර භාවිතා කරන ලදි.1914 වසරේදී අධිකාරලත් HMS Ark Royal නම් නෞකාව එවැනි එකකි.මෙහිදී ජලය මතට ගොඩබසින්නට හැකි ලෙස තැනූ ගුවන් යානා මෙම නෞකාවේ තට්ටුව මතට ගෙන එන ලදි.Battlecruiser වර්ගයේ නෞකාවක් වූ HMS Furious සතුව එකිනෙකට වෙනස් ඉදිරිපස සහ පිටුපස තට්ටු දෙකක් විය.එක් තට්ටුවකින් ගුවන් යානා දියත් කරන ලදි.HMS Furious නෞකාවේ සිට Sopwith Camel වර්ගයේ ගුවන් යානයක් 1918 ජූලි 19 දා දියත් කරන ලදි.ජර්මනියේ ගුවන් නැව් කඳවුරකට පහරදීමේ මෙහෙයුම සඳහා එම යානය පිටත් කර යැවුණු අතර මෙහෙයුමෙන් පසුව නියමුවාට සිය යානය නෞකාවට ගොඩබැස්සවීමට නොහැකිවිය.1918 සැපැතැම්බර් මාසයේදී අධිකාරලත් HMS Argus නෞකාව නූතන ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට සමානකම් දැක්වූ පළමු නෞකාව ලෙස ඉතිහාස ගත වේ.එහි ගුවන් පථය අඩි 565ක් දිගය.ගුවන් යානා 18 එහි රැගෙන යා හැකිවිය.පළමු ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව මෙම නෞකාව සේවයෙන් ඉවත් කලද යළිත් දෙවන ලෝක යුද්ධය සඳහා යොදාගන්නා ලදි.





    ලෝහයෙන් තැනූ ප්‍රහාරක යානා

    fvplUkN.jpg
    Junkers J-2​

    1916 ජූලි 11 දා Junkers J-2 යානය ගුවන් ගත වූයේ අනාගත ගුවන්තරණයේ වෙනසක් සිදුකරන බවට ඉඟි පළකරමින්ය.එය එසේම සිදුවිය.මෙම යානය ලෝහයෙන් පමණක් නිර්මාණය කල ලොව ප්‍රථම යුද ගුවන් යානය විය.ඒ නිසාම එය “iron aircraft” යන නමින් හඳුන්වන ලදි.මොනොප්ලේන් වර්ගයේ මෙම යානාවේ රාමුව ඊළඟ පරම්පරාවේ යුද ගුවන් යානාවලට පුර්වගාමියෙක් විය.ලෝහයෙන් තැනූ යුද ගුවන් යානා වඩා ස්ථායි සහ කල්පවතින යානා මෙන්ම වැඩි වේගයක් සහ කඩිසරබවක් ලබාදෙන ඒවා වුවද J-2 යානය අත්හදා බලද්දී එම අපේක්ෂාවන් සිහිනයක් බවට පත්වූයේ මෙම යානය බරින් වැඩි සේම අඩු වේගයක් සහිත වීම නිසාය.J-2 යානා හයක් නිපදවූ අතර කිසිවක් පළමු ලෝක යුද්ධයට සම්බන්ධ කර නොගන්නා ලදි.කෙසේ වෙතත් J-2 යානය තුලින් උගත් පාඩම් ඇසුරින් නිපදවූ Messerschmitt Bf-109 ,Hawker Hurricane සහ Spitfire ආදී සුපිරි ප්‍රහාරක යානා දෙවන ලෝක සංග්‍රාමය සඳහා යෙදවිණි.





    සුපිරි කාලතුවක්කු

    d30lZIv.jpg
    Paris Gun​

    ඉතිහාසයේ ප්‍රථම දිගුදුර කාලතුවක්කු අවිය වූ ජර්මනිය නිපදවූ පැරිස් ගන් නම් කාලතුවක්කුවයි.කි.මී.130 දුරට වෙඩි තැබීමට හැකි මෙම අවිය 1918 මාර්තු මාසයේ ප්‍රථම වරට ප්‍රංශයට එරෙහිව පාවිච්චි කරන ලදි.එහි උණ්ඩ ප්‍රංශ නගරයකට වැටෙන විට ප්‍රංශ ජාතිකයින් සිතා ඇත්තේ ඉහල අහසේ ගමන් කරන ජර්මන් ගුවන් නැවකින් බෝම්බ දමනවා යැයි කියාය.පළමු දිනයේදී නගරයට මෙම අවියෙන් ප්‍රහාර 21ක් එල්ල කර තිබේ.එක් උණ්ඩයක් රාත්තල් 200ක බරකින් යුක්ත විය.නමුත් උණ්ඩ වට 60 නිකුත් කිරීමෙන් පසුව එම වෙනුවට වෙනත් අවියක් යෙදවීමට සිදුවිය.ප්‍රහාරවලින් සිවිල් වැසියන් 256ක් මරණයට පත්විය.එක් ප්‍රහාරයක් එල්ල වූයේ සිකුරාදා දිනෙක පල්ලියක සිටි පිරිසක් වෙතයි.ඉන් 68 දෙනෙකුට ජීවිත අහිමිවිය.යුද්ධයේ අවසන් සති කිහිපයේදී මෙම දැවැන්ත අවිය සටන් බිමෙන් ඉවත් කරගන්නා ලදි.යුද්ධය අවසන් වන්නට පෙර ජර්මනිය මෙම අවිය කොටස් කරන ලදි.මිනිසා විසින් තැනූ අපරිවර්තී ගෝලයට වස්තුවක් යැවීමට හැකිවූ පළමු උපාංගය වූයේ මෙයයි.මෙහි වැඩිදියුණු කරන ලද අවියක් යොදාගෙන ප්‍රංශයේ සිට බ්‍රිතාන්‍යට පහර දෙන්නට දෙවන ලෝක යුද්ධයේදි ජර්මනිය සැලසුම් කර තිබිණි.





    කෲස් මිසයිලවල සහ ඩ්‍රෝන් යානාවල ආදිතමයා

    kzI3KG4.jpg
    Kettering Bug​

    ඇමෙරිකා එක්සත් ජනපදය නිපදවන ලද කෙටරින් බග් නම් කුඩා ප්‍රමාණයේ බයිප්ලේන් වර්ගයේ ගුවන් යානය නූතන කෲස් මිසයිලවල ආදිතමයා ලෙස සැලකිය හැකිය.තවත් විටෙක එය මිනිසෙක් රහිතව පියාසර කරන ඩ්‍රෝන් යානයකට සමාන කල හැකිය.මෙය පියාඹන බෝම්බයක් ලෙස හැඳින්වීමට පුලුවනි.අශ්ව බල 40ක සිලින්ඩර් 4හි එන්ජිමක් සහිත ලී රාමුවකින් යුක්ත මෙම යානය පැයට කි.මී.80ක වේගයෙන් පියාසර කර තිබේ.ඇමෙරිකාව මෙවැනි ගුවන් යානා 45ක් නිපදවා තිබෙන්නේ එකකට ඇ.ඩො. 400 බැගින්ය.මෙම පියාඹන බෝම්බ වල නිරවද්‍යතාවය 30%ක් විය.මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානුවන් කාලයක් තිස්සේ රහසක් ලෙස තබාගෙන තිබිණි.මෙම අවියද 1918 වර්ෂයේදී නිපදවන ලද මුත් පළමු ලෝක යුද්ධය සඳහා යොදාගැනීමට නොහැකිව තිබේ.නමුත් 1920 වර්ෂය තෙක් මෙම අවිය සම්බන්ධ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන ගොස් තිබේ.





    යුද ටැංකි නාශක රොකට් විදිනය

    viWUk3t.jpg
    M1 Bazooka​

    1942 වසරේදී පළමුවරට යුද බිමට යවන ලද ඇමෙරිකාවේ ප්‍රසිද්ධතම අතේ ගෙන යා හැකි යුද ටැංකි නාශක රොකට් විදිනය,එනම් "බසූකා" නම් නිල නොවන නමින් හැඳින්වූ අවිය උපන්නේ පළමු ලෝක යුද්ධයේ අවසන් දින කිහිපය තුලයි.මෙම අවිය නිපදවූයේ ක්ලාක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක් වූ එවකට 36 හැවිරිදි වියේ පසුවූ රොකට් තාක්ෂණය සම්බන්ධ විද්‍යාඥයෙක් වූ රොබට් හචින්ස් ගෝඩාඩාර්ඩ් විසින්ය.1918 නොවැම්බර් 6 දා ඔහු විසින් මෙම අවියේ මූලාකෘතියක් ප්‍රදර්ශනය කරන ලදි.නමුත් දින පහකට පසුව පළමු ලෝක යුද්ධය අවසන් වූ අතර 20 පමණ ගතවන තුරු මෙම අවිය ගැන සැලකිල්ලක් නොදක්වන ලදි.




    Source:militaryhistorynow.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura